මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් ළමයින් වෙළඳාම් කටයුතු සඳහා යොදවන පාර්ශවයන් පිළිබඳව සොයා බැලීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් විශේෂ ආවේක්ෂණ (Surveillance) කණ්ඩායමක් දිවයිනේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව යොදවා ඇති බව සඳහන් වේ.
ළමයින්ගේ, දෙමව්පියන් හෝ භාරකරුවන්ට වුවද ළමයෙකු මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් වෙළඳාමේ යෙදවිය නොහැකි අතර ඇතැම් ස්ථානවල ළමයින් පෙන්වා ඔවුන්ට දරුණු අසනීප ඇති බව පවසා සාමාන්‍ය ජනතාවගෙන් මුදල් එකතු කිරීමේ සිදුවීම් හා මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් ළමයින්ව වෙළඳාම් කටයුතු සඳහා යොදවා ගැනීමේ සිදුවීම් පිළිබඳ තොරතුරු ජාතික ළමා ආරක්ෂක අධිකාරියට වාර්ථා වී ඇති බවත් පැවසේ.
ඒ අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් මේ පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ ආවේක්ෂණ කණ්ඩායමක් යොදවා ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.