යාපනයෙන් මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත විශාල වශයෙන් එළවළු තොග ලැබීමත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල සීඝ්රයෙන් පහත වැටී ඇති බව වාර්ථා වේ.
එමෙන්ම එම නිසා පසුගිය සතියේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විශාල වශයෙන් ඉහළ ගොස් තිබූ එළවළු තොග මිල මේ වන විට විශාල වශයෙන් පහත වැටී ඇති බව පැවසේ.
පසුගිය වසරවලට වඩා මෙවර යාපනය අර්ධද්වීපයේ එළවළු අස්වැන්න ඉතාමත් සාර්ථකව පැවතියතියද, තම නිෂ්පාදන වලට මිලක් නොමැති වීම නිසා ගොවීහු දැඩි අසීරුතාවයකට පත්ව තිබෙන බව වැඩිදුරටත් සඳහන් වේ.