topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වැලිකඩ බන්ධනාගාර ”රෝහල් වෛද්‍ය මාෆිියාව” ගැන තවත් LNC හෙළිදරව්වක්.

Welikada_Prison_Hospital

  • මත්කුඩු ජාවාරම්කරුවෙකු නිසා වැලිකඩ බන්ධනාගාර රෝහල් වෛද්‍ය චන්දනගේ අතමිට සරුවේ.
  • පරණ අවුරුද්දේ වැඩ අත්හලේත්, අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලුවේත් මහා පරිමාණ අල්ලසකින් බව බන්ධනාගාර පොඩ්ඩෝ කියයි.
  • අල්ලස් දුන් කුඩු රහීම් සැප සම්පත් විදිමින් සුපිරි වාට්ටුවේ.
  • රෝග විනිශ්චය පහරදීමක් නිසා ඇතිවූ සිහිමුර්ජා වීමක් සහ ශරීර සමතුලිතතාව නැති වීමලු.
  • සිහිමුර්ජා වූවා යැයි කියන කුඩු රහීම් වාට්ටුවල හැමතැනම ඇවිදී.. නමුත් නියම කොට ඇත්තේ සේලයින් ලබා දීමට සහ CT scan පරීක්ෂණයක් කිරීමටලු.
  • ප්‍රධාන වෛද්‍ය මල්වත්තටත්, මැගසින් බන්ධනාගාර අධිකාරීටත් අල්ලස් මුදලින් භාගයක් දිය යුතු බව වෛද්‍ය චන්දන වෘත්තීයවේදී තැරව්කරුවාට කියයි.
  • කුඩු රහීම්  වැඩිදුර රෝහලේ තියාගන්න විශේෂඥ වෛද්‍යවරයාටත් අල්ලස් ලංසුවක්.

ඉන්දියාවේ සිට මෙරටට රෙදිපිළි ගෙන්වන මුවාවෙන් මත්කුඩු ජාවාරම් කරන්නේ යැයි සහ මෙරටින් නීති විරෝධී ලෙස රත්රන් ඉන්දියාවට ගෙනගොස් මහා පරිමාණ ජාවාරමක් කරන්නේ යැයි සැකපිට ප්‍රධාන පෙළේ ධනවත් මත්කුඩු ව්‍යාපාරිකයෙකු 2018/04/06 දින පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර එදිනම ඔහු රිමාන්ඩ් බන්ධනාගාරයට පත්කර ඇත. මැගසින් බන්ධනාගාරයට යැවුණු අබ්දුල් රහීම් නමැති මෙම මත්කුඩු ව්‍යාපාරිකයාගේ රිමාන්ඩ් සිරකරු අංකය 2504 වේ.

සුපුරුදු පරිදි මහා පරිමාණ ව්‍යාපාරිකයින් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රිමාන්ඩ් බන්ධනාගාර ගතවන විට ක්‍රියාත්මක වන ඔවුන් බන්ධනාගාර රෝහල්ගත කිරීමේ ක්‍රියාවලිය කුඩු ව්‍යාපාරික අබ්දුල් රහීම් වෙනුවෙන්ද ක්‍රියාත්මක විය. බන්ධනාගාර ගත කිරීමේ අධිකරණ නියෝගයෙන් පසු කිසිඳු අසනීප තත්වයක් නොමැතිව වීරයෙකු සේ මැගසින් බන්ධනාගාරයට පැමිණි කුඩු ව්‍යාපාරික අබ්දුල් රහීම්ගේ වෘත්තීයවේදී තැරව්කරුවා වහාම ක්‍රියාත්මක වී බන්ධනාගාර රෝහලේ සේවය කරන තම හිතවත් උපක්‍රමශීලී හවුල් ව්‍යාපාරික ගජ මිතුරා වන වෛද්‍ය චන්දන හමුවිය.

වෛද්‍ය චන්දන අල්ලස් ලබාගෙන බන්ධනාගාර රෝහලට රෝගී නොවන පුද්ගලයින් රෝගීන් ලෙස හඳුන්වා ඇතුලත් කිරීමේ රුසියෙකි. මේ වන විටත් මත්කුඩු, දුම්කොළ සහ ජංගම දුරකථන බන්ධනාගාර රැඳවියන්ට සැපයීමේ ව්‍යාපාරය කරගෙන යන්නේද ඔහු විසින්ම බව බන්ධනාගාර පොඩ්ඩෝ කියති. ඒ සඳහා අංක 01 සහ අංක 03 දරණ වාට්ටුවල පාටිකරුවන්ගේ සහය ඔහුට නොමදව ලැබෙන්නේ පාටිකරුවන්ගෙන් ලැබෙන එම සහයෝගය වෙනුවෙන් වෛද්‍ය චන්දන විසින් ඔවුන් හටද දුම්කොළ, මත්කුඩුවලට අමතරව අතිරේක ගෙවීමක්ද කරන නිසාවෙනි.

කුඩු ව්‍යාපාරික අබ්දුල් රහීම්ගේ වෘත්තීයවේදී තැරැව්කරුවා වෛද්‍ය චන්දන හමුවීමෙන් පසු කිසිඳු අසනීපයක් නොමැතිව මැගසින් බන්ධනාගාරයේ සිට ඉහත කී කුඩු ව්‍යාපාරික අබ්දුල් රහීම් ඉතා බරපතල රෝගී තත්වයක් සඳහන් කොට සතියක කාලයක් රෝහල් ගත කිරීම පිණිස මුදලින් රුපියල් ලක්ෂ 20ක් වෛද්‍ය චන්දනට  ගෙවන බවට එකඟතාවයක් ඇතිකර ගන්නා ලදී. එසේ පළමු සතිය රෝහල් ගත කිරීම පිණිස රුපියල් ලක්ෂ 20 කුත් ඉන්පසු කුඩු ව්‍යාපාරික අබ්දුල් රහීම්ට අධිකරණයෙන් ඇප ලබාදෙන තුරු බන්ධනාගාර රෝහලේ සුපිරි පහසුකම් සහිතව රඳවා තැබීම පිණිස ගතවන ඉදිරි සතියකට රුපියල් ලක්ෂ 20 බැඟිනුත්, ඔහු රෝහල් ගතව සිටින කාලය පුරාවටම ගෙවීමේ එකඟතාවය මත නිරෝගී අබ්දුල් රහීම් බරපතල රෝගියෙකු බවට පත්කොට රෝහල් ගත කිරීමේ කොන්ත්‍රාත්තුව වෛද්‍ය චන්දන විසින් භාරගන්නා ලදී.

එසේ එම කොන්ත්‍රාත්තුව වෛද්‍ය චන්දන විසින් භාරගත් අවස්ථාවේ ඔහු කුඩු ව්‍යාපාරික අබ්දුල් රහීම්ගේ වෘත්තීයවේදී තැරව්කරුට පවසා ඇත්තේ අල්ලස් වශයෙන් තමන් ලබාගන්නා සෑම රුපියල් ලක්ෂ 20කින්ම හරි අඩක් එනම් රුපියල් ලක්ෂ 10ක් බන්ධනාගාර රෝහල භාර වෛද්‍ය මල්වත්තටත්, මැගසින් බන්ධනාගාරයෙ සේවය කරන තවත් වෛද්‍යවරයෙකුටත්, මැගසින් බන්ධනාගාර අධිකාරීවරයාටත් ගෙවීමට සිදුවන බවයි. එම හේතුව නිසා පොරොන්දු වූ මුදල කිසිසේත්ම අඩු නොකරන බවට වෘත්තීයවේදී තැරව්කරුවා සමඟ ඇති කරගත් එකඟතාවයෙන් පසුව එකී තැරව්කරු විසින් පදවාගෙන පැමිණි සුදු පැහැති මෝටර් රථය වෛද්‍ය ච්නදනහේ නිල නිවස ඉදිරිපස නවතා පළමු අල්ලස් මුදල් වාරිකය වන රුපියල් ලක්ෂ 20 ක මුදලක් වෛද්‍ය චන්දන වෙත ලබාදී ඇත.

ඉන්පසු කිසිවෙකුගේ අවධානයක් නොමැති අවස්ථාවක කුඩු ව්‍යාපාරික නිරෝගී අබ්දුල් රහීම් අසාධ්‍ය රෝගියෙකු කොට රෝහල්ගත කිරීමට මාන බලමින් සිටි වෛද්‍ය චන්දන හදිසියේම කිසිවෙකුගේ නිල දැනුම්දීමක්ද නොමැතිව තමනට කිසිඳු රාජකාරියක් පැවරී නොමැති හා වෙනත් වෛද්‍යවරයෙකු සේවය කරණ රාජකාරී කාල සීමාවක් තුළදී එම වෛද්‍යවරයාටද නොදන්වා 2018/04/14 දින පස්වරු 12.45ට පමණ එහි සේවයේ යේදී සිටි නිලධාරීන්ට කතා කොට කුඩු ව්‍යාපාරික අබ්දුල් රහීම් පමණක් පෞද්ගලිකවම තමන් වෙත ගෙන්වාගෙන ඇත. එම අවස්ථාවේදීද අබ්දුල් රහීම් හට කිසිඳු අසනීප තත්වයක් නොතිබූ බවට බන්ධනාගාර නිලධාරීන්ද සාක්ෂි දරණ අතර අබ්දුල් රහීම් කඩිනම් ගමනින් දෙපයින් ඇවිදගෙන වෛද්‍ය චන්දන වෙත පැමිණ ඇත. එසේ වෛද්‍ය චන්දන වෙත පැමිණීම පිණිස වෛද්‍ය චන්දනගෙන් ලැබුණු පෙර දැනුම්දීමක් මත ඔහු සූදානම් වී සිටි බවද පැවසේ.

එසේ වෛද්‍ය චන්දනගේ පෙර සැලසුමට අනුව වෛද්‍ය චන්දන වෙත පැමිණි කුඩු ව්‍යාපාරික නිරෝගී අබ්දුල් රහීම් පොලිස් පහරදීමක් නිසා සිහිමුර්ජා වූවෙකුගේ තත්වයටත් සහ එකී පහරදීමෙන් පසු අබ්දුල් රහීම් හට නිසි පරිදි තම ශරීර සමතුලිතතාවය පාලනය කරගත නොහැකි අයෙකු ලෙසටත් බරපතල රෝගී තත්වයක් සටහන් කොට කුඩු ව්‍යාපාරික අබ්දුල් රහීම්ට වහාම බන්ධනාගාර රෝහල් ගත කිරීමට නියම කරන ලදී. ඊට අමතරව කුඩු ව්‍යාපාරික අබ්දුල් රහීම්ගේ මොලයේ CT Scan පරීක්ෂණයක් සිදුකළ යුතු බවට හා ඔහුට සේලයින් එන්නත් ලබාදිය යුතු බවටද වෛද්‍ය චන්දන සැලසුම් කර ඇත.

පොලිස් පහරදීමකින් සිහිමුර්ජා වූවා යැයි සහ ශරීර සමතුලිතතාවය නැතැයි වෛද්‍ය චන්දනගේ ව්‍යාජ වෛද්‍ය වාර්ථාව සහිත අබ්දුල් රහීම් 2018/04/14 දින පස්වරු 03.45 ට පමණ මැගසින් බන්ධනාගාරයේ සිට බන්ධනාගාර රෝහලට දෙපයින් ඇවිදගෙන ගොස් රෝහල් ගතවී ඇතත් එදින නිල රාජකාරියේ සිටි වෙනත් කිසිඳු වෛද්‍යවරයෙකු හෝ වෛද්‍යවරියක් විසින් ඔහු පරීක්‍ෂා කර නොමැත. මෙසේ ව්‍යාජ රෝගී තත්වයක් සඳහන් කරමින් රෝහල්ගත වූ කුඩු ව්‍යාපාරික අබ්දුල් රහීම්ගේ රෝහල් ටිකට් අංකය 2382 වේ.

පහරදීමක් සහිත පුද්ගලයෙකු බන්ධනාගාර රෝහලේ අංක 01 වාට්ටුවට ඇතුලත් කළ යුතු නමුත් මෙම සුපිරි කුඩු ව්‍යාපාරිකයාගේ මුදල් බලය නිසා පිළිගත් සම්මතයෙන් පරිභාහිරව ඔහු ඇතුල් කොට ඇත්තේ අංක 03 දරණ සුපිරි වාට්ටුවටය. අංක 03 දරණ වාට්ටුවේ සුපිරි  සැප විඳිමින් එහා මෙහා ඇවිදිමින්, කැරම් සෙල්ලම් කරමින් ඩොක්ටර් චන්දන සර්ගේ ලෙඩා යන විරුදාවලියද සහිතව මේ වන විටත් බන්ධනාගාර රෝහලේ කල්ගෙවන මහා පරිමාණ මත්කුඩු ව්‍යාපාරික අබ්දුල් රහීම් හට කිසිඳු අසනීපයක් නොමැති බව අනෙකුත් වෛද්‍යවරුන්ට හෝ නොපෙන්නේ එම වෛද්‍යවරුනුත් මුදල්වලට ගැතිවී ඇති නිසා දැයි බන්ධනාගාර පොඩ්ඩෝ රහසින් සකච්ඡා කරති.

තත්වය මෙසේ තිබියදී වෛද්‍ය චන්දන විසින් කුඩු ව්‍යාපාරික අබ්දුල් රහීම් බන්ධනාගාර රෝහලේ දිගටම රඳවා ගැනීම පිණිස තවත් උප්පරවැට්ටියක් යොදා ඇත. එනම් ඒ සඳහා මෙවැනි ව්‍යාජ රෝගී තත්වයන් සඳහන් කොට අල්ලස් ගනිමින් නිරෝගී පුද්ගලයින් දිගටම බන්ධනාගාර රෝහලේ තබා ගැනීමට නිර්දේශ කිරීම පිලිබඳ නම්දරා ඇති බන්ධනාගාර රෝහලට පැමිණෙන විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලකගේ සහාය පැතීමයි. ඒ සඳහා වෛද්‍ය වරුණ ගුණතිලක රුපියල් ලක්ෂ 10ක ලංසුවක් තබා ඇති බවත් එම ලංසුවට අනුව වෛද්‍ය චන්දන විසින් 2018/04/17 දිනැතිව සටහනක් යොදමින් කුඩු ව්‍යාපාරික අබ්දුල් රහීම් විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක වෙත යොමු කොට ඇත. එමඟින් වෛද්‍ය වරුණ ගුණතිලක ලැබෙන අල්ලස් මුදලට අනුව ඔහු ක්‍රියාකරන්නේ දැයි ලංකා නිවුස් කොලම් විමසිල්ලෙන් සිටී.  මේ වන විට මෙම කුඩු ව්‍යාපාරික නිරෝගී අබ්දුල් රහීම් නිතිපතා වෛද්‍ය චන්දනගේ පරීක්ෂාව හා ආවරණය සහිතව බන්ධනාගාර රෝහලේ අංක 03 දරණ වාට්ටුවේ සුපිරි සැප විඳිමින් සිටී.

කිසිඳු අසනීපයක් නොමැති නොමැති මෙම කුඩු ව්‍යාපාරිකයාගේ ටිකට් කපා නැවත බන්ධනාගාරයට යැවීමට වෛද්‍ය මල්වත්ත කටයුතු නොකරන්නේ වෛද්‍ය චන්දන පවසන පරිදිම කුඩු ව්‍යාපාරික අබ්දුල් රහීම්ගෙන් වෛද්‍ය චන්දනට ලැබෙන අල්ලස් මුදලෙන් භාගයක් වන රුපියල් ලක්ෂ 10ක මුදල සතිපතා වෛද්‍ය මල්වත්තටත් ලැබෙන නිසා දැයි බන්ධනාගාර රෝහලේ ගේට්ටුව අසල කතිකාවක් ඇතිවී ඇත්තේ බන්ධනාගාර පොඩ්ඩන් අතරය.

බන්ධනාගාර ඇමතිතුමනි, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමනි, වෛද්‍ය මල්වත්තගේ පෞද්ගලික අල්ලස් උපදේශක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාණෙනි මේ ඔබේ අවධානයටමයි. මීළඟට වෛද්‍ය චන්දන ලවා CT Scan හා සේලයින් ලබාගත යුත්තේ ඔබලා යැයි පවසන  බන්ධනාගාර සුළු නිලධාරීන් විශාල ප්‍රමාණයක් වැලිකඩ බන්ධනාගාරයේ සේවය කරණ බවද  වැඩි වශයෙන් ඔබලාගේ  අවධානය යොමු කරනු කැමැත්තෙමි.

–  නිසේදී සත්‍යමූර්ති

Leave A Reply

Your email address will not be published.