ශ්රී ලංකා වරාය අධිකාරියට අයත් කොළඹ වරායේ ජයබහළු පර්යන්තයට විශාල නෞකා හතරක් එක්වර පැමිණේ. 2016 අගෝස්තු මස 21 සහ 22 යන දෙදින එම නෞකා කොළඹ වරායේ ජයබහළු පර්යන්තයට පැමිණියේය. MSC සුසානා ( MSC Susanna), MSC ජොහානා (MSC Joanna), කොන්ටික්ලරික් (Conticlaris) සහ බ්රාවෝ (Bravo) එම නෞකා සතරයි. එහිදී කොළඹ වරායේදී මෙහෙයවූ සමස්ත බහළු ප්රමාණය 6506ක් වේ. එක් එක් නෞකාවේ බහළු ධාරිතාව පහත දැක්වේ.
නෞකාව | දිග
|
සමස්ත ධාරිතාව |
MSC Susanna | 337 m | 9200 |
MSC Joanna | 337 m | 9200 |
Conticlaris | 300 m | 6999 |
Bravo | 208 m | 2040 |