නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මඩකළපුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු සැප්තැම්බර් මස 07වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මඩකළපුව මහේස්ත්‍රාත් එම්.ගනේෂරාජා නියෝග කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පසුගිය වසරේ ඔක්තෝබර් මස 09 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවේය.