කලවාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකත්වයෙන් තමා ඉවත්වන බව මන්ත්‍රී ජානක වක්කුඹූර මහතා සිය නිවසේ පැවැති රැස්වීමකදී පැවසීය.
මන්ත්‍රීවරයා එහි රැස්ව සිටි සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් නොවන ලෙසයි.
එහිදී කලවාන ආසනයේ සියලු නිදහස් පක්ෂ සමිති ශාඛා සංවිධාන විසුරුවා හරින බවට කලවාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍ය සංවිධාන ලේකම් හිටපු පළාත් සභා මන්ත්‍රී කේ.ටී.එස්. චමින්ද මහතා කළ යෝජනාව හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම් ගුණරත්න විසින් ස්ථිර කළේය.
ජානක වක්කුඹූ මෙලෙස අදහස් පල කළේය.
”අපේ පක්ෂ නායක රටේ ජනපති.
උඩින් තියෙන්නේ නිල්පාට යටින් කොළ පාට.
ඔබ සැම රුපියලේ සාමාජික වෙලා අන්තිමට දැන් දහයේ සාමාජිකවෙලා ඉන්නවා.
හැම අවුරුද්දෙම.
මා මගේ පඩියෙන් රුපියල් සීයක් සාමාජික මුදල් දෙනවා.
ඔබ සැම මගෙන් ඉල්ලීමක් කළා.
නමුත් මහින්ද රාජපක්ෂ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න ඕනි.
4වැනිද පක්ෂ සමුළුවට යන්නේ නෑ කියන ඒකට මා එකගයි.
එය මා හිස නමා පිළිගන්නවා.
පක්ෂය හරි මගට ගේන්න අපේ බණ්ඩාරනායක මහතාගේ ප්‍රතිපත්ති රකින්න අපි එකතුවෙලා කටයුතු කරන්න ඕනෑ”යනුවෙනි.