topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පරිසරය වනසයි! වසන්ත කරන්නාගොඩගේ රිවින්මෝ හයිඩ්‍රෝත් ඒ අතර.

UcuKg2UKUsCBslZAXl6mHXz91YesraLCQ0i68h0XD05EIzt0nsfu6WFwOwf-NCeDjrVj5Q=w1318-h608

කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ජල පෝෂිත ප්‍රදේශ කිහිපයක් මුල්කරගනිමින් කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීම නිසා මුළු කොත්මලා නිම්නයම දැඩි පාරිසරක අර්බුදයකට පත්වී තිබේ.මේ පිළිබදව අවධානය යොමු කර, මේ විනාශය නැවැත්වීමට මැදිහත්වන ලෙස සදහන් කරමින් ජනාධිපතිවරයා වෙත  පරිසර හා සොබාදහම  ආයතනයේ රවීන්ද්‍ර කාරියවසම් ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර සිටියි.LNC අපිද පරිසරයට ආදරය කරන්නෝ වෙමු.ඒ නිසාම රවීන්ද්‍ර කාරියවසම්ගේ එම ලිපිය සම්පුර්යෙන්ම මෙහි පළ කර සිටිමු.

 ජනාධිපති තුමා,

ජනාධිපති ලේඛම් කාර්යාලය ,

කොළඔ 01.

පූඩලු ඔය ජ විදුලි ව්‍යාපෘතිය පරිසරය වනසයි!

වසන්ත කරන්නාගොඩගේ රිවින්මෝ හයිඩ්‍රෝත් ඒ අතර

කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ජල පෝෂිත ප්‍රදේශ කිහිපයක් මුල්කරගනිමින් ඉදිවීමට නියමිත කුඩා ජල විදුලි බලාගාර නිසා කොත්මලා නිම්නයම දැඩි පාරිසරක අර්බුදයකට පත්වී තිබේ.

පූඩලු ඔය, පූනා ඔය , රම්බොඩ ඔය මුල් කරගනිමින් මෙවන විටත් ජල විදුලි ව්‍යාපෘති රැසක් ආරම්භ කර ඇත. එලෙස ආරම්භ කල ජල විදුලි ව්‍යාපෘති වලට අමතරව තවත් ජල විදුලි ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරිම සදහා ව්‍යාපාරිකයන් හා හිටපු හමුදා ප්‍රධානී වසන්ත කරන්නාගෙඩගේ උත්සාහ දරමින් තිබෙන අතර ඒ අනුව  පහත ජල විදුලි ව්‍යාපෘති ඉදිකිරීමට නියමිතය.

01’ඩන්සනන් කො‍ටෙජ් කුඩා ජල විදුලි බලාගාරය

02’ෂීන් ඉහළ කෙටස  ජල විදුලි බලාගාරය

03’ෂීන් ජල විදුලි බලාගාරය

04’රම්මබොඩ දිවිතුරු ඔය ඉහළ කොටස ජල  විදුලි බලාගාරය

05’රම්මබොඩ දිවිතුරු කුඩා ජල විදුලි බලාගාරය

06’ලබුකැ‍ලේ කුඩා ජල විදුලි බලාගාරය

07’කෙලපතන  කුඩා ජල විදුලි බලාගාරය

08’මල්මදණිය විදුලි ලංකා කුඩා ජල විදුලි බලාගාරය

09’බෙරමාන කුඩා ජල විදුලි බලාගාරය

10′ රිවින්මෝ හයිඩ්‍රෝ ජල විදුලි බලාගාරය

ඒ අනුව කොත්මලේ කොට්ඨාශය තුළ සුන්දර ලෙස ගලා ගිය ස්වභාවික දිය පහරවල් සියල්ලම පාහේ මේ වන විට ජල විදුලි ව්‍යාපෘති සදහා යොදාගන ඇත. මේ තුළින් කොත්මලේ ප්‍රදේශයට ඉමහත් සුන්දරත්වයක් එක්කල දිය ඇළි විශාල සංඛ්‍යාවක් විනාශ වී ගොස් ඇත. එසේම කොත්මලේ ජනතාවගේ එදි‍නෙදා විවිධ අවශ්‍යතාවයන් සදහා භාවිතා කළ ජල මාර්ග මේ සදහා යොදාගන ඇත. විශේෂයෙන්ම දැඩි නියං කාලවලදී පානීය ජල අවශ්‍යතා, දිය නෑම, ගොවිතැන් කටයුතු සදහා මෙම දිය කදුරු භාවිතා කරන ලදී. මෙලෙස කොත්මලේ පුරා දිය ඇළි යොදා ගනිමින් ඉදිකරන ලද ජල විදුලි බලාගාර කොත්මලේ ජනතාවට එදිනෙදා තම අවශ්‍යතා සදහා බාධාවක්  වී ඇති, එසේම මිල කල නොහැකි පාරිසරික හානියක් ද එතුළින් සිදුවී ඇත. එසේම ජෛව විවිධත්වයටද බරපතල හානියක් පැමිණ ඇත’

තත්ත්වය මෙසේ තිබියදී  ඉතිරි වී ඇති සීමිත දියපහරවල් ද උපයෝගී කරගනිමින් කුඩා ජල විදුලි ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් වෙමින් පවතී’ ඒ අතර පූඩලු ඔයේ ජලය උපයෝගී කර ගනිමින් පූඩලු ඔය පහළ කොටසේ  විදුලි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී එහි මූලික කටයුතු ද ආරම්භකර ඇත’

පූඩලු ඔය යෝජිත ජල විදුලි ව්‍යාපෘතියට අයත් කොටසේ ඉතා දර්ශනීය දිය ඇළි කිහිපයක්ම පිහිටා තිබේ’ එමෙන්ම මෙම පූඩලු ඔයෙන් පෝෂණය ලබමින් වැවහේන පාලම අසලින් ගලා බසින කොටසේ දෛනිකව  විශාල පිරිසක් දිය නෑමට, රෙදි වේලීම වැනි කටයුතු සදහා භාවිතා කරනු ලබන අතර, නියං සමයේදී අවට පිහිටි කිරිදිවෙල, කුඹල්ඔලුව, ,එගොඩවෙල, මැදකන්ද, නියම්ගන්දර, කොස්ගහපතන, බෝගහවෙල, හාල්පොල, මල්දෙණිය, මෑතගම, කටාරන්දන, කලපිටිය නැගෙනහිර, කලපිටිය, බටහිර හැදුණුවැව, කොත්තුණුගොඩ. වීරසේකරපුර ආදී ග්‍රාම නිලධාරී වසම් තුළ ජීවත් වන විශාල පිරිසක් ද සිය ජල අවශ්‍යතා සපුරා ගැනීම සදහා මෙම ඔය වෙත පැමිණේ.

එසේම පූඩලු ඔය ඉහළ කොටසේ දැනට කුඩා ජල විදුලි බලාගාර 3 ක් ඉදිකර ඇත. එසේම ඩන්සිනන් දිය ඇල්ලට පහළින් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විසින් කුඩා ජල විදුලි ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සදහා සියලු කටයුතු සූදානම් කර අවසන් කර ඇති බවට දැනගන්නට ඇත.

එයින්ද නොනැවති හිටපු හමුදා ප්‍රධානියෙක්  වන වසන්ත කරන්නාගොඩ විසින් පවත්වාගන යන  රිවින්මෝ හයිඩ්‍රෝ නැමැති පුද්ගලික සමාගම විසින් කුඩා ජල විදුලි බලාගාරයක් ආරම්භ කිරීම සදහා මේ දිනවල මූලික කටයුතු සිදුකරමින් පවතී.

ස්වභාවික ගගක් ලෙස ගලා යන පූඩලු ඔය පහළ කොටස මුල්කර ගනිමින් ඉදිකිරීමට යෝජිත මෙම කුඩා විදුලි බලාගාරය නිසා ඉතා මනස්කාන්ත දිය ඇළි කිහිපයකට හානි සිදුවීම කිසිසේත් නැවැත්විය නොහැකිය (එගොඩවෙල දිය ඇල්ල, වැවහේන දිය ඇල්ල). එසේම ස්වභාවික පොකුණු රාශියක් විනාශයට ලක් වේ. එමෙන්ම දැනට කොත්මලේ ප්‍රදේශයේ සියලුම ගංගා ආශ්‍රිතව කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීම නිසා මෙම ගංගා සියල්ලම සිදී ගොස් අවසන්ය. අනාගත පරපුරට ගගක් ලෙස දැකගන්නට පැවති එකම ගග පූඩලු ඔය පහළ කොටස පමණි. දැන් එයද බලපෑමකට ලක්වී හමාරය.

එමෙන්ම මෙම ජල  විදුලි ව්‍යාපෘතිය ඉදි කිරීමට යෝජිත ප්‍රදේශය දැඩි ලෙස නායයෑමේ අවධානමකට ලක්වී ඇති ප්‍රදේශයකි. මෙම කොටසේ ශ්‍රී ලංකාවට ආවේණික ජලජ ජීවීන් විශාල ප්‍රමාණයක් ජීවත් වන අතර,  පූඩලු ඔය දෙපස මෙරටට ආවේණික ශාක හා සත්ත්වයින්ගෙන් යුක්ත පරිසර පද්ධතියන් ගෙන් සමන් විතය.

කොත්මලේ කොට්ඨාශය තුළ ජීවත් වන ජනතාව මේ වන විටද විශාල ජල ව්‍යාපෘති දෙකක් වන ඉහළ කොත්මලේ සහ පහළ කොත්මලේ ජල ව්‍යාපෘති නිසා සෙන්ට් ක්ලෙයාර් වැනි දිය ඇළිද, එහි ජෛව විවිධත්වයද, පාරම්පරික ඉඩම්ද නැති කරගෙන ඇත. ඉහළ කොත්මලේ සහ පහළ කොත්මලේ ව්‍යාපෘති නිසා ඉඩම් අහිමි වූවන් වියළි කලාප වල පදිංචි කොට ඔවුන්ගේ ජීවිත අලුතෙන් ආරම්භ කිරීමට සිදුවී ඇත. එමෙන්ම වර්තමානයේ කොත්මලේ ප්‍රදේශයේ සිටින ජනතාවට නියං කාලය පැමිණෙනවාත් සමග පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීමටද නොහැකි වන ලෙස විශාල ජල අර්බුදයක් නිර්මාණය වී ඇත. එයට හේතුව මහා ජල විදුලි බලාගාර ව්‍යාපෘති හා කුඩා ජල විදුලි ව්‍යාපෘති නිසා ප්‍රදේශයේ ජල උල්පත් සිදී යාමය. ඉහත මහා ව්‍යාපෘති සදහා පරිසර තක්සේරු වාර්තා සිදුකලද, පරිසරියට සහ ජනතාවට සිදුවූ විනාශය වලක්වා ගත නොහැකි විය. එම තත්ත්වය පවා නොසලකා කුඩා විදුලි බලාගාර ගණනාවක් ඉදිකිරීමට ගෙන ඇති පියවරයන් නිසා ඉදිරියේදී කොත්මලේ නිම්නයම විශාල ජල අර්බුදයකට ලක්වන අතර සතා සීපාවා ඇතුළු ජෛව විවිධත්වය දැඩි අර්බුදයකට ලක්වේ.

ජාත්‍යන්තර බලශක්ති සංවිධානය (IEA) ලොව කුඩා විදුලි බලාගාර අසාර්ථක බව පර්යේෂණ මගින් ඔප්පු කර ඇති අතර එවන් අසාර්ථක ව්‍යාපෘති මධ්‍යම කදුකරයේ ස්ථාපිත කිරීම තුලින් රටටම ජලය ලබාදෙන භූගත ජල ගබඩාවන් විනාශකර ගන්නවා පමණක් නොව අවශ්‍ය විදුලි ඉල්ලුම සැපයීමට ද නොහැකි වේ.

වසරේ දින 365 පුරාම ඇති සූර්ය රශ්මියන් ප්‍රයෝජනයක් නොගෙන, රට වටා ඇති මුහදු රළෙන් ප්‍රයෝජනයක් නොගෙන කදු මුදුන් සිසාරා හමා යන සුළගින් ප්‍රයෝජනයක් නොගෙන දැවැන්ත පරිසර පද්ධති විනාශ කරමින් ඉදිකිරීමට බලාපොරොත්තු වන කුඩා විදුලි බලාගාර වලින් ඇති ප්‍රයෝජනය කුමක්ද? සෑම දිය ඇල්ලකම, ගංගාවකම කුඩා විදුලි බලාගාර අටවා අප ඒවා විනාශ කරගත යුතුද?

ලොව පුරා පෞද්ගලික විදුලි සමාගම් දැවැන්ත පරිසර පද්ධති වනසමින් මෙම අනුවණ ක්‍රියාවේ යෙදෙන අතර සිනෝ හයිඩ්‍රෝ සමාගම විසින් හොන්ඩියුරාස් හි ඉදිකල මෙවන් ජල ව්‍යාපෘති නිසා දැවැන්ත ජල අර්බුද මෙන්ම සමාජ හා පාරිසරික අර්බුද ගණනාවක් ඇති විය එරට ඇතිවිය. එපමණක් නොව එම අර්බුදයට එරෙහිව අරගල කළ පරිසරවේදිනියක් වන බර්ටා ඉසබෙලා කැසරස් (Berta Isebela Caceres)  2016 මාර්තු මස 03 වන දින එම සමාගමේ කුලී ඝාතකයින් විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී. ලොව වැනසූ මෙවන් ව්‍යාපෘති වල හිමිකරුවන් ගේ සහායද ඇතිව මෙරට තුළ හමුදා ප්‍රධානීන්ට, ව්‍යාපාරිකයින්ට තම ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් සොබාදහම වැනසීමට ඉඩ නොදෙනබව අවධාරනය කර සිටිමි.

රවීන්ද්‍ර කාරියවසම්

Leave A Reply

Your email address will not be published.