ජාතික රූපවාහිණි සේවය පාඩු ලැබීමට හේතුව එහි ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න පසුගිය දෙවසර තුළ අදූරදර්ශී ලෙස කරන ලද වියදම් සහ ප්‍රචාරණ කටයුතු සඳහා කර ඇති වියදම් නිසා බව සඳහන් කරමින් ස්වාධීන රූපවාහිණිය සුරැකීමේ සංවිධානය, ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ලිඛිතව දැනුම් දී ඇතැයි දැනගන්නට ඇත.
විධායක නිලධාරීවරයාගේ ක්‍රියාකලාපය ආයතනයේ බහුතර සේවකයින්ගේ අප්‍රසාදය හා කෝපයට හේතුවක් වී ඇත. වර්ථමාන සභාපතිනියද නොමඟ යවා ප්‍රධාන විධායක නිලධාරීවරයා කටයුතු කරමින් සිටින බව ස්වාධීන රූපවාහිණිය සුරැකීමේ සංවිධානය පෙන්වා දෙන අතර මේ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින අතර එම සංවිධානය පෙන්වා දෙන්නේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරක් මෙතෙක් නොතිබූ බවත් සමන් අතාවුදහෙට්ටි විසින් චන්දන තිලකරත්නට කෘත ගුණ සැලකීමක් ලෙස එම තනතුර ලබා දී ඇති බවය.
ආයතනය තුල දක්ෂ නිෂ්පාදකයින් සිටියදී මුදල් ගෙවා පිටතින් වැඩසටහන් නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන්ද සොයා බලන ලෙස ස්වාධීන රුපවාහිණිය සුරැකීමේ සංවිධානය ඉල්ලා සිටී.