අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට අග්රාමාත්යධූරය අහිමිවූවා මෙන්ම විපක්ෂනායකධූරය හා එක්සත් ජාතික පක්ෂ නායක ධූරයද අහිමි වනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ පවසා තිබේ.
රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළ අනුමත නොකරන එක්සත් ජාතික පක්ෂයේ බොහෝ පිරිසක් ඉදිරියේදී රජය සමඟ එක්වන බව පවසා ඇති මන්ත්‍රීවරයා ආණ්ඩුවට එක්කරගැනීම සඳහා කිසිවෙකුටත් වරප්‍රසාද, මුදල් ලබාදීමක් හෝ ඔවුන්ගේ කොන්දේසිවලට එකඟවීමක් නොකරන බවද පවසා ඇත.
මන්ත්‍රීවරයා මේ බව පවසා ඇත්තේ බත්තරමුල්ල, නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.