ශ්‍රී ලංකා නිදහස් පක්දිෂය ඉදිරි මැතිවරණ වලදී එක්සත් ජනතා දනිහස් සන්ධානයෙන් තරඟ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.
රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කියා සිටියේ ඉදිරි දේශපාලන වෙනස්වීම අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ හා සමස්ත ලංකා කාරක සභාවේ තීරණ අනුව කටයුතු කරන බවයි. කෙසේවෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වෙනසක් නොවන බව ඔහු පැවසිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වාම වාදී පක්ෂයක් ලෙස මේ වන විට ශක්තිමත් තැනක තිබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපතිත්වයෙන් හා නව අගමැතිවරයා ලෙස පත්ව සිටින මහින්ද රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීමෙන් පක්ෂය කටයුතු කරමින් සිටින ඔහු පැවසීය.