පවතින අර්බුදකාරී දේශපාලන වාතාවරණයත් සමග මන්දගාමී වී ඇති රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති මහින්ද රාජපක්ෂගේ මැදිහත්වීමෙන් අද (09) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව සඳහන් වේ.
පවතින අස්ථාවර දේශපාලන තත්වය හේතුවෙන් බිදවැටී ඇති රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කිරීම එම සාකච්ඡාවේ අරමුණ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි පවසා ඇත.
සේවක කාර්යක්ෂමතාව ඉහළ නැංවීම පිළිබඳ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු සියලු නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයිද ඉදිරියේදී ඊට අදාළ චක්‍රලේඛන නිකුත් කෙරෙනු ඇති බවද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.