පසුගිය රාජපක්ෂ පාලන සමයේදී වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළ රජයේ රසපරීක්ෂක වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇතයි වාර්තා වේ.
ඒ, එම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්රාත් ප්රියන්ත ලියනගේ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
මෙම නඩුවේ ප්රධාන සැකකරුවකු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා ද එදින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්රාත්වරයා නියෝග කර ඇත .