විපක්ෂනායක කාර්යාලය සහ විපක්ෂනායක නිල නිවස කිසිවෙකුටත් භාර නොදීමට ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ අදාළ කාර්යාලය හා නිල නිවස අහිමිවීමේ තත්ත්වයක් උදාවී ඇත.
පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය තවමත් හිමිව ඇත්තේ ආර්. සම්බන්ධන් යන යන ස්ථාවරය අනුව හිඳිමින් ද්‍රවිඩ ජාතික සන්ධානය මේ තීරණයට එළැඹව කටයුතු කිරීම නිසා මේ තත්වය උදාවී ඇත.
විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් ආර්. සම්බන්ධන් සහ මහින්ද රාජපක්ෂ අතර පැන නැගී තිබෙන අර්බුධය පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් පත් කර, එහි අවසන් තීරණය ප්‍රකාශයට පත් කරන තෙක් විපක්ෂනායකවරයා ලෙස ආර්. සම්බන්ධන්බව ද්‍රවිඩ ජාතික සන්ධානය කියා සිටියි.
එම තත්ත්වය යටතේ රටේ විපක්ෂනායක හිමි කිසිදු වරප්‍රසාදයක් මහින්ද රාජපක්ෂට හිමි නොවිය යුතු බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ අදහසවී ඇත.