මේ රට ගොඩනැගිය හැක්කේ සමාජවාදී වැඩ පිළිවලක් තුලින් පමණක් බවත් ගෝඨාභයටවත් රනිල්ටවත් සජිත්ටවත් අනුරටවත් එය සිදුකළ නොහැක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් පවසයි. ගෝඨාභය, රනිල්, සජිත් නව ලිබරල්වාදී වැඩ පිළිවෙලක නියැලෙන අතර අනුර කුමාර සමාජවාදයෙන් එහාට ගොස් මැද පන්තියන ගමන් කරනවා යැයි කියමින් ධනවාදයට උල්පන්දම් දීමේ කටයුත්තක නිරත වී සිටින බවද ඔහු පැවසීය. ඔහු මෙම අදහස් පළ කලේ යුක්තිගරුක සමාජයක් සමාජවාදී අපේක්ෂකයෙක් යන තේමාවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන වැඩපිළිවෙළ සහ එය නියෝජනය කරන පක්ෂයේ අපේක්ෂකයා දුමින්ද නාගමුව ලෙස නම් කළ සම්මන්ත්රණයට සහභාගී වෙමිනි.