පොලිස්පති පූජිත් ජයසුන්දර ආරක්ෂක ලේඛම් හේමසිරි ප්‍රනාන්දු රාජ්‍ය බුද්ධි අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ද පාස්කු ප්‍රහාරය සම්බන්ධව තමන්ව හෝ තම ජනාධිපති ආරක්ෂක අංශය කිසිවිටෙක දැනුවත් කර නැතැයිද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
එම ප්‍රහාරය සම්බන්ධව සොයා බැලෙන විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත. එම තේරීම් කාරක සභාව සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වන නමුත් ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පෙරවරුවේ රැස්වූ අතර එය ජනමාධ්‍යට ද විවෘත කර නොතිබිනි.