ලලිත් – කුහන් අතුරුදන් කළ ගෝඨාට කට්ටි පැනීමට ඉඩදුන් අධිකරණ වාරණය හෙලා දකිමු! යුක්තිය ඉටු කරනු! අතුරුදන් වූවන්ගේ ප්රශ්නය මැතිවරණ බල පොරයට යට කිරිමට ඉඩ නොදෙමු! යනුවෙන් 27 දින යාපනය බස් නැවතුම්පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විණි. 2011 වසරේ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් මෙන්ම ජවිපෙ දේශපාලනයේ නිරතවූ ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යන අය අතුරුදන්වීමේ සිද්ධියට අදාළව පැවැත්වෙන නඩු විභාගයක් සඳහා සාක්ෂි ලබාදීමට අද 27 පෙනී සිටිය යුතුව තිබුණද , යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත නිකුත් කර ඇති නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝග නිකුත් කළේ (25) වැනිදාය.මෙයට විරෝධය පලකරමින් මෙම උද්ඝෝෂණය පෙ.ස.ප. විසින් සංවිධානය කර තිබුණි.