දැනට මෙරට ක්‍රියාත්මක මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ කාන්තාවන්ට වෙනස් ලෙස සලකන විධිවිධාන අන්තර්ගතව ඇතැයි ද කාදි උසාවිවල විනිශ්චයකාර, විවාහ රෙජිස්ට්‍රාර්, ජූරි සභික යන තනතුරු හා කාදි මණ්ඩලයේ තනතුරු දැරීම පුරුෂයන්ට පමණක් සීමා කිරීම ඊට හොඳම නිදසුනක් යැයි නීතිඥ ටීගල් මෙනෙවිය පවසයි.
මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ක්‍රියාත්මක කිරීමට නීති සංශෝධන කළ යුතු යැයි මුස්ලිම් පුද්ගලික නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාකාරී කණ්ඩායමේ (MPLRAG) සාමාජිකා නීතිඥ අර්මීසා ටීගල් මෙනෙවිය කොළඹ 08, කින්සි ටෙරස්හි පිහිටි ජනවාර්ගික අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේදී පැවති සම්මන්ත්‍රණයේ දී පැවසීය.