යුරෝපානු සංගමය වෙත භාණ්ඩ අපනයනය කිරීමේ දී පනවා තිබූ සම්බාධක ඉවත් කරමින් ජීඑස්පී ප්ලස් බදු සහනය යළිත් ශ්‍රී ලංකාවට ප්රදානය කිරීමට පියවර ගත් බව යුරෝපානු කොමිසම විසින් දී නිල වශයෙන් දැනුම් දී ඇත.
මානව හිමිකම්, කම්කරු කොන්දේසි, පරිසර ආරක්ෂණය හා යහ පාලනය යන සංරචක යටතේ අන්තර්ජාතික සම්මුතීන් 27 ක් වෙනුවෙන් දක්වන ලද සාධනීය කැපවීම හමුවේ යුරෝපානු කොමිසම විසින් මෙම තීරණය ගෙන ඇති බව සදහන් ය.
මෙම වෙළෙඳ වරණාත්මක සහනය හමුවේ ඇඟළුම් හා මත්ස්‍ය නිෂ්පාදන අපයනය ඇතුළු බදු අයකරන අංශවලින් 66% ක් වෙනුවෙන් ආනයනික බදු ඉවත් කෙරෙනු ඇත.