කෑගල්ලේ ශාන්ත ජෝසප් බාලිකාවේ ගුරුභවතුන් කිහිප දෙනෙක් සහ ඊට යාබද පෙර පාසැලේ කුඩා දරුවන් ටද ඩෙංගු රෝගය වැළදී තිබේ.මීට පෙර මේ ආසන්නවබැංකු සේවකයකු ද ඩෙංගු රෝගය සෑදීමෙන් මියගොස් ඇත .මේ ආශ්රිතව මෙසේ ඩෙංගු රෝගය වර්ධනය වන්නට ප්රධාන හේතුව මේ පරිශ්රයේ පිහිටි ගුවන් පාලම ප්රදේශයේ පදික වේදිකාවට ආසන්නයේ මතුවන ජල උල්පත් කිහිපයක් නිසාය.ඒවා නිසි පරිදි ආවරණය කර කානු පද්යධතියටට මුදා නොහැර පදික වේදිකාව සහ පාර මත නිරන්තරයෙන් ජලය ඒක රාශී වීමට ඉඩහැර තැබිම නිසාය. මේ හේතුවෙන් මෙම ස්ථානය මදුරුවන් බෝවීමට රජ දහනක් වී ඇත. මෙම ස්ථානය නිසි නඩත්තුවක් නොමත.නගරසභා බලධාරීන් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ යුතුබව කෑගල්ල ජනතාව පවසයි.