කළුතර දිසා අපරාධ විමර්ශන ඵ්කකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත පානදුර නගරයේදී සැකකටයුතු වැන් රථයක් පරික්ෂා කිරීමේදී හෙරොයින් සමග පුද්ගලයෙක් වෑන් රථයක් ද සමග අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුගෙන් කළ වැඩිදුර ප්රශ්න කිරීම්වලදී මොහු වෙනත් අපරාධ ගණනාවකට සම්බන්ධ බවත් ඒ අනුව තව දුරටත් කල විමර්ශනවලදී වාහන සොරකම්කර නැවත විකිණීම කර ඇති බවට හෙලිදරව්විය. මෙසේ සොරකම්කරන ලද වාහන රඹුක්කන ,ගම්පහ,කොහුවල,කොට්ටාව, යන පොලිස් වසම් වලට අයත් බව තහවුරු කරගෙන ඇත.
සැකකරු 2009 වසරේ බොරැල්ල පොලිස් ස්ථානයේ සිර මැදිරියේ කම්බි කපා පැනගිය අයෙකු බවත් ,කොළඹ මහාධිකරණයේ සහ මහේස්ත්රාත් අධිකරණයේ විවෘත වරෙන්තු තුනක් ඇති අයෙක් බව හෙළිදරව්කර ගෙන ඇත.