නිරිත දිග මෝසම් වැසි තත්ත්වය යළිත් සක්‍රිය වීමෙන් අද (29දා) පස්වරුවේ සිට දින 3ක කාලයක් මි.මී. 150 ඉක්ම වූ තද වැසි ඇද හැලෙන බව කාලගුණ විද්‍යා නියෝජ්‍ය අධ්යක්ෂ අනූෂා වර්ණසූරිය සදහන්කර සිටියි.
දිවයිනේ බටහිර අර්ධයේ සිට ක්‍රමයෙන් මධ්‍යම කඳුකරය දක්වා මේ වැසි තත්ත්වය වර්ධනය වන බවත් මෙතෙක් වැසි නොලැබුණු මධ්‍යම කඳුකරයේ ප්‍රදේශද ආවරණය වන පරිදි ඉදිරි දින 3දී වර්ෂාව ඇද හැලෙන බවත් ,ජුනි 2 වැනිදායින් පසුව බෙංගාල බොක්කේ පවතින පීඩන අවපාතය මියන්මාරය හා බංග්ලාදේශ වෙරළ හරහා දිවයිනෙන් බැහැරව යන බවත් ඒ අනුව පවතින කාලගුණික තත්ත්වයේ වෙනසක් සිදුවිය හැකි බවද සදහන්ය
ගෙවුණු දින කිහිපයේදී ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවෙන් වැඩිම වර්ෂාපතනය අගලවත්ත කුකුළේගඟින් වාර්තා වී ඇති අතර එය මිලිමීටර් 553කි.