topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

තමන්ගේම මිනීවලවල් හදාගන්නා අය ගැන ඇමතිගේ හෙලිදරව්ව.

Champika_Ranawaka_ News

නීති විරෝධි ඉදිකිරීම් කරන පුද්ගලයින් හදාගන්නේ තමන්ගේම සොහොන් බිම බව අමාත්‍ය පාඨලී චම්පික රණවක කියා සිටියි.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ රටේ පවතින අයහපත් දේශගුණික තත්ත්වය පිළිබදව සහ අනවසර ඉදිකිරීම් පිළිබදව කළ විශේෂ ප‍්‍රකාශයකදීය. එහිදී වැඩිදුරටත් අදහස්දැක්වූ අමාත්‍යවරයා, ශ‍්‍රී ලංකාවේ බස්නාහිර සහ දකුණු පළාත්වලට මහ වැසි ඇද හැලීමත්, තද සුළන් තත්ත්වය හේතුවෙන් මේවන විට දෙසීයකට ආසන්න ප‍්‍රමාණයක ජීවිත හානිවී තිබෙනවා. තවත් සියයකට ආසන්න ප‍්‍රමාණයක් පිළිබද කිසිදු තොරතුරක් නොමැතිබව වාර්තා වෙනවා. මේක බරපතල තත්ත්වයක්.

පසුගිය වසරේ මැයි මස 16 වන දින කොළඹ දිස්ත‍්‍රික්කයේ ඇතුළු දිස්ත‍්‍රික්ක ගණනාවකම මෙවැනි වැස්සක් පැතිර ගියා. ඉන් වැඩි බලපෑම සිදුවූයේ කැළණි ගග ආශ‍්‍රිත බිමටයි. නමුත් මෙවර කළු ගග, ගිං ගග, නිල්වලා ගග ආශ‍්‍රිතව තමයි ගං වතුර තත්ත්වය ඇති වුණේ. එසේම පෙර සිදුවීමට වඩා මිනිස් ජීවිත විශාල ප‍්‍රමාණයක් අහිමි වුණා. ඒ වගේම ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අවතැන්ව අසරණවී සිටිනවා. නිවාස 700ක් පමණ විනාශවී තිබෙනවා. මේ තත්ත්වය පිළිබද අවධානය යොමුකරන විට පෙනී යන කරුණක් නම්, අපට කොහේ හෝ බරපතල වැරදීමක් සිදුවී ඇති බවයි. දේශගුණික හෝ කාලගුණය මගින් සිදුවන භයානක විපත් රටක් හැටියට හෝ ජනතාව හැටියට වැළැක්විය නොහැකියි. මන්ද යත් ඒවා බරපතල ලෙස මිනිසා විසින් පෘථිවියට කරන ලද බරපතල අපරාධ නිසාත්, ස්වභාවික කරුණු නිසාත් මතුව ඇති තත්ත්වයන් නිසයි.

ගෝලීය උණුසුම වැඩිව ඇති තත්ත්වයක් උඩ හිම කදු දියව යාම සිදුවෙනවා. තවද දැඩි සුළන් තත්ත්වයක් ඇතිවී, ගංවතුර, නාය යෑම් හා නියගය වැනි ප‍්‍රධාන ප‍්‍රශ්ණවලට අනාගත ලෝකයට මුහුණ දීමට සිදුවනවා. ශ‍්‍රී ලංකාව දුපතක් ලෙස විශාල ප‍්‍රශ්ණ රැසකට මුහුණ දීමට නියමිතයි.

අතීතය පුරාවට අධික ලෙස ඉන්ධන දහනය කර බලශක්තිය උපදවා ධනය උපදවා ගත් රටවල් ඉන් මේ ලෝකයට බරපතල ව්‍යසනයක් කළා. මේ අතර පසුගියදා රැස්වූ ජී7 සමුළුවේදී ඇමරිකාව ගෝලීය උණුසුම පිළිබද සිය අවධානය යොමුකිරීම ප‍්‍රතික්ෂේප කරනු ලැබුවා. ඒ නිසා ජී7 සමුළුවේ සෙසු රටවල්, විශේෂයෙන් ජර්මනියේ චාන්සලර්වරිය සමග, බි‍්‍රතානය ඇමරිකා එක්සත් ජනපදයේ ස්ථාවරය පිළිබද දැඩි විවේචනයක් එල්ල කළා. ඒ අනුව තම සංවර්ධන සීමාවන්වලට පැමිණ ඇති ඇතැම් රටවල් නැවත ගල් අගුරු භාවිතා කිරීම සදහා සූදානම් වෙනවා. මෙවන් පසුබිමක් මත ගෝලීය උණුසුම වැඩිවීම පිළිබද ජාත්‍යන්තරය විශේෂයෙන් සිය අවධානය යොමු කළ යුතුයි. මේ අතර ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පැරිස් සම්මුතියෙන් ඉවත් වීමත් සමග එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඒ පිළිබද දැඩි අවධානයක් යොමුකර තිබෙනවා.ලෝකයේ කාලගුණයේ හා දේශගුණයේ බරපතල වෙනස්වීම් වුණත්, අප වැනි මැදි ආදායම් ලබන රටවලට සිදුවන හානිය අති විශාලයි. මෙවැනි ව්‍යසනවලදී ඊට මුහුණදිය යුත්තේ කෙසේද යන්න පිළිබදව ඇති සූදානම පිළිබද බරපතල ගැටළුවක් පවතිනවා. අපි දන්නවා අපගේ කාලගුණ දෙපාර්තමේන්තුවට ප‍්‍රමාණවත් පහසුකම් නොමැති වුණත් ලෝකයේ මෙවැනි තත්ත්වයන් ඉතාම සරළව දැනගත හැකි විශාල මාධ්‍යයන් ප‍්‍රමාණයක් දැන් තිබෙනවා. බීබීසී,සීඑන්එන්, අල්ජසීරා වැනි මාධ්‍ය ඇතුළු මාධ්‍ය ලෝක කාලගුණය සම්බන්ධයෙන් ඉතාමත්ම නිවැරදිව ලෝකයට තොරතුරු ලබා දෙනවා.

අතීතයේ මෙන් නොවෙයි, නිවැරදි උපකරණ, නිවැරදි ගණිත මාදිලි හා චන්ද්‍රිකා ඡුායාරූප ආදිය වත්මනේ සුලභයි. නමුත් අවාසනාවකට පසුගියදා ඇතිවූ ව්‍යසන පිළිබද දැනුවත් කිරීමට මෙරට කාලගුණ දෙපාර්තමේන්තුවට හැකිවුනේ නැහැ. ඔවුන් ප‍්‍රකාශ කරනු ලැබුවේ මෝසම් වැසි තත්ත්වයක් උද්ගතව ඇති බවයි. නමුත් වැසි ඇතිවුණු ස්වභාවය අනුව අධ්‍යනය කිරීමේදී එය නිරිතදිග මෝසම් සුලගක් නොවන බව මනාවට පැහැදිලි වනවා. මෝසම් තත්ත්වය ඉතා සෙමෙන් මෝදු වුණත්, ඉතා බරපතල සුලි කුණාටු තත්ත්වයක් ඇතිව තිබෙන බව පැහැදිලියි. මෝරා නම් වූ සුළි කුණාටුව අප රටට බලපෑම් කර බංගලිදේශය වෙත ඇතුළු වුවත් ඔවුන් පෙර සූදානමකින් සිටි නිසා සිදුවන්නට ගිය විනාශය අවම කරගැනීමට සමත් වුණා. එහිදී අහිමි වූයේ ජීවිත පහක් පමණයි. දස ලක්ෂයක පමණ ජනතාවක් ආරක්ෂිත ස්ථාන කරා යවා ආරක්ෂා කරගැනීමට ඔවුන් සමත් වුණා. බංගලිදේශය වැනි අතිශය ජනාකීර්ණ, දිළිදු, අප රටට වඩා පහසුකම් අතින් විරහිත රටක් කල්තියා සූදානම් වීමට සමත් වුණා. මෙවන් පසුබිමක් තුළ අපේ රට මෙය නිවැරදිව හදුනා නොගැනීම තුළ මෙම තත්ත්වයන් බරපතල වූ බවට චෝදනා නැගෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඔවුන් මෙය සුළි කුණාටු තත්ත්වයක් ලෙස හදුනාගෙන නොතිබූ බවයි. ශ‍්‍රී ලංකාව දෙසට හැරීමෙන් පසුව සුලි කුණාටුවක් ඇතිවූ බවයි. මෙවැනි ආපදාවලින් සිදුවන හානිය අවම කරගැනීමට කෙටිකාලීනව, නිවැරදි තොරතුරු මත පදනම්ව නිසි පියවර ගැනීමට යාන්ත‍්‍රණයක් සකස්කළ යුතුයි. මෙය ඉතාම අත්‍යාවශ්‍ය කරුණක්. මීතොටමුල්ල කසළ කන්ද වගේම මෙම ව්‍යසනයත් නිවැරදි තොරතුරු මත පදනම්ව ක‍්‍රියා නොකිරීම මත උද්ගතවූවක්. මෙවැනි තත්ත්වයන් නැවත උදා නොවීමට නිවැරදි තොරතුරු මත පදනම්ව නිසි පියවර ගැනීමට කටයුතු කළ යුතුයි. අපදාවන් අනාගතයේදීත් සිදුවේවී ඒ සදහා මුහුණ දීමට අවශ්‍යවන ආම්පන්න හා උපකරණ ලබාගත යුතුයි. අවශ්‍ය  පරිදි නිලධාරීන් පුහුණු කළ යුතුයි. නිලධාරීන් ඒ ඒ අවස්ථාවලදී කටයුතු කිරීමට ඉදිරිපත්වනවා මිස ඉදිරි පියවර සදහා සූදානම් වීම පිළිබද කිසිදු වැටහීමක් ඔවුනට නැහැ. ඔවුන් වැටහීමකින් තොරව ඉහළින් නියෝග ලැබෙන තුරු බලා සිටින තත්ත්වයක් උද්ගතව තිබෙනවා.

අප මෙතුළින් බරපතල පාඩම් ඉගනගත යුතුයි. පසුගිය දශක දෙක තුනක පමණ සිට සිදුවූයේ විධිමත් නොවූ සංවර්ධනයක්. ඒ අයුරින් කටයුතු කර සංවර්ධනය තම සොහොන්බිම බවට පත් නොකරගත යුතුයි. අනතුරුදායක සංවර්ධනයෙන් මිදී තිරසර සංවර්ධනයක් කරා යෑම සෑම කෙනෙකුගේම අදිටන විය යුතුයි. විශේෂයෙන් අනවසර ඉදිකිරීම් ගත්විට ඇල මාර්ග ආශ‍්‍රිතව, ගංගා ආශ‍්‍රිතව භයානක ඉදිකිරීම් සිදුකර තිබෙනවා. ගංවතුරක් පැමිණිවිට ඔවුන්ට ආධාර ලැබෙනවා, ආධාර ලබාගෙන ඔවුන් නැවත එම ස්ථානයන්ගේම වාසය කරනවා,නැවත ගංවතුරක් පැමිණිවිට නැවත ආධාර ලැබෙනවා, ඒ ආකාරයෙන් දිගින් දිගටම එය සිදුවෙනවා. ඒ අනුව දැන්වත් අප තිරසර ලෙස මෙම ගැටළුව විසදිය යුතුයි. ඇලමාර්ග අසල අනවසර පදිංචිකරුවන් අනිවාර්යයෙන් ඉවත් කළ යුතුයි.

අධිකරණය ඇතුළු සෑම පාර්ශවයක්ම මේ පිළිබද  ඉතා සංවේදී විය යුතුයි. සමහරු ඇල මාර්ග හරස් කර අනවසර ඉදිකිරීම් කර තිබෙනවා. එසේ නීතිවිරෝධි ඉදිකිරීම් සිදුකරන පුද්ගලයින්ට ඔවුන් ඒ සාදාගන්නේ තමන්ගේම සොහොන්බිම බව මෙහිදී මතක් කළ යුතුයි. එමෙන්ම ඒ අය වෙනුවෙන් ඔවුන්ගේ මානව හිමිකම් පිළිබද කතා කරන පිරිසකුත් සිටිනවා. ඔවුන්ට මතක් කළ යුතුයි සුළුතරයක් ගැන නොව ඉන් හිරිහැරයට, අපහසුතාවයට පත්වන බහුතර ජනතාව ගැන සිතා කටයුතු කරන ලෙස. එමෙන්ම ව්‍යාජ උද්ඝෝෂණ හා විවේචන මගින් රට හා සමාජය මුළා කරමින් සිටින පිරිස් ද මෙවැනි අසාධාරණයන් ඉදිරියේ නිහඩයි.

අප මතක් කර දෙනවා එම පිරිසට මෙවැනි අනවසර ඉදිකිරීම් කර ඇති පිරිස් වෙත නීතිය ක‍්‍රියාත්මක කිරීමේදී බොරු මානව හිමිකම් ඉදිරියට දමමින් බාධා එල්ල නොකරන ලෙස. තවද යහපාලනයේ යහගුණය භාවිත කර චන්ඩිකම්වලින් එම අනවසර ඉදිකිරීම් අත්පත් කරගැනීම වැළැක්විය යුතුයි. මේ පිළිබද නීතිය ක‍්‍රියාත්මක කිරීමේදී අප දැඩි අවධානයෙන් සිටිනවා. කණගාටුවෙන් වුවත් ප‍්‍රකාශ කළ යුතුයි වැල්ලවත්ත ඛේදවාචකයේ වගකිවයුතු පුද්ගලයා ඉතාමත්ම සුළු කාලයක් ඇතුළත කිසිදු අයුරිකින් සිරගත නොවී ඇප ලබාගෙන ඇති බව. ඇත්තෙන්ම අප ඒ පිළිබද කණගාටු වෙනවා, මන්ද මියගිය පුද්ගලයින් ඉතාම අසරණ මිනිසුන් හෙයින්. ඔවුන්ට සාධාරණය, යුක්තිය ඉටුවුනේ නැහැ.

ඉදිරියේදීත් මෙවැනි ස්වභාවික ආපදාවන්ට හා ව්‍යසනයන්ට මුහුණ දීමට අපට සිදුවේවි. ඒවා ජාවාරම් කරගන්නා පුද්ගලයන් පරදා මෙවැනි ව්‍යසනයන්ට මුහුණ දීමට ජනතාවගෙන් සැදුම්ලත්, දැනුවත් සමාජ ව්‍යාපාරයක් ඇතිකළ යුතුයි පැවැසීය.

 

Leave A Reply

Your email address will not be published.