topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දේශපාලන පළිගැනීම් කියන වචන දෙක අපේ ශබ්ද කෝෂයෙන් මකා දැමිය යුතුයි- ඇමති නවීන් කියයි.

Minister_Naveen_Disanayaka

දේශපාලන පළිගැනීම් කියන වචන දෙක අපේ ශබ්ද කෝෂයෙන් මකා දැමිය යුතුයි.ජනතාවගේ දේශපාලන නිදහස සුරක්ෂිත කරන එකිනෙකාට ගරු කරන උසස් සංස්කෘතියක් නිර්මාණය කිරීම මගේ දේශපාලන දර්ශනයයි.ඇමති නවින් දිසානායක  අවධාරණය කරයි.

වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක  එසේ පැවසුවේ පසුගිය රජය සමයේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත් පොල් වගාකිරිමේ මණ්ඩලයේ විවිධ දේශපාලන පළිගැනීම් වලට ලක් වු  රාජ්‍ය සේවකයින් 66 කට ආසන්න පිරිසකට බත්තරමුල්ල සෙත්සිරිපාය (දෙවන අදියර), 11 වන මහලේ පිහිටි  අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී රුපියල් මිලියන 6කට ආසන්න වන්දි මුදල් සහ දේශපාලන පළිගැනීම් හේතුවෙන් සේවා උසස් වීම් අහිමි වූ සේවකයින් අදාළ උසස් වීම් වල පිහිටු වීමේ වෙනුවෙන් පැවති උත්සවය  අමතමිනි.

වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා….

මම ඉතාමත් සතුටු වෙනවා අද දින මාස 17කට පසුව මාගේ අමාත්‍යාංශයේ තිබෙන විශාලම ආයතනයක් වන පොල් වගාකිරීමේ මණ්ඩලයේ දේශපාලන පළිගැනීමට ලක් වූ සේවක සේවිකාවන් හට සහන ලබා  දීමට හැකි වීම ගැන. අපගේ එක්සත් ජාතික පක්ෂ සිරිකොත මූලස්ථානයේ දත්ත වලට අනුව අපගේ අමාත්‍යාංශය අනෙකුත් අමාත්‍යාංශත් එක්ක සංසන්දනය කරන විට අපි මෙම කාර්යයභාරය ක්ෂණිකව ඉතාමත් ඉක්මණින් කිරීමට සමත්ව තිබෙනවා.

නමුත් මගේ සිතට නම් මාස 17කුත් කල් වැඩියි.මොකද අවුරුදු 20කට පස්සෙ තමයි එක්සත් ජාතික පක්ෂය බලයට පත් වුණේ. එසේ පක්ෂය ජයග්‍රහණය කර වීමට ජාතික සේවක සංගමය තමන්ගෙ වෘත්තිමය ශක්තිය සම්පූර්ණයෙන් යෙදෙව්වා. 2015 වසරේ කවදාවත් පරද්දන්න බෑ කියපු මහා යෝධ පුරුෂයෙක්  පරද්දවන්න මේ කළ කැප වීම හා කාර්යයභාරය ද අමතක කරන්නට බෑ. මේ සියලු දෙනාම එකතු වෙලා ඒ දර්ශනයට එක වෙලා වැඩ කිරීම ගැන මගේ ස්තූතිය ප්‍රකාශ කරන්නට කැමතියි.

මගේ ජීවිතයේදී මම හැම විටම අසා තිබෙන දෙයක් තමයි මේ වචන දෙක.දේශපාලන පළිගැනීම. පුංචි කාලයේ ඉදලම මට මතකයි 77 ආණ්ඩුව ආවාමත්   දේශපාලන පළිගැනීම් කියන වචනය මගේ කන් දෙකට ඇහුණා.මේක අපේ සංස්කෘතියට දැන් ගැබ්වෙලා තියෙන්නෙ.මොකක්ද මේ දේශපාලන පළිගැනීම් ? නීතිමය පැත්තෙන් මනුස්සයෙක්ට ස්වභාවිකව බලාපොරොත්තු වන දෙයක් අහිමි කිරීම තමයි ප්‍රථමයෙන්ම දේශපාලන පළිගැනීමක්  හැටියට හුන්වන්න පුළුවන්.තමාගේ වෘත්තිය අනූව තමා දෙයක් බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ඒක අහිමි කිරීම දේශපාලන පළිගැනීමක්.තවත් දෙයක් තමයි තමන් වැඩ කරන වාතාවරණයේදී තමා සිතන පතන දේශපාලනයේදී තමන් දරන දර්ශනයක් තිබෙනව නම් ඒ දේශපාලන දර්ශනය නිසාම අසාධාරණයට ලක් කිරීමත් දේශපාලන පළිගැනීමක්.

මේ රටේ දේශපාලන ධාරා දෙකක් තිබෙනවා.එකක් තමයි එක්සත් ජාතික පක්ෂය අනෙක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය.මේ පක්ෂ දෙක තට්ටු මාරු ක්‍රමයෙන් පොදුවේ රට පාලනය කරලා තිබෙනවා. ඉතිං එක්සත් ජාතික පක්ෂය අවුරුදු 20කට පස්සෙ තමයි බලයට ඇවිල්ල තියෙන්නෙ.1994 ඉලා ඇති වුණ සිද්ධීන් තමයි අපි මේ හරි ගස්සන්න හදන්නෙ. මෙහිදී අපි උසස් වීම් ලබා දෙනවා.මූල්‍යමය වන්දියක් අපි ලබා දෙනවා.නමුත් කවදාවත් ඒ ඇති වන මානසික පීඩාව අපිට දුරු කරන්න බෑ.දේශපාලනය නිසා මේක වුණා යන හැීම හදවතේ තියෙනවා.මම ප්‍රාර්ථනා කරන්නේ දේශපාලන පළිගැනීම් වලින් තොර උසස් සමාජයක්. තමා කැමති දේශපාලන ධාරාවක් ප්‍රතිපත්තියක් හෝ පක්ෂයක් විශ්වාස කිරීමේ සම්පූර්ණ අයිතියක් තමන්ට තිබෙනවා.නමුත් අනෙක් පැත්තෙ බොහෝ විට මම දැකලා තිබෙනවා බලයෙ ඉන්න කොට තමාගෙ ප්‍රතිවාදියාට පහර ගැසීමේ සංස්කෘතියකුත් අපේ රටේ තිබෙනවා.මේක අපි නවත්වන්න අවශ්‍යයයි. ඒ නිසාම තමාගේ ප්‍රතිවාදියා හෝ තමාගේ  මතවාදය විශ්වාස නොකරන පුද්ගලයා යටපත් කිරීම විශාල අමානුෂීය දෙයක් හැටියට මම දකිනවා.එහෙම කරන්න අවශ්‍ය නෑ.අපි නිරන්තරයෙන් දකිනවා අපි අමාත්‍යවරු හැටියට ඒ වගකීම් දරන කොට ඉතාමත් වේදනා සහගත ලෙස අපගේ පාක්ෂිකයන් මේ කරුණු අප සම ඒත්තු ගන්වනවා.අද අපිට මේ සංස්කෘතිය වෙනස් කරන්න බැරි වුනොත් අනාගතයේ තවත් රජයක් යටතේ මෙවැනි උත්සව පැවැත්වෙයි .එය මම අපේක්ෂා කරන්නේ නෑ.

අපි විශ්වාස කරනවා ජනතාවගේ පරමාධිපත්‍ය බලය අපට ලැබුණ නිසා මහ මැතිවරණයෙන් අපගේ රජයේ ප්‍රතිපත්ති දර්ශනය ක්‍රියාවට නංවන්න පුළුවන් වුණා.එම වැඩ පිළිවෙල කඩාකප්පල් කරන්න යම්කිසි පුද්ගලයෙක් හිතා ගෙන ඉන්නවා නම් අපි ඒකට ඉඩ දෙන්නෙ නෑ.අපිට මේ සියලු දේවල් සිදු කරන්න වෙලා තියෙන්නෙ රාජ්‍ය පරිපාලනයෙන් නිකුත් කරලා තිබෙන චක්‍ර ලේඛන වලට යටත්වයි.කෙසේ වෙතත් ඉවසන්න මේක පටන් ගැන්මක් විතරයි.

අපි පොල් වගාකිරීමේ මණ්ඩලයට මීටත් වඩා සම්පත්  දෙන්න බලාපොරොත්තු වෙනවා. අපිට ජාත්‍යන්තරයෙන් ලැබෙන ආධාර දැනට සම්පූර්ණයෙන්ම යොදවන්නෙ තේ වලට. ඒ නිසා  හැම ආයතනයකටම සම්පත් බෙදා දෙන්න ව්‍යාපෘතියක්  අපි සකස්  කරනවා.අපිට ලැබෙන මුදල් අති විශාලයි.ඉන්දියන් රජයෙන් පොල් පර්යේෂණ ආයතනයට, පොල් වගාකිරීමේ මණ්ඩලයට,පොල් සංවර්ධන අධිකාරියට ඩොලර් මිලියන 50 ක ආධාර අපි ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා.මගේ ඊ ළග ඉලක්කය ඒකයි.

මම තදින්ම විශ්වාස කරන දෙයක් තමයි මිනිස්සුන්ගෙ සතුට.මිනිස්සු කළකිරිමෙන් සිටීම ඒ මුළු ආයතනයම කඩා වැටීමට හේතුවක්.විශේෂයෙන් ම සභාපතිවරු මාව සතුටු කිරීම නොවේ සේවකයින් සතුටු කිරීම සිදු කළ යුතුයි. විශේෂයෙන් ම අපි අපේ මානව සම්පත ආරක්ෂා කර ගත යුතුයි. නැත්නම් අපේ රටට අනාගතයක් නෑ. අද රට විශාල ස්වභාවික ව්‍යසනයකට ඛේද වාචකයකට ලක් වෙලා තියෙන්නෙ. එදා 2004  සුනාමි අවස්ථාවේදී වගේම අපි එකමුතු විය යුතුයි.පක්ෂ භේද අවශ්‍ය නෑ. මට යුතුකමක් තිබෙනවා වැවිලි ක්ෂේත්‍රයේ  ජනතාව ආරක්ෂා කර ගන්න. අපි කුඩා තේ වතු හිමියන්ට ඉතාමත් ඉක්මණින් සහන ලබා දෙනවා. ඉතිං මම සතුටු වෙනවා නව රජය පත් වෙලා මේ අසාධාරණයට ලක් වුවන්ට සාධාරණයක් කරන්න ප්‍රථමයෙන්ම අපට හැකි වීම ගැන.ඉතිං රාජ්‍ය සේවයට පැමිණෙන ඔබතුමන්ලා තමන්ගේ යුතුකම ඉෂ්ට කරන්න ආයතනයට කණ්ඩායම් හැගීමෙන් වැඩ කරන්න.ඔබ සැමගේ අනාගතයට මම සුභ පතනවා  යයි පැවැසීය.

මෙම අවස්ථාව සහා පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල, ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයත් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති සියලු ම ආයතන වල සභාපතිවරු ද සහභාගී විය.

Leave A Reply

Your email address will not be published.