ජා අැල පොලිස් වසමේ ඒකල ප්‍රදේශයේදී බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර පුද්ගලයන් දෙදෙනෙකු ටි 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ හතක් සමහ අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරුවන් අවුරුදු 35,34 යන වයස් වල පසුවන කොස්ගොඩ සහ මිටියාගොඩ ප්‍රදේශවල පදංචි කරුවන් වේ. මොවුන් පසුගිය දිනවල ඉමදුව ,වැලිපැන්න,හික්කඩුව ,අහුන්ගල්ල යන ප්‍රදේශවල සිදු වූ මිනිස් ඝාතන පහක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවන් බව හදුනාගෙන ඇත.