කෑගල්ල පොලිස් වසමේ කොළඹ මහනුවර ප්රධාන මාර්ගයේ මීපිටිය හන්දිය අසලදී, අනතුරක් සිදු වී ඇත. කොළඹ දෙස සිට මහනුවර බලා ගමන්ගත් කන්ටේනර් රථයක් රියදුරුට පාලනය කළ නොහැකි වී බසයක හා ත්රීරෝද රථයක ගැටී ඇත. ත්රීරෝද රථ රියදුරාට හා පිටුපස ගමන්ගත් පුද්ගලයාට තුවාල සිදු වී ඇත.
මෙම අනතුර හේතුවෙන් කොළඹ මහනුවර ප්රධාන මාර්ගයේ කෑගල්ල නගරයට අවතීර්ණ වන මී පිටිය හන්දිය අසලින් මාර්ගය අවහිර වී ඇත. මහනුවර දෙසට හා මහනුවර දෙස සිට පැමිණෙන වාහන කොළඹ දෙසට ගමන් කිරීමේදී කෑගල්ල නගරය මඟ හැර යාමට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.