topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

යුරෝපයේ ඉස්ලාමීය භීතිකාව, ඉස්ලාම් විරෝධි යුද්ධයක් කරා වර්ධනය වන ලකුණු.

Ministr_Campika_Ranawaka_ News.

යුරෝපයේ ඉස්ලාමීය භීතිකාව, ඉස්ලාම් විරෝධි යුද්ධයක් කරා වර්ධනය වන ලකුණු  පෙනෙන්නට ඇතැයි මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක  පවසයි. මෙම අදහස් පළ කළේ දෙස් විදෙස්හි දේශපාලන හා සමාජයීය කාරණා විශ්ලේෂණය කරමින් තම ෆේස්බුක් පිටුවට අදහස් එක් කරමිනි.වැඩි දුරටත් අදහස් දක්වා ඇති අමාත්‍ය පාඨලී චම්පික රණවක.

‘‘පසුගියදා එංගලන්තයේ මහාමාර්ගය අසල ඉස්ලාම් භක්තිකයන් පිරිසක් යාඤා කරමින් සිටින විට, ඔවුන්ගෙන් පිරිසක් ඝාතනය කිරීමේ අරමුණින්, වෑන් රථයක් එම පිරිස යටකරගෙන යෑමට උත්සාහ ගැනීම නිසා එක් පුද්ගලයෙකු මියගොස් තවත් විශාල පිරිසකට තුවාල සිදු වුණා. මෙය ඇත්තටම ඉස්ලාම් භක්තිකයන් ඉලක්ක කරගෙන ඔවුන් ඝාතනය කිරීම සඳහා දැරූ ත‍්‍රස්තවාදී ප‍්‍රයත්නයක් හැටියටයි බි‍්‍රතාන්‍ය ආණ්ඩුව ප‍්‍රකාශ කළේ. මෙතනදී වැදගත්වන කරුණු කිහිපයක් තිබෙනවා. එකක් තමයි බි‍්‍රතාන්‍ය තුළ පසුගිය කාලයේදී විවිධ ආකාරයේ පුද්ගලයින් සමාන්‍ය ජනයා, බහුතරයක් කි‍්‍රස්තියානි ජනයා ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාර එල්ල කළා. පිහි ඇනුම්, වාහනවලින් යටකිරීම්, වෙඩිතැබීම් ආදී වශයෙන්. මේ මගින් සිදු වූ ඝාතන ප‍්‍රමාණය අයර්ලන්තයේ කතෝලික සංවිධාන එල්ල කළ ඝාතන තරම් විශාල ඝාතන ප‍්‍රමාණයක් නොවුණට බි‍්‍රතාන්‍යයේ සාමකාමී වාතාවරණයට, එහි ආර්ථික කටයුතුවලට සමාජීය ජීවිතවලට ඉතාම බරපතල බලපෑමක් මෙයින් එල්ල උනේ මොකද බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව ආසන්නයේම දෙවතාවක් මේ සිදුවීම් සිදු වූ නිසයි. මේවා බොහොමයක් ඉස්ලාමීය අන්තවාදය විසින් හිස සකස් කරන ලද, මොළ හෝදන ලද පිරිස් විසින් ස්වයං සිද්ධව හෝ සංවිධානාත්මකව සිදු කළ අපරාධ. බොහොමයක් සිරියාවේ හා ඉරාකයේ බටහිර හමුදා සමග සටන් කරන අයිසීස් ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රහාර බවයි වර්තා වෙන්නේ.

බි‍්‍රතාන්‍යයේ ජීවත්වන මුස්ලිම් ජාතිකයින් විශාල පිරිසක් ලන්ඩනයට අවට ජීවත් වෙනවා. ලන්ඩනයේ අද ප‍්‍රධාන පුරවැසියා, නගරාධිපති හැටියට කටයුතු කරන්නෙත් ලේබර් පක්ෂයෙන් ජයග‍්‍රහණය කළ ඛාන් මහතා. ඔහු පකිස්තාන් ජාතික ඉස්ලාමීය භක්තිකයෙක්. එවැනි රටක මේ සිදු වූ ඉස්ලාමීය විරෝධි ප‍්‍රහාරය වෛරී ප‍්‍රහාරයකට එහා ගිය ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක්. ඒ වගේම වාර්තා නොවුනට මේ ප‍්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයා ප‍්‍රකාශයක් කොට තිබෙනවා, බි‍්‍රතාන්‍ය ජාතිකයෙක් ලෙස ඔහුගේ වගකීම් ඔහු ඉටුකළ බව. ඒ කියන්නේ විශාල වේදනාවකින් ඔහු පෙළෙමින් සිටියාය කියන එක, මේ විවෘතව තමන්ගේ ආගම අදහමින්, පල්ලි තනමින් තමන්ගේ ආගමික ජීවිතයට හිමි ඇඳුම් හා ආහාර අනුභව කරමින් බි‍්‍රතාන්‍ය තුළ වෙනම සංස්කෘතික කණ්ඩායමක් වීමට ඉස්ලාමීය ජනතාව දැරූ උත්සාහය ගැන ලොකු වෛරයක් බි‍්‍රතාන්‍ය තුළ තිබෙනවා. ඒ වෛරය නිරූපනය කළේ බි‍්‍රතාන්‍යයේ ස්වාධින පක්ෂය, එහෙම නැත්නම් යූ.කේ.අයි.පී. පක්ෂය සහ එහි නායකයා වෙච්ච පරාජ් මහතා. ඔහුට පසුගිය මැතිවරණයෙන් පරාජයක් අත්පත් උනත් බි‍්‍රතාන්‍යයේ ප‍්‍රධාන දේශපාලන පක්ෂයක් වන කොන්සවේටිව් පක්ෂය ඔවුන්ගේ අදහස් උකහා ගැනීම නිසා එම තත්වය ඇති වූ බවයි ප‍්‍රකාශ වෙන්නේ. මෙයින් පෙනී යන්නේ දැන් දැන් රජයන් මේ ගැටුම් අරාබියට සීමා කරන්න මොනතරම් උත්සාහ කළත්, දෙපාර්ශවයම සටන යුරෝපයට ගෙනවිත් ඇති බවයි. ඒ වගේම ඡන්දය හරහා ආණ්ඩු වෙනස් කිරීමෙන් යම් යම් අරමුණු ඉටු කර ගැනීම සඳහා ඒ ඒ රටවල පක්ෂ, දක්ෂිණාංශික ජනකාන්තවාදීන් සමග එකතු උනත් ඉන් ඔබ්බට ගිය ත‍්‍රස්තවාදී කි‍්‍රයාවලීන්වලට උනත් පුද්ගලයින් සූදානම්ය තමයි මෙයින් පෙනී යන්නේ.මෙහි ඇති ගැඹුරු කි‍්‍රයාවලිය තමයි දහස් වර්ෂයකට අධික කාලයක් තිස්සේ ඇදෙමින් තිබෙන ඉස්ලාමීය හා කි‍්‍රස්තියානි යන ධර්මයන් දෙක පදනම් කරගත්ත කුරුස යුද්ධය. මේ කුරුස යුද්ධය විටින් විට උඩ යට ගියා. නමුත් අඛණ්ඩව මේ දහස් වර්ෂය පුරාම ප‍්‍රධාන දේශපාලන සාධකය වී තිබෙන්නේ ලෝකයේ මේ රාජ්‍ය කල්ලි දෙක අතර ඇතිවන ගැටුම. ඒනිසා මෙයට අලූත් මානයක් එකතු කර තිබෙනවා, මේ බි‍්‍රතාන්‍යයේ ත‍්‍රස්ත කි‍්‍රයාවලියට සම්බන්ධ වෙච්ච ඉස්ලාමීය විරෝධි, ඉස්ලාමීය භීතිකාව පදනම් කරගෙන වගේ බිහිවන ත‍්‍රස්ත කි‍්‍රයා අපට අනාගතයේ අනෙක් රටවලිනුත් වාර්තා වෙමින් තිබෙනවා.  ජර්මනිය වාර්තා කළා ඔවුන්ගේ රටේ මුස්ලිම් පල්ලි 98 කට පහර දී තිබෙන බව. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදය වාර්තා කළා ඔවුන්ගේ රටේ 2600කට අධික ඉස්ලාම් භීතිකාව මත පදනම් වෙච්ච ප‍්‍රහාර එල්ල කෙරුණු බව. ඉතින් එක්තරා කාලයක පීඩිතයන්ගේ ආගමක් හැටියටයි ඉස්ලාම් ආගම තිබුණේ කලු ජාතිකයන්ගේ ආගමක් හැටියට. ඒ නිසා ඇමරිකා එක්සත් ජනපදයේ විමුක්ති අරගලය සිදු කරගෙන යනවිට කලූ ජාතිකයන්ගේ ඉතාම රැඩිකල් කොටස්, මැල්කම් එක්සටනර්ලි කොටස් ඉස්ලාමීය ආගම වැළඳ ගත්තා. කිසියම් දුරකට දැන් මේ බටහිර ආධිපත්‍යයට එරෙහි කි‍්‍රයාවලියක් හැටියට ගමන් කරමින් තිබූ මේ කි‍්‍රයාවලිය දැන් ක‍්‍රම ක‍්‍රමයෙන් ත‍්‍රස්තවාදී කි‍්‍රයාවලියක් බවට පරිවර්ථනය වෙමින් පවතිනවා පමණක් නෙමෙයි  එයට ප‍්‍රතිවිරුද්ධ ත‍්‍රස්තවාදයක් කි‍්‍රස්තියානි දහම පදනම් කරගෙනත් ඇතිවෙමින් තිබෙන බවයි පෙනී යන්නේ.

මෙය දහස් වර්ෂයක් තිස්සේ ඇති වූ ගැටුමේ නව මානයක් හැටියට සලකන්න පුළුවන්. මේ පිළිබඳව අපි කල්පනා කර ගත යුත්තේ මේ අරගලය වෙනත් ආකාරයකට ශ‍්‍රී ලංකාව තුළත් මතුවිය හැකියි. සමහරුන් කල්ලි කණ්ඩායම්වලට මුවා වී, ආගමික අන්තවාදීන් සිටිනවා, විශේෂයෙන්ම ලේ වැගිරීම් පිළිබඳව ප‍්‍රචලිත අන්තවාදී ආයතන, අන්තවාදී සංවිධාන, අන්තවාදී ආගමික කල්ලි තිබෙනවා, ඒ අන්තවාදී ආගමික කල්ලි මේ රට තුළත් වක‍්‍ර යුද්ධයකට නියැලීමට ඉඩකඩ තිබෙන බව අපි බොහොම පැහැදිලිව මතක තබා ගත යුතුයි. ඒ වගේම අපි ආඩම්බර විය යුතුයි ලංකාව තුළ එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය , මීට වඩා ඉතා භයානක මරාගෙන මැරෙන ප‍්‍රහාර සමූහ ඝාතන සිදු කළත්, දෙමළ ජාතිකයන්ට එරෙහිව සිංහල සමාජය එවැනි එකම ප‍්‍රහාරයක්වත්, එල්ල නොවුණු බවත්, යුධ හමුදාවට ප‍්‍රහාර එල්ලකිරීමේ වගකීම පවරා සිංහල ජනතාව ඉවසීමෙන් බලාසිටි බවත් අප අමතක කළ යුතු නැහැ. නමුත් බි‍්‍රතාන්‍ය හමුදාවට, පොලීසියට, දේශපාලනයට ප‍්‍රශ්නේ විසඳන්න භාරදී සිටින්නට බි‍්‍රතාන්‍ය සමාජයේ ඇතැම් කොටස් සූදානම් නැති බව, ඉස්ලාම් භීතිකාව, ඉස්ලාම් විරෝධි යුද්ධයක් බවට පරිවර්ථනය කරන්නට ඔවුන්ට අවශ්‍ය බව මේ ප‍්‍රහාරයෙන් පෙනී යනවා. ඉතාම භයානක දේශපාලන ලකුණක්.’’

 

 

 

 

 

 

Leave A Reply

Your email address will not be published.