මෙම දිනවල රථවාහන වැරදි සම්බන්ධයෙන් දඩ පත්‍රිකා වලට අදාළ මුදල් තැපැල් කාර්යාලවලට ගෙවීමේ ගැටළුකාරී තත්වයක් මතු වී ඇති බැවින් දඩ පත්‍රිකා ලබාගත හැකි වැරදි සම්බන්ධව නඩු පැවරීම් සඳහන් දිනයට සතියක සහන කාලයක් ලබාදීමට පොලීසිය තීරණය කර ඇත.
මෙසේ ලබා ඇති දඩ පත්‍රිකා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කර අදාළ දඩ මුදල ගෙවීමෙන් පසු රිසිට් පත අදාළ පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීම කළ හැකිය.