ව්‍යාජ ලෙස සකස් කරන ලද ගොවිසෙත ලොතරැයි පතක් මාධ්‍ය හමුවකදී පෙන්වා ලොතරැයි මණ්ඩලය කෙරෙහි මහජනයා තුළ අවිශ්වාසයක් ගොඩනඟා ලොතරැයි මණ්ඩලයට අවාසියක් හා පාඩුවක් සිදුකළ බවට බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාට විරුද්ධව කොළඹ වංචා විමර්ශන අංශයට පැමිණිල්ලක් කර ඇත. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා එම මාධ්‍ය දර්ශනවල පිටපත් වංචා විමර්ශන අංශයට ලබාදෙන ලෙස එම මාධ්‍ය සාකච්ඡාව ආවරණය කළ මාධ්‍ය ආයතනවලට කොටුව මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරුවරිය නියෝග කර ඇත.