topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

”කිසිම ආයතනයක්, ආසනයේ ජනතාවගෙන් විතරක්ම පුරවන්නඑපා ,අපි ඒ සංස්කෘතියෙන් බැහැර විය යුතුයි.”

No agency should fill out only the people_MP_Nawin

ඇමතිවරයෙක් වශයෙන් මම කැමති නැහැ ආයතනයක් මගේ ආසනයේ ජනතාවගෙන් විතරක් පුරවන්න.අපි ඒ සංස්කෘතියෙන් බැහැර විය යුතුයි. රබර් පර්යේෂණ ආයතනයේ  රැකියා තිබෙනවා නම් ඒක කළුතරට සීමා කරනවා.මම නුවරඑළියෙන් නම් ගෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින්  දිසානායක  ප්‍රකාශ කරයි.

ඒ වගේම තමයි සේවක අයිතිවාසිකම් වෘත්තීය අයිතීන් සම්බන්ධයෙන් අපිට ඒ සේවකයන් සමඟ කතා කරන්න පුළුවන්. නමුත් මට අවශ්‍ය වෙන්නේ ආයතනයේ අභිවෘද්ධිය. ඇමති කෙනෙක් විදිහට මම ඒ ඉලක්කය වෙත යනවා. ඒ ඉලක්කය ලබා ගන්න සියළු දෙනාගේ උදව්ව මට අවශ්‍ය වෙනවා. අපි කණ්ඩායම් හැඟිමෙන් වැඩ කළ යුතුයි.අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ පසුගියදා අගලවත්ත ශ්‍රී ලංකා  රබර් පර්යේෂණ ආයතනයේ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරිමේ  උත්සවයට සහභාගි වෙමිනි.

එම මාධ්‍ය හමුවට එක් වූ ඇමතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

ඉතිං එක පැත්තකින් මම සතුටු වෙනවා අපේ මේ තරුණ පරම්පරාව මේ රැකියා ලබා ගැනීම සම්බන්ධව.මේ ආයතනය ආරක්ෂා කරන්න,මේ ආයතනය ඉදිරියට ගෙන යන්න එසේ කිරිමෙන් ඔබේ අනාගතය සුරක්ෂිත වේවි මේ ආයතනය තුළ.කණ්ඩායම් හැඟිමෙන් වැඩ කරන්න. සමරසිංහ මහත්තයා දුන්න රැකියා 69 න් වැඩි දෙනෙක් වැඩ කළේ රාජපක්ෂ මහත්තයාට. ඒ ගොල්ලන් සමරසිංහ මහත්තයාට ඡන්දයක්වත් දුන්නේ නැහැ.මම ඒක හොඳට දන්නවා සමරසිංහ මහත්තයාට හම්බවුණේ  මුළු දිස්ත්‍රික්කයෙන්ම ඡන්ද 34000යි. ඉතිං මේවා අපි හොඳට ඔළුවේ තියාගන්න අවශ්‍යයයි. මොකද රස්සා දුන්නා කියලා විතරක්ම ඡන්දේ ලැබෙන්නේ  නැහැ.

අද අපේ රාජ්‍ය සේවයට එන තරුණ පරම්පරාව තමන්ගේ වැඩ කටයුතු කැප කරලා වැඩ කරන පිරිසක් විදිහට මම දකිනවා.අපිට ඉදිරිය ගැන රට ගැන  සුභවාදීව දකින්න පුළුවන්.අපි ධනාත්මකව හිතන්න ඕනේ.නායකයෙක් වුනාම තමන්ගේ යටතේ ඉන්න අයට තෘප්තිමත්ව වැඩ කරන්න ඉඩ දෙන්න ඕනේ.ආයතනය ඇතුළේ එම තත්ත්වය ඇති කළ යුතුයි.

    1979 මහා රතු චීනය ඉතාමත් වාමාංශික අදහස් තිබුණ රටක්. නමුත් එක පුද්ගලයෙක් දොන් සියෝ පින් කියන නායකයා මේ ආර්ථිකය විවෘත කළා.දැන් 1979 ඉඳලා අද වෙනකොට ඇමරිකාවට නොදෙවෙනි රටක් බවට රතු චීනය පත් වෙලා තියෙනවා.2025 දී ලෝක බලවතා වෙනවා ආර්ථිකයේ ඒ එක තීරණයෙන්. සිංගප්පූරුවේ ඉන්නේ ජනගහනය මිලියන 6 නමුත් දළ දේශිය නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් බිලියන 300යි. අපේ ඉන්නවා මිලියන 20ක් දළ දේශිය නිෂ්පාදනය ඩොලර් බිලියන 70යි.ඉතිං අපිට මේ කරුණු මතක් වෙනකොට දුක හිතෙනවා. මොකද අපි හිටියේ සිංගප්පූරුවටත් වඩා ඉස්සරහින් 1950 ගණන් වල 60 ගණන්වල.

මේ දවස්වල රජයට නොයෙක් විදිහට දෝෂාරෝපණ කරනවා. සයිටම් ප්‍රශ්නය වේවා,ව්‍යවස්ථාව වේවා දැන් හැබැයි මේ රටේ සුදු වෑන් සංස්කෘතියක් නැහැ. ඕනෑම  අයෙක්ට බණින්න පුළුවන් මාධ්‍ය නිදහස තියෙනවා. අපි ලසන්න වික්‍රමතුංග වැනි මාධ්‍යවේදින් ඝාතනය කරලත් නැහැ. අපි රොෂාන් චානක වගේ අයට වෙඩි තියලා මරන්නෙත් නැහැ. ඒ වගේම ශිෂ්‍යයන් දැනගන්න ඕනේ එයාලාගේ අයිතිවාසිකම්.ගොඩනැඟිලි වලට ඇතුළු වෙලා ඒවා කඩන්න එයාලාට බැහැ.දෙපැත්තක් තියෙනවා හැමදෙයකම .මේ ආයතනය වගේමයි.මේ ආයතනයේ අර 69 දෙනා අපිට කියනවා මේක ස්ථිර කරලා දෙන්න. එතකොට බැලන්ස් එක එගොල්ලන් ඉදිරියට ගෙන යන්නේ කොහොමද? ඒකට මුදල් අවශ්‍යයයි. මුදල් මම ගන්න ඕනේ භාණ්ඩාගාරයෙන්. භාණ්ඩාගාරයෙන් මුදල් දෙන්න අමාරුයි කියනවා මේ තත්ත්වය උඩ.ඉතිං එහෙනම් මේ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරන්න ඕනේ.සම්මුතියකට එන්න අවශ්‍යයයි.මැද පිළිවෙතකට එන්න අවශ්‍යයයි.නැත්නම් එක පැත්තකට ජයග්‍රහණයක් නැහැ. සයිටම්  එහෙමයි. සයිටම් ප්‍රශ්නෙත් එක පැත්තක් මස්  පංගුවක් ඉල්ලනවා අනිත් පැත්ත බැහැ කියනවා.මැද පිළිවෙතකට දෙපැත්තම එන්න අවශ්‍යයයි.

අද  රබර් මිළ ක්‍රමයෙන් වැඩි වෙනවා.රබර් මිළේ ප්‍රශ්නයක් තිබුණා ඇමතිවරයෙක් විදිහට වැඩ භාර ගන්නකොට. දැන් ඒ මිළ ප්‍රශ්නය ගොඩාක් දුරට විසඳිලා තියෙනවා. තේ මිළ ඉතාමත් හොඳ තත්ත්වයක තිබෙනවා.ඇතිවුණ  අයහපත් කාලගුණ තත්ත්වය නිසා කුඩා තේ වතු හිමියන් රැසකට අලාභ හානි වලට මුහුණ පෑමට සිදුවුණා.මම බලාපොරොත්තු වෙනවා ඒ සිදුවුණ අලාභ හානි වලට වන්දි මුදල් ලබා දෙන්න. ඒ මුදල් අපි ලැබිලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා මේ ආයතනයේ තිබෙන ප්‍රශ්න ගැටළු නිරාකරණය කරන්නට.එකක් මිනිසුන්ගේ පැත්තෙන් අනෙක් එක ආයතනය පැත්තෙන්.අනිත් එක පොදු අරමුණක් කරා යාම සඳහා අපි වැඩ කරන්න ඕනේ. මම බලාපොරොත්තු වෙනවා කැබිනට් පත්‍රිකාවක් යොමු කරලා තුරු සවිය හරහා විශාල සම්පත් ප්‍රමාණයක් ලබා ගන්නට.

විශේෂයෙන් අද අපි මෙතනට පැමිණියේ නව පරිපාලන ගොඩනැගිල්ලක් විවෘත කිරිම සහා සහ  තාක්ෂණ නිළධාරින්ට පත්විම් ලබාදීම සහායි.විශේෂයෙන්ම මේ රබර් පර්යේෂණ ආයතනය ලෝකයේ තියෙන පැරණිතම රබර් පර්යේෂණ ආයතනය ලෙස හුන්වන්න පුළුවන්.ඉංග්‍රිසින්ගේ කාලයේ තමයි මේක පටන් ගත්තේ.

මම සතුටු වෙනවා අද  මේ නව දින පරිපාලන ගොඩනැගිල්ල ලබා දීම ගැන.ගිය අවුරුද්දේ මිලියන 30ක් ලබා දුන්නා උපකරණ ලබා ගන්න.මේ අවුරුද්දේ මිලියන 30ක් ලබා දිලා තියෙනවා.අනාගතයෙත් අපි භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කරලා හැකි උපරිම සම්පත් ප්‍රමාණය ලබා දෙනවා. මක් නිසාද රබර් භෝගය,රබර් ආර්ථිකය සම්බන්ධව අපිට තවමත් විශ්වාසයක් තිබෙන නිසා.මොකද රබර් කියන වචනය ඉතිහාසයෙන් මකන්න බැහැ.රබර් වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. සාම්ප්‍රදායික ක්‍රම පමණක් නොව නව තාක්ෂණ ක්‍රම රබර් ක්ෂේත්‍රය සඳහා භාවිත කළ යුතුයි.

අද මම කියන්න කැමතියි රබර් නිෂ්පාදනය එක පැත්තකින් කඩා වැටිලා තියෙනවා. නමුත් 1980 ගණන් වල මැද භාගයේ ගරු ජේ.ආර් ජයවර්ධන මැතිතුමා ඉතාමත් දූරදර්ශි තීරණයක් ගත්තා.එතුමා ඒ අවස්ථාවේ නිදහස් වෙළ කලාප ඇති කරලා විශාල වශයෙන් රබර් කර්මාන්ත ශාලා වලට අවකාශය ලබා දුන්නා රබර් නිෂ්පාදනය සහා.දැන් ඒ විදේශ සමාගම් ඇවිල්ලා නිදහස් කලාපය තුළ  රබර් නිෂ්පාදනය කරනවා. ඉතාමත් හො තත්ත්වයේ ටයර් වගේ දේවල්. එම නිසා තේ වලින් අපට ඇමරිකානු ඩොලර් රුපියල් බිලියන 1.5ක්  ලැබෙන අතර රබර් අපනයනයෙන් රුපියල් බිලියනයක් ලැබෙනවා.අපේ නිෂ්පාදන අඩු වුනත් විදේශ විනිමය රබර් වලින් අපට ලැබෙනවා.

ඉතිං ඒක 1980 ගණන් වල ජේ.ආර් ජයවර්ධන මැතිතුමා දැක්ක දූරදර්ශි  නායකත්වය. එතුමා ඒක කරන්න යනකොට බොහෝ රබර් නිෂ්පාදකයන් විරුද්ධ වුණා. පෙත්සම් ලියලා එතුමාට කිව්වා මේක කරන්න එපා කියලා නමුත් එතුමා ඒක කළා. එතුමා අවශ්‍ය තිරණ ගත්තා.අද අපිත් මේ රබර් පර්යේෂණ ආයතනයට අවශ්‍ය තීරණ ගන්න අවශ්‍යයයි.මෙහි සේවකයෝ 450ක් සිටිනවා.එතකොට සේවකයෝ 69ක් අරන් තියෙනවා චෙක් රෝල් ක්‍රමයෙන්. එගොල්ලන්ව ස්ථිර කරලා තියෙනවා මේක වැරදි තිරණයක්. මනුෂ්‍යයන්ගේ පැත්තෙන් නෙමෙයි මම කියන්නේ ආයතනය පැත්තෙන්.එක වැරදි තීරණයක් මම නම් කවදාවත් ඇමතිවරයෙක් විදියට ඒ වගේ තිරණ ගන්නේ නැහැ.මටත් දේශපාලනය කරන්න අවශ්‍යයයි.මමත් දේශපාලනඥයෙක්. මිනිස්සුන්ගේ ඡන්ද වලින් පාර්ලිමේන්තුවට යන්නේ. නමුත් කවදාවත් මගේ දිස්ත්‍රික්කයේ මගේ ආසනයේ තියෙන ආයතන වැටෙන්න දෙන්නේ නැහැ. එම නිසා මේ ප්‍රශ්නය අපේ ලේකම්තුමා ප්‍රකාශ කළ පරිදි භාණ්ඩාගාරයත් සමඟ සාකච්ඡා කරලා හොඳ විසඳුමක් තමුන්නාන්සේලාට ලබා දෙයි. නමුත් මේ ආයතනය ගැන තමයි මම බලන්නේ.

මේ ආයතනය සම්බන්ධව සමහර අමාරු තීරණ අපිට ගන්න සිද්ධ වුණා.අපගේ ආයතන ප්‍රධානින් සමඟ මම කතා කළා.ඔවුන්ගේ සියළු ගැටළු සම්බන්ධව අපි විවෘතව කතා කළා.අපි ඒ ප්‍රශ්න වලට විසදුම් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.ඉතිං මගේ ඉලක්කය බලාපොරාත්තුව මගේ දේශපාලන දර්ශනය තමයි විශේෂයෙන් ආයතනයක් තුළ ඉතාමත් විවෘතව සංවේදීව තමාගේ ආයතනයේ තිබෙන ප්‍රශ්න ගැන සාකච්ඡා කරලා වැඩ කිරිමේ වතාවරණයක් ආයතනය තුළ තිබිය යුතුයි.

ඉතිං අපි ක්‍රමක්‍රමයෙන් මේ ආයතනයට ඒක හඳුන්වා දෙනවා.මේ ආයතනය තුළ ඒක තිබ්බ දෙයක්. නමුත් මේ ආයතනයෙන් ඒක නැතිකළා.මේ ආයතනයට තේ පර්යේෂණ ආයතනයට,පොල් පර්යේෂණ ආයතනයට අපි මිලියන ගාණක් වෙන් කරනවා. මේවා මහජන මුදල්,මේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදල්. අපිට යුතුකමක් තියෙනවා එක පැත්තකින් දේශපාලනඥයින් වශයෙන් ඒ ඒ ආයතනයේ සේවකයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කරන්න අනෙක් පැත්තෙන් සේවකයන්ගේ යුතුකමක් තියෙනවා ආයතනය ආරක්ෂා කරන්න.

අපි මනුෂ්‍යයන් වශයෙන් කටයුතු කරමු. අපි මනුෂ්‍ය හැඟිම් හඳුනා ගෙන කටයුතු කරමු.මට වඩා අපි කියන හැඟිම වැදගත්.අපි හැමෝම සාමුහිකව වැඩ කරමු යයි  පැවැසීය.

Leave A Reply

Your email address will not be published.