ඩෙංගු රෝගීන්ට ලබා දෙන අවශ්‍යම ඖෂධ වර්ගයක් ලෙස සැලකෙන ඩෙක්ස්ට්‍රන් 40 ( dextran 40) නැමැති ඹෟෂධය මේ වන විට ගාල්ල කරාපිටිය රෝහල තුළ නොමැති වීම නිසා රෝගීන් දැඩි අපහසුතාවයකට ලක්ව ඇතැයි ඩෙංගු රෝගය සෑදී ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කරන ලද රෝගීන්ගේ ඥාතීන් පවසයි.
ඩෙංගු රෝගය දැඩිව පවතින මෙවන් අවස්ථාවක මෙම ඹෟෂධ වර්ගය අනිවාර්යයෙන්ම රෝහල තුල තිබිය යුතු බවත් එසේ නොමැති වු විට රෝගීන්ට දීමට ඇත්තේ සේලයින් පමණක් බවත් මේ සම්බන්ධයෙන් විමසීමේ දී ඔවුන් වැඩිදුරටත් පැවසීය. මෙහි දී රෝගීන් දැඩිම අපහසුතාවයකට පත්ව ඇත්තේ අදාල ඹෟෂධය මේ වන විට පෞද්ගලික බෙහතේ ශාලා වල පවා නොමැති වීම බව ද රෝගීන් වැඩිදුරටත් පවසයි. ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ ඉතා ඉක්මනින් මෙම අදාල ඖෂධ රෝහල වෙත ලබා දීමට කටයුතු කරන ලෙසයි.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අප කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක ගෙන් විමසීමේ දී ඔහු මෙසේ පැවසීය.
රෝගීන් සංඛ්‍යාව වැඩි වීම නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. ඊයෙත් මම කොළඹින් මේ ඖෂධයෙන් 40 ක් ගෙන්වා ගත්තා. නමුත් ඒ ප්‍රමාණය මදි. දවසට 100 ක් වෙතර ඕන වෙනවා. දිනකට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව එක්වර ඉහල ගිය නිසා තමයි මෙවැනි තත්වයක් ඇතිවුනේ. අද මාතරින් ටිකක් ගෙන්වන්න මේ වන විට කටයුතු කරමින් ඉන්නවා. කොහොම වුනත් දින කීපයක් යන කොට අදාළ ඖෂධ ඉක්මනින් ගෙන්වා ගැනීමට හැකිවේ යැයි සිතනවා.
සුනෙත් ගාල්ලගේ- ගාල්ල