topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මේ ආණ්ඩුව උද්ඝෝෂණ කරනවට කැමතියි.

 

Minister_ Thalatha_Athukorala_Rathnapura news

මේ ආණ්ඩුව උද්ඝෝෂණ කරනවට කැමති බවත්, අද රටේ ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක්, නිදහසේ ජීවත්වීමේ අයිතියත් ලබා දී ඇති බවත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ සඳහන්  කළාය. අමාත්‍යවරිය මේ අදහස් ප‍්‍රකාශ කලේ රත්නපුර, ඇලපාත ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ ආපදා වලින් විපතට පත්වූවන් වෙනුවෙන් රජයෙන් ලබා දෙන රුපියල් 7500 ක මාසික කුලී දීමනාව අවතැන් වූ පවුල් 104 ක් සදහා ලබා දීමත්, ජාතික තරුණ සේව සභාව මඟින් කි‍්‍රයාත්මක කෙරෙන ගමට කෝටියක් වැඩසටහන යටතේ ව්‍යාපෘති සඳහා චෙක්පත් බෙදා දීමත් සහ කී‍්‍රඩා සමාජ වෙත ක්‍රීඩා උපකරණ බෙදා දීමත් සඳහා  වූ ඇලපාත ප‍්‍රදේශීය ලේකම් කාර්යාලයේදී පැවති වැඩසටහනට එක් වෙමිනි.

එහිදී  වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරිය,  ”රජයේ වගකීමක් විදියට ගංවතුර ඇතිවුනු දවසේ මේ වෙනකන් ඒ අයට සහන සැලසීමේ කටයුතු කර ගෙන යන්නේ. විශේයෙන්ම ස්වාභාවික විපතකින් මරණයට පත් වුනු කෙනෙක්ට රුපියල් ලක්ෂයක් දක්වා ගෙවීමට මේ ආණ්ඩුව කටයුතු කළා. පහුගිය කාලේ මීතොටමුල්ල කුණු කන්ද නාය ගිහින් යට වුනු 30 දෙනෙකුට ඊටත් වැඩි ප‍්‍රමාණයක් ගෙවන්න කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන්නා. ලක්ෂ 10 දුන්නා. ආපදා තත්වය නිසා හානි වුනු පාඩු ලබපු අයට හැම කෙනෙකුටම රුපියල් 10,000ක් ගෙවන්න කියලා. මොකද පැමිණිලි රාශියක් තියනවා. වතුරට නිකන් යට වුනත් 10,000 ලියලා තියනවා. මේවා පූර්ණ අධික්ෂණයක් කරලා තමයි මේ ගෙවීම් කරන්නේ. ආරංචියි කට්ටියක් උද්ඝෝෂණය කරන්න යනවා කියලා. අපි ඒවට කැමතියි. මේ ආණ්ඩුව උද්ඝෝෂණය  කරනවාට කැමතියි. ඒකෙන් පේනවා මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය. නිදහසේ ජීවත් වීමේ අයිතිය රජයක් විදියට කොයිතරම් තහවුරු කරලා තියනවද කියලා.

ටීවී එකක් ළඟ වාඩි වුනොත් කොයිකරම් දේවල් අහන්න පුලූවන්ද. සයිටම් එපා කියලා කෑගහනවා. සයිටම් පටන් ගත්තේ 2011, සයිටම් එපා කියන්නේ 2017දී. උමා ඔය නවත්තමු කියනවා. උමා ඔය පටන් අරගෙන මේ රජය පටන් ගන්නකොට  සියයට 62 ක් වැඩත් ඉවරයි. ඩොලර් මිලියන එකසිය ගාණකින් කරන්න තිබුණු එක රාජපක් මහත්තයලා ඩොලර් මිලියන 500 ගාණක් දක්වා ණය වැඩි කරලා තියනවා. අපි දන්නේ නැහැ ඇයි වැඩි කලේ කියලා. ඒවා අත්සන් කරලා තියෙන්නේ සහෝදරයින්ගේ නිල නිවස වල. එහෙම කරපු ආණ්ඩුවක් කියනකොට කට වහගෙන හිටපු මිනිස්සු දැන් යන යන තැන උද්ඝෝෂණය කරනවා. ඒක හොඳයි අපි කැමතියි. අපිට එතකොට කවුරුත් කියන දේවල් අහන්න  ඕනි නැහැ. අපි දන්නවා රටේ තියන ප‍්‍රශ්න මොනවද කියලා. රජයක් විදියට අපිට සන්තෝෂ වෙන්න පුලූවන් අන්න අද මිනිස්සු නිදහසේ ජීවත්වෙනවා. කවුරුත් ගහන්න යන්නේ නැහැ. සුදු වෑන් වලින් උස්සන්නේ නැහැ. මළමිණි පාර ළඟ දාලා යන්නේ නැහැ. මේ නිදහස අද දීලා තියෙන්නේ අධිකරණයේ නිදහස, ස්වාධිනත්වයත් ආරක්ෂා කරලා. අධිකරණයට කවුරුත් කියන්නේ  නැහැ හෙට මේ නඩුව එනවා මේ තීරණය දීපන් කියලා. මේ රටේ ශී‍්‍ර ලාංකිකයින්ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ  යයි කියා සිටියේය.

Leave A Reply

Your email address will not be published.