පසුගිය යුද සමයේදී යුද අපරාධ සහ මානව හිමිකම් කඩ වූයේ යැයි කියන සිද්ධීන්වලට අදාළව පැවැත්වෙන පරීක්ෂණ දේශීය විනිසුරුවරු පමණක් සිදු කළ යුතු බව ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.
ඔහු පවසා සිටියේ මෙරට පැවැත්වෙන නීති රීති ව්‍යවස්ථාවන්ට අනුව මෙරට සිද්ධියක් සම්බන්ධව පරීක්ෂණ කටයුතු සිදු විය යුත්තේ මෙරටට අදාළ නීති රීති සහ මෙරට විනිසුරුවරුන් යටතේ පමණක් බවයි. එ් අනුව පසුගිය කාලයේ සිදු වූ බව කියන සිදුවීම් සම්බන්ධව සෑම පරීක්ෂණයක්ම මෙරට විනිසුරුවරුන් යටතේ සිදු විය යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මේ පරීක්ෂණ සම්බන්ධව විදේශීය වශයෙන් ඉහළ මට්ටමේ අවධානයක් ඇති නිසා එම පරීක්ෂණ විනිවිදභාවය ප්‍රකට වන අයුරින් සිදු කළ යුතු බව ඔහු පවසයි. එහිදී විදේශීය නිරීක්ෂකයන්ගේ යම් සහභාගිත්වයක් තිබිය යුතු හෙයින් විදේශීය උපදේශකයන්ගේ සහාය පමණක් ඒ සඳහා ලබාගත යුතු බැවින් එසේ ලබාගැනීම සම්බන්ධව ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් තවත් කිහිප දෙනකුත් සාකච්ඡා කළ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.
පසුගිය යුද කාලයේදී පොකුරු බෝම්බ පාවිච්චි කළ බවට පළවෙන චෝදනා සම්බන්ධව නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කළේ පොකුරු බෝම්බ පාවිච්චි කිරීම යුද්ධයේදී සතුරු පාර්ශ්වයට මෙන්ම එය එල්ල කරන පාර්ශ්වයටද විශාල ලෙස හානි ගෙනෙන බැවින් ඒවා යුද්ධයේදී භාවිතා නොකළ බවය.