topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නව ව්‍යවස්ථාව තීරණාත්මක තැනක.

ආගමික සහජීවනය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් මේ සතිය තුළ පැවැත්වීමට නියමිත බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ගැන ශ්‍රී ලංකා විදේශ වාර්තාකරුවන්ගේ සංගමය සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ සාකච්ඡා වූ කරුණු මත පදනම් වූ අන්තර්කාලීන වාර්තාව ගැන පක්ෂවල අදහස් හෙට දිනයේ පැවැත්වෙන මෙහෙයුම් කමිටුවේ සාකච්ඡාවට පෙර පක්ෂවලට ලබාදෙන ලෙස පක්ෂවලට දන්වා තිබෙන බව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සිය නිල ස්ථාවරය තවමත් දන්වා නොමැති අතර, ආණ්ඩුවේ ප්‍රධාන පොරොන්දුවක් වූ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන ද ඔවුන් තවමත් නිල ස්ථාවරයක් ප්‍රකාශ කර නොමැත.

“කර තිබෙන ඇඟවීම් අනුව පෙනෙන්නේ ඔවුන් විධායක ජනාධිපති ධුරය එළෙසම පවත්වාගෙන යාමට කැමති ආකාරයකුයි, ඔවුන් එහි බලතල අඩු කරන්න කැමතියි ඒ වුනාට” යනුවෙන් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පැවසීය.

සම්පාදනය කරන්නේ නව ව්‍යවස්ථාවක් ද නැතිනම් සිදු කරන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් ද යන්න පිළිබඳ පවා ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර එකඟතාවක් ඇති නොවීම මෙම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමය කල් යාමට හේතු වී තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

‘නව ව්‍යවස්ථාවකට කැමැත්ත’

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

“එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ හා වමේ පක්ෂ නව ව්‍යවස්ථාවකට කැමැත්ත පළකර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් ඒ ගැන සිය ස්ථාවරය ප්‍රකාශ කර නැහැ” යනුවෙන් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය නිල ස්ථාවරය ලිඛිතව මේ සතියේ ඉදිරිපත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ආණ්ඩුව බලයට පත් වී තුන් වසරක් සම්පූර්ණ වීමට පෙර අවසන් කළ යුතු බව තම මතය බවත් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සඳහන් කළේය.

“හැකි ඉක්මනින් මේ දේ කළ යුතුයි, පාර්ලිමේන්තුවක අවසන් කාලය මේ සඳහා සුදුසු නැහැ, 2000 ව්‍යවස්ථාව පරාජය වුනෙත් එය පාර්ලිමේන්තුවේ අවසන් කාලයේ ඉදිරිපත් වුණු නිසයි, මොකද දේශපාලන සාධක ඊට බලපෑවා”

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර ව්‍යවස්ථාවේ මූලික කරුණු ගැන එකඟත්වයක් ඇතිවුවහොත් අපිට මේක කෙටුම්පත් කිරීම ආරම්භ කරන්න පුළුවන්”

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේ අන්තර්කාලීන වාර්තාව ගැන එකඟතාවකට පැමිණ එය මේ සතියේ එළිදැක්වීමට හැකිවනු ඇතැයි යන්න තම බලාපොරොත්තුව බව කී ආචාරය ජයම්පති වික්‍රමරත්න ඉන් පසු එය ජනතාව අතර සාකච්ඡාවට ලක්කළ හැකි බව පැවසීය.

නව මැතිවරණ ක්‍රමය

පාර්ලිමේන්තුව

නව මැතිවරණ ක්‍රමය පිළිබඳව පක්ෂ අතර සතුටුදායක ප්‍රගතියක් ඇතිවී තිබෙන බව පැවසූ මන්ත්‍රීවරයා මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමයක් ගැන සාකච්ඡා වෙමින් තිබෙන බවත් සඳහන් කළේය.

මෙම ක්‍රමය නවසීලන්තයේ ඇති ක්‍රමයට සමාන බව කී ඔහු ආසනයකට මන්ත්‍රීවරයෙක් මෙන්ම කුඩා පක්ෂවල නියෝජනයක් මෙම ක්‍රමය මගින් සහතික වන බව පෙන්වා දුණි.

“දැනට සාකච්ඡා වන ක්‍රමය පසුගිය මැතිවරණය හා සැසඳුවොත් ජනතා විමුක්ති පෙරමුණට දැන් තියෙන ආසන 6 වෙනුවට 12 ක් ලැබෙනවා, මේ ක්‍රමය ගැන ගැටලු කිහිපයක් තියෙනවා නමුත් ඒවා සාකච්ඡා කරලා විසඳ ගන්න පුළුවන්”

පාර්ලිමේන්තුවට අමතරව පළාත් නියෝජනය සහිත දෙවන මන්ත්‍රණ සභාවක් ගැන ද සාකච්ඡා වෙමින් පවතින බව ඔහු සඳහන් කළේය.

බලය බෙදාහැරීම

තමන්ට අනුව බලය බෙදාහැරීම ගැන හොඳම යෝජනා ඉදිරිපත් කර තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් මහ ඇමතිවරුන් බව කී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න තමන් ද එම යෝජනා වලට එකඟ බව පැවසීය.

නව ව්‍යවස්තාව

පළාත් සභාවලට නිසි ලෙස බලය පැවරීම, ආණ්ඩුකාරවරයාට ඇති බලතල අඩු කිරීම හා ජාතික ප්‍රතිපත්ති සෑදීමේ දී පළාත් සභා දායක කර ගැනීම වැනි යෝජනා ඔවුන් ඉදිරිපත් කළ බවත් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න කියා සිටියේය.

ව්‍යවස්ථාව තුළ ශ්‍රී ලංකාව ඒකීය රටක් බවට සඳහන් කිරීමට දෙමළ ජාතික සන්ධානය ද එකඟ වී ඇති බව පෙන්වා දුන් ආචාර්ය වික්‍රමරත්න ඒ ගැන ඔවුන්ගේ ඇති එකම ඉල්ලීම වන්නේ ඉංග්‍රීසියෙන් සටහන් වන ව්‍යවස්ථාවේ ද ඒකීය යන වචනය භාවිත කළ යුතුය යන්න බවය.

ඒකීය යන වචනයේ දැනට භාවිත වන ‘Unitary ‘යන ඉංග්‍රීසි වචනය විවිධ තේරුම් දෙන වචනයක් බව දෙමළ ජාතික සන්ධානයේ අදහස වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඒකීය යන වචනය මගින් ශ්‍රී ලංකාව නොබෙදුණු රටක් හා බෙදා වෙන්කළ නොහැකි බව හා ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ජනතාව සතු බව වැනි කාරණා කියවෙන බව පැවසූ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න එම වචනයේ තේරුම ද නිසි ලෙස ව්‍යවස්ථාවට ඇතුළත් වනු ඇති බව කියා සිටියේය.

ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී තවදුරටත් සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට නියමිත බව ඔහු වැඩිදුරටත් පැවසීය.

(BBC ඇසුරෙණි.)

Leave A Reply

Your email address will not be published.