topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

”අපේ පක්ෂයේ අය අතර කිසිම මතභේදයක් නැහැ.- ඇමති නවීන් දිසානායක.

5555-01
“මගේ තාත්තා ගාමිණි දිසානායක මැතිතුමා. ඇතුළත්මුදළි මැතිතුමා පක්ෂයෙන් එළියට ගියා. එළියට ගියාම අනාථ වුණා. ඔවුන් දැවැන්ත සටනක් කළා ප්‍රේමදාස මැතිතුමාට විරුද්ධව. නමුත් ඒක ඉතාමත් අමාරු සටනක් වුණා. එම නිසා විජයදාස මැතිතුමාට මම කියන්නේ ඔබතුමන් හිතනවා නම් මේ පක්ෂ දෙකෙන් වෙන් වෙලා ගමනක් යන්න ඒක ඉතාමත් කෙටීකාලීන දෙයක් විදිහට තමයි මම දකින්නේ.මොකද මිනිස්සු කොච්චර බැන්නත් ඡන්දේ දෙන්නේ ඔය පක්ෂ දෙකට. ඉතිං අපි අළුත් යුගයක් ඇති කරන්න අවශ්‍යයයි.”
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක අමාත්‍යවරයා මේ බව පැවසුයේ පසුගිය දිනක අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ආරාධනයෙන් කුලියාපිටිය ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් හමු වු අවස්ථාවේදීය.
තව දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා …
අද මම විශේෂයෙන් සතුටු වෙනවා එක්සත් ජාතික පක්ෂයෙන් කුලියාපිටියේ ජනතාවට අළුත් දේශපාලන තරුවක් බිහි කරන්න හැකිවීම සම්බන්ධයෙන්. එදා ගාමීණි දිසානායක, ඇතුළත් මුදළි මහත්මයා, ප්‍රේමදාස මැතිතුමා බිහිකළේ අපේ එක්සත් ජාතික පක්ෂය. මේ අවුරුදු 25 ම එක්සත් ජාතික පක්ෂය තමයි තරුණ දක්ෂ මන්ත්‍රීවරු බිහි කරලා තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මා දකින්නේ මහින්ද රාජපක්ෂ මහතා පමණයි අරගල කරලා ඒ පක්ෂයේ නායකයා වුණේ. නමුත් එතුමා ඒ පුටුවේ වාඩි වුණාම එතුමාත් ඒ පීඩනයම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති කරන්න.ඒක තමයි පවුල්වාදය. එතුමාගේ පවුලෙන් තොර වෙන කවුරුත් නැහැ. ඒක තමයි පක්ෂය කැඩුණේ. අපේ පක්ෂය එහෙම නැහැ. අපේ නායකතුමා දක්ෂ මැති ඇමතිවරු රාශියක් බිහි කරලා තියෙනවා. අපේ පක්ෂයේ අය අතර කිසිම මතභේදයක් නැහැ. අපි එක හා සමානව වැඩ කරනවා.
අපි ඇවිත් තවම අවුරුදු දෙකයි.මහාවැලිය පටන් ගත්තේ 1979 දී ඒ බලයට ඇවිත් අවුරුදු දෙකක් ගිහින්. ගම් උදාව පටන් ගත්තේ 1980දී අවුරුදු 03ක් ගියාට පස්සේ. ඇතුළත්මුදලි මහතා මහාපොළ පටන් ගත්තේ අවුරුදු 04ක් ගිහින්. ඉතිං අපිට තියෙන්නේ කාලයත් සමඟ ප්‍රශ්නයක්. අපි දන්නවා මේ නායකයන් දෙපළගේම අත් පිරිසිදුයි කියලා. ඔවුන් උත්සහා කරන්නේ මේ රට හොඳ තැනකට රැගෙන යන්නටයි.
අපේ පවුල්වාද, හොරකම් නැහැ. යම් කිසි හොරකමක් වෙලා තියෙනවා නම් අපි ඒක හොයනවා. ගාමිණි ජයසුරිය මැතිතුමාගෙන් පසුව ඉතාමත් ප්‍රබල ඇමතිවරයෙක් ඉල්ලා අස්වුණ අවස්ථාව තමයි රවී කරුණානායක මැතිතුමාගේ ඉල්ලා අස්වීම. මේක තමයි යතාර්ථය. දේශපාලනඥයින් මේ තනතුරු වලට ඇවිත් කරන්නේ හම්බ කරන එකමයි. ඒත් අපි අළුත් සංස්කෘතියක් පටන් ගෙන තියෙනවා. යම්කිසි වැරැද්දක් වෙලා තියෙනවා නම්, චෝදනාවකට ලක් වෙලා තියෙනවා නම් අයින් වෙන්න. නම සුද්ධ කරගෙන ආයෙත් එන්න.
මේ රටේ පුර්ණ ප්‍රජාතත්ත්‍රවාදී ක්‍රමයක් තියෙනවා. ඒ පුර්ණ ප්‍රජාතත්ත්‍රවාදී ක්‍රමය අපින් 25 දා තවත් ශක්තිමත් කළා. අපේ රජයට පුළුවන් වුණා ප්‍රාදේශිය සභාපතිවරයා තමන්ගේ වසමට වග කිය යුතු තත්ත්වේ ඉතාම හොඳ ක්‍රමයක් මේ රටට හඳුන්වා දෙන්න.
අද කාටවත් කියන්න බැහැ සුදු වෑන් එනවා කියලා, ලසන්ත වික්‍රමතුංග වගේ ජනමාධ්‍යවේදීන් මරනවා කියලා. පුර්ණ නිදහස තියෙනවා. රජයට විරුද්ධව ඕනෑම දෙයක් කරන්න පුළුවන්. කිසිම ගැටළුවක් නැහැ. අපි ජනමතයට හිස නමනවා. අපි කවදාවත් උත්සහා කරන්නේ නැහැ ජන මතයෙන් පිට පාලනය කරන්න. අපි මීට වඩා හොඳ මව්බිමක් තමුන්නාන්සේලාට හදලා දෙනවා.
මම මේ ඇමතිකම භාර ගන්න කොට නායකතුමාගෙන් ඇහුවා ඇයි මට මේ ඇමතිකම දුන්නේ කියලා. ඉතිං මට තේරුම් ගන්න බැරි වුණා. හැමදාම අමාත්‍යාංශය ඉස්සරහා උද්ඝෝෂණ.තේ මිළ බැහැලා රුපියල් 40 යි 50 යි.තේ මිළ අඩු නිසා මිනිසුන් ජීවත් වෙන්නේ අමාරුවෙන්. ඉතිං ක්‍රමයෙන් මේ අභියෝග වලට මුහුණ දීලා අපි ඉදිරියට ඇවිත් තියෙනවා. අද තේ මිළ කුඩා තේ වතු හිමියෙක්ට රුපියල් 90ත් 100ත් අතර තියෙනවා. අපි සහනාධාරය දිගටම දෙනවා. අපි වැඩ කළාට අපි ලකුණු දාගන්නේ නැහැ. තමුන්නාන්සේලා මෙතනට ආවේ නැතත් මේ චෙක්පත තමුන්නාන්සේලාට ලැබෙනවා. අපි මේක තමුන්නාන්සේලාගේ ගිණුම් වලට මේක දානවා. ලබන වසරේ සිට අපි බලාපොරොත්තු වෙනවා කුපන් ලබාදෙන්න. එතකොට තමුන්නාන්සේලාට පුළුවන් කුපන් එක පෙන්නලා පොහොර ලබා ගන්න. අපි කවදාවත් පොහොර සහනාධාරය කපන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ ජතාව ජීවත් වෙන්නේ කෘෂිකර්මාන්තයෙන්. ජනතාවගේ නාඩි දැනගෙන කටයුතු කරන ආණ්ඩුවක් මේක.
විශේෂයෙන් වැවිලි ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් ඇති කරන්න මා බලාපොරොත්තු වෙනවා. මට තව අවුරුදු දෙකක් තිබුනොත් මං මේ ක්ෂේත්‍රය හරියට හදනවා. නියඟය නිසා පොල් වගාකරුවන් ඉන්නේ ඉතාමත් අමාරුවෙන්. පොල් මිළ වැඩි වෙලා. අපි බලාපොරොත්තු වෙනවා තව මාස 03 කින් 4 කින් මේ නියඟය නැතිවෙලා අපේ නිෂ්පාදන වැඩි වෙයි කියලා.
මා අනුමානය කරනවා තේ වලට වඩා වැඩි විදේශ විනිමයක් පොල් වලින් ගන්න පුළුවන් වෙයි කියලා. තව අවුරුදු 10 කින් පොල් වල විනිමය අගය වැඩි වෙනවා තේ වලට වඩා. ජාත්‍යන්තර වෙළඳපොළේ ඉතාමත් හොඳ ඉල්ලුමක් තියෙනවා පොල් වලට.
අපි කොච්චර දියුණු වුනත් තේ, පොල්, රබර් වලින් තමයි විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලැබෙන්නේ.තේ වලින් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් පොල් වලින් මිලියන 800ක් ඒ වගේම රබර් වලින් ලැබෙනවා බිලියන 1.3 ක්. මේ තුනම එකතු කළාම ඇඟළුම් වලට වඩා වැඩි විනිමය ප්‍රමාණයක් අපිට ලැබෙනවා යැයි අමාත්‍යවරයා පැවසීය.

Leave A Reply

Your email address will not be published.