topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පුරාවිද්‍යාත්මක සහ සංචාරක ආකර්ෂණය දිනාගත හැකි ස්ථාන හදුනාගැනීමට සහ සංරක්ෂණයට විශේෂ වැඩපිළිවෙලක්.

 

 Akila-Viraj-Kariyawasam

මධ්‍යම  සංස්කෘතික අරමුදලේ ප්‍රගති සමාලෝචන සැසියක් ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ අධ්‍යාපන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි. 

එහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා, මිල කල නොහැකි උරුමය මතු පරපුරට දායාද කිරීම සම්බන්ධව විශාල  වගකීමක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත්මධ්‍යම සංස්කෘතික අරමුදලටත් පැවරෙන බවත් එම රාජකාරි ඉටුකිරිමේදීඑම ආයතන නිසි සම්බන්ධීකරණයකින් යුක්තව කටයුතු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා තෝරාගත් ස්ථානයක පුරාවිද්‍යාත්මක සංරක්ෂණ කටයුතු ඉටුකිරීම සදහා අනුමැතිය ලබා දීමේදී යම්කිසි නිශ්චිත ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බවට නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමේ ඇති ජාතික වැදගත්කම සහ පුරාවිද්‍යාත්මක ස්ථාන හා සබැඳි සංචාරක ව්‍යාපාරය සම්බන්ධව අදහස් දැක්වූ අමාත්‍යවරයා සංචාරක ආකර්ශනය දිනාගෙන ඇති පුරාවිද්‍යාත්මක ස්ථාන වල මූලික යටිතල පහසුකම් සංවර්ධනය කඩිනම් කරන ලෙස ද  නිළධාරීන්ට උපදෙස් ලබා දුන් අතර,  පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමේදී එම ස්ථාන සංචාරකයන්ට විවෘත කර උපයාගත හැකි මූල්‍යමය ලාභ අපේක්‍ෂාවන්ට වඩා එම ස්ථාන සංරක්ෂණය කිරීමේ ඇති ජාතික වැදගත්කම සම්බන්ධව නිළධාරීන්ට දැනුවත් කළ අමාත්‍යවරයා දැනට ප්‍රචලිත නැති, නමුත් සංචාරක ආකර්ෂණය දිනාගත හැකි පුරාවිද්‍යාත්මක ස්ථාන සම්බන්ධව විධිමත් ගවේෂණයක් සිදුකර එම ස්ථාන සදහා නිසි සැලැස්මකින් සමන්විත විධිමත් සංරක්ෂණ ව්‍යාපෘති දියත්කිරීම කෙරෙහි අවධානය යොමුකරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුණි.  

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ‍ අප්‍රකට නමුත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන හදුනාගැනීමේ කාර්යය සදහා මහජනතාවගේ සහයද ලබාගන්නා ලෙසයි. මෙම සියලු වැඩසටහන් වල අවසන් ප්‍රතිපලය විය යුත්තේ මෙරට අතීත උරුමයන් සහ ප්‍රෞඩත්වය අනාගත පරම්පරාව වෙනුවෙන් ආරක්ෂාකර දීම බවත් සිහිපත්කල අමාත්‍යවරයා රටේ අභිමානය ජාත්‍යන්තරයේ ප්‍රචලිත කිරීම සදහාද එය මහගු පිටිවහලක් වන බවද සදහන් කළේය

මෙරට තවත් සුවිශේෂී ස්ථාන කිහිපයක් යුනෙස්කෝ ලෝක උරුමයන් ලෙස නම් කරගැනීම සදහා තමා එහි විධායක කමිටු සාමාජිකයෙකු ලෙස උපරිමයෙන් දායක වන බව ද පැවසූ අමාත්‍යවරයා සැසිය අතරතුර නිළධාරීන් ක්ෂේත්‍රයේ මුහුණපාන ප්‍රායෝගික ගැටළු සම්බන්ධව ද ඍජු විසදුම් ලබා දීමට කටයුතු කළේය.

මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, අතිරේක ලේකම් අසෝක සිරිවර්ධන, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්ත මණ්ඩාවල, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී විය.

Leave A Reply

Your email address will not be published.