ඉංජිනේරුවන්ට පමණක් වැටුප් වැඩි වීමක් ලබාදීම නිසා විදුලි සේවකයින්ගේ වැටුප් විෂමතාවක් ඇති වූ අතර එය විසඳා පෙර පරිදි 1:6 අනුපාතයට වැටුප් තලය සකස් කරන ලෙස බලකිරීම, ලංකා විදුලි බල මණ්ඩලයේ මහජන මුදල් කොල්ල කන දූෂිතයන්ට දඬුවම් දීම,ලංවිම එන්.වී.කිව් වහල් සේවය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මෙම වැඩ වර්ජනය දියත් කරන බව එම සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් පවසයි. වැඩ වර්ජනය කරන දින දෙක තුළ විසඳුම් නොලැබුණහොත් වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද හෙතෙම පවසයි.මේ අතර රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ  ලබන 20වනදා දක්වා විදුලි සේවකයින්ගේ නිවාඩු අවලංගු කල බවයි.