මහා පරිමාණ වංචා-දුෂණ හා මිනිමැරුම් සම්බන්ධයෙන් චෝදනා ලැබ රටින් පළාගොස් සිටින පිරිස අත්අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර පොලීසිය හා එක්ව කටයුතු කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසයි.
රාජ්‍යයන් අතර අපරාධකරුවන් හුවමාරු කරගැනීමේ උදර්පණ නීතිය යටතේ මෙසේ ඔවුන් මෙරටට ගෙන්වා ගැනීම සිය සැලසුම බවද ඔවුන් සිටින ස්ථාන පිළිබද නිශ්චිත තොරතුරු ජාත්‍යන්තර පොලිසිය මගින් ලබා ගැනීමට හැකි බවද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සහ වංචා විමර්ෂණ කාර්යාංශය මගින් ඊට අදාල ලැයිස්තු ගත කිරීම් කර ඇති බවද පොලිස්පතිවරයා වැඩිදුරටත් සදහන් කර ඇත.