topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනතාවට පොලීසිය පිළිබඳව විශ්වාසයක් තැබිය හැකිවේද? -ඇමති සාගල

Sagala_Rathnayaka_Police

 

පොලීසියේ වගකීම වන්නේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමත් සාමය සුරක්ෂිත කිරීමත් බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක සඳහන් කරයි. ඒ අරලියගහ මන්දිරයේදී පැවති කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී සහ පොලිස් අධිකාරීවරුන්ගේ රැස්වීමේදී උපදෙස් ලබාදෙමිනුයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ පොලීසියේ රාජකාරි හොඳ මට්ටමක පවතින නමුත් තවමත් තමන්ට සතුටුවිය හැකි මට්ටමේ නොමැති බවයි.

 

 

විශේෂයෙන්ම 95%ක් පොලිස් නිලධාරීන් හොඳින් රාජකාරි කලත් ඉතුරු 5% නිලධාරීන්ගේ ක්‍රියාව යෝග්‍ය නොවී තියෙන්නේ රජයේ වරදකින්වත් තමන්ගේ වරදකින්වත් නොවන බව පෙන්වාදුන් අමාත්‍යවරයා කියා සිටියේ පොලිස් නිලධාරීන් විසින් දේශපාලඥයෙක්ට හරි වෙනත් කණ්ඩායමකට හරි සහයෝගය දක්වලා ඇල්මැරුණු බැවින් කටයුතු කලොත් මෙවැනි ප්‍රශ්න ඇතිවන බවයි.

 

 

පොලීසියේ මෙවැනි දුර්වලතා පිළිබඳව උදාහරණ කිහිපයක් පෙන්වාදුන් අමාත්‍යවරයා, පසුගියදා ගල්කිස්සේදී සරණාගතයින් සම්බන්ධයෙන් ඇතිවූ සිදුවීමේදී පොලීසිය ක්‍රියා කල ආකාරය පිළිබඳවද තමන්ට සතුටුවිය නොහැකි බවද සඳහන් කළා. එමෙන්ම ගාලු කොටුව තුලට මීටර් 3 ට වඩා උස ටොන් 5 ට වඩා බර වාහන ඇතුල්වීමට නොහැකි බවට කැබිනට් අනුමැතියකින් ගැසට් පත්‍රයක් නිකුත්වී ඇති අවස්ථාවක මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා එය පිළිනොගැනීම පිළිබඳව තමන් විශ්මයට පත්වන බවද අමාත්‍යවරයා කියා සිටියා. එම පොලිස් ස්ථානාධිපතිවරයා වැඩකරන්නේ කාගේ න්‍යාය පත්‍රයටද කියන එක ගැටලුවක් බවද අමාත්‍යවරයා එහිදී අවදාරණය කළා.

 

ඒ වගේම තමන්ට පසුගියදා දක්ෂිණ අධිවේගී මාර්ගයේදී රිය අනතුරක් සිදුවූ බවත් එහිදී වාහනයක් තම වාහනය වම්පසින් ඉස්සරකර සිය නිල රථයද හප්පාගෙන ගිය අතර එම සිද්ධියේ වගකීම කිසිවෙකු බාරගෙන කටයුතු නොකළ අතර තමන් එහිදී තැනින් තැනට මාරුවෙමින් සිටි බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ. මෙවැනි සිද්ධියකදී ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව ක්‍රමයක් පොලීසිය තුල සකස්කර ඇති බවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.  අඩුම තරමේ, තමන්ට ගෙදරට හෝ යෑමට අවස්ථාව නොදුන් අතර හප්පාගෙන ගිය පුද්ගලයා සෙවීමට නොගොස් මාව වාහනෙන් බස්සලා හැප්පුණු තමන්ගේ වහනය පොලීසියට රැගෙන ගිය බවද අමාත්‍යවරයා සඳහන් කලේය. තමන්ට එහෙමනම් ජනතාවට පොලීසිය පිළිබඳව විශ්වාසයක් තැබිය හැකිවේද යන්න පිළිබඳවද අමාත්‍යවරයා ජේෂ්ඨ පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රශ්නකර සිටියේය.

 

තමන්ට මේ සිදුවන සිදුවීම් පිළිබඳව විශාල සැකයක් පවතින බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කල අතර මීට පෙර අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂක පරිවාර රථ නුවරඑළිය ප්‍රදේශයේදී ගමන් කිරීමේදීද ප්‍රශ්නයක් ඇතිවූ බව අමාත්‍යවරයා එහිදී පේනවා දුන්නා. මෙවැනි සිදුවීම් වනවිට පොලීසිය පිළිබඳව ජනතාවට විශ්වාසය තැබිය හැකිද යන්න පිළිබඳව පවා අමාත්‍ය සගාල රත්නායක අවධාරණය කර සිටියේය.

 

ඒවගේම යම්කිසි සිදුවීමක් වූ විට විශේෂයෙන්ම බරපතල ක්‍රියාවක් වගේ සිද්ධියක් ඇතිවූ විට එම ස්ථානයට කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා හෝ පොලිස් අධිකරීවරයා යායුතු බව අමාත්‍යවරයා අවධාරණය කළා. මීට පෙර යාපනයේ සිදුවූ වෙඩි තැබීමකට අදාළ සිද්ධියකදී අදාළ කොට්ඨාශ භාර නිලධාරියා එම ස්ථානයට පැමිණියේ පැය 7 ට පමණ පසුව බව සිහිපත් කල අමාත්‍යවරයා කියා සිටියේ ඉන් පොලීසියට ගැටලු රැසක් ඇතිවූ බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය මුලින් කල වාර්තාව සාවද්‍ය වාර්තාවක් බවට පත්වී සමාජය ඉදිරියේ හෑල්ලුවටද ලක්වූ බවයි.  ඒ නිසා එවැනි සිද්ධීන්වලදී අදාළ කොට්ඨාශ භාර නිලධාරියා එම ස්ථානයේ සිටිය යුතු බවත් එම සිද්ධිය පිළිබඳව ඍජුවම පොලිස්පතිවරයාව දැනුවත් කලයුතු බවයි අමාත්‍යවරයා එහිදී උපදෙස් ලබාදුන්නේ. පසුගියදා ගල්කිස්සේදී  ඇතිවූ සිද්ධිය පවා වැඩබලන පොලිස්පතිවරයාට මුලින්ම දැනුවත් කලේ තමන් බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියේය. බොහෝ අවස්ථාවල්වලදී තමන් පොලිස්පතිවරයාගෙන් විවිධ සිද්ධීන් පිළිබඳව විමසද්දී එම සිදුවීම් පිළිබඳව පොලිස්පතිවරයාද නොදනුවත් බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

 

එමෙන්ම ඇතැම් අවස්ථාවලදී පොලිස් ස්ථාන, කොට්ඨාශ බාර පොලිස් නිලධාරී කාර්යාල වලින් අදාළ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගෙන්, විවිධ පුද්ගලයින්ගෙන් තීන්ත, කෑම බිම සහ වෙනත් ද්‍රව්‍ය එකතුකරන බවටද තොරතුරු වාර්තාවී ඇතැයිද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.පොලිසියේ උත්සවයක් හෝ වෙනයම් කටයුත්තක් තියෙනවා නම් ඒ සඳහා අවශ්‍ය මුදල් පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලබාගන්නා ලෙසත් ප්‍රදේශයේ සිටින විවිධ පුද්ගලයින් පසුපස ගොස් පොලීසිය අගෞරවයට පත්නොකරන ලෙසත් අමාත්‍යවරයා එහිදී උපදෙස් ලබා දෙනු ලැබුවා.

 

පොලිස් නිලධාරීන් කියනවනම් නිදහස නැහැ කියලා එය ලොකු අසත්‍යක් බව පෙන්වාදුන් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ රාජකාරි කිරීමට අවශ්‍ය නිදහස උපරිමයෙන් ලබාදී ඇති බවයි. නීතිය හා සාමය ආරක්ෂා කරමින් වෘත්තීමය භාවයෙන් ඉහල පොලිස් සේවාවක් ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර ඇති බවද අමාත්‍යවරයා එහිදී සඳහන්කර සිටියා. එමෙන්ම ජනතාවට පොලීසිය පිලිබඳ පවතින විශ්වාසය ඉහල මට්ටමකට ගෙන ඒමටද කටයුතු කලයුතු බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළා.

 

එම සාකච්ජාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සාගල රත්නායක කියා සිටියේ පොලිසියේ පහළ නිලයන්වල සිටින නිලධාරීන්ගේ සුබසාධන කටයුතු පිළිබඳව කටයුතු කලයුතු බවයි. විශේෂයෙන්ම පොලිස් සේවයේ කොදු නාරටිය එම පහළ නිලයන්ට අයත් නිලධාරීන් බව පෙන්වාදුන් අමාත්‍යවරයා ඔවුන්ව ආරක්ෂා කලයුතු බව කියා සිටියා. විශේෂයෙන්ම පොලිස් බැරැක්ක තුල සිටින නිලධාරීන්ට තාම රාජකාරි වටපිටාව සඳහා අවශ්‍යකරන පරිසරය ගොඩනැගිය යුතු බවද අමාත්‍යවරයා කියා සිටියා. ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳව සාකච්ජා කරලා, ඒවා ඉහල නිලධාරීන් අවබෝධකරගත යුතු බවයි අමාත්‍ය සාගල රත්නායක වැඩිදුරටත් සඳහන් කලේ.

 

එමෙන්ම පොලිස් බැරැක්ක පමණක් නොවෙයි පොලිස් ස්ථාන පවා යහපත් මට්ටමේ තිබිය යුතු බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළා. විශේෂයෙන්ම කොට්ඨශ බාර පොලිස් නිලධාරීන් සහ සහකාර පොලිස් අධිකාරීවරුන් විසින් සිදුකරන පරික්ෂාකිරීම් නිසිලෙස ඉටුකළයුතු බව පෙන්වාදුන් අමාත්‍යවරයා එම සෑම පරික්ෂා කිරීමකම වාර්තාවේ පිටපතක් තමන්ටද ලැබීය යුතු බව එහිදී පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදුන්නා. කොහොම උනත් දැනට කොට්ඨාශ බාර නිලධාරීන් සහ සහකාර පොලිස් අධිකාරිවරුන් විසින් පොලිස් ස්ථාන සහ බැරැක්ක පරික්ෂාකිරීම් නියමානුකූලව සිදුවන බවට තමන්ට විශ්වාසයක් නොමැති බවටද අමාත්‍යවරයා සඳහන් කළා. ඇතැම් නිලධාරීන් පරික්ෂ කිරීම් නොකොට පොලිස් ස්ථානාධිපතිවරයාගේ අසුනේ වාඩිවී අදාළ වාර්තා සකසන බවටද තමන්ට තොරතුරු ලැබී ඇති බවටද අමාත්‍යවරයා කියා සිටියා.

 

මෙම සාකච්ජාවට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශ ලේකම් ජගත් පී. විජේවීර, පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුලු ජේෂ්ඨ පොලිස් නිලධාරීන් සහභාගී විය.

 

 

 

 

Leave A Reply

Your email address will not be published.