වහාම ක්‍රියාත්මක වන පරිදි පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිසුන් 17 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විශ්වවිද්‍යාලයීය පාලක සභාව පියවර ගෙන තිබෙනවා.
විද්‍යා, ඉංජිනේරු සහ කළමනාකරණ පීඨවල සිසුන් එම පිරිසට අයත් වන බවයි විශ්වවිද්‍යාල ප්‍රකාශකයෙකු සදහන් කළේ.
පසුගිය දා එහි පැවති ශ්‍රමදානයකදී නවකවදයට පක්ෂ සහ එරෙහි සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් හට ගත්තා.
ගැටුමෙන් සිසුන් 5 දෙනෙකු තුවාල ලැබූ අතර, ඒ පිළිබඳව පරීක්ෂණ සිදුකෙරුණේ විශ්වවිද්‍යාල විනය පාලක වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අශෝක දංගොල්ලගේ ප්‍රධානත්වයෙනි.