topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කෘෂිකාර්මික භාණ්ඩ සහ උපකරණ බදුවලින් නිදහස් කෙරේ.

 My_3_Agri
ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමය සාර්ථක කර ගැනීම සඳහා, පිටරටින් ගෙන්වන සියලු ම කෘෂිකාර්මික භාණ්ඩ සහ තාක්ෂණික උපකරණ බදුවලින් නිදහස් කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  පවසයි.
ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (06) පෙරවරුවේ කැකිරාව තිබ්බටුවැව වෙල්යාය පරිශ‍්‍රයේ පැවති ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමයේ සමාරම්භක උත්සවය අමතමිනි.
ජාතික වප් මගුල් උත්සවය පවත්වමින් 2017/2018 මහ කන්නය නව ජවයකින් යුතුව ආරම්භ කිරිම ද මෙහිදී සිදු කෙරිණි. දේශගුණික හා කාලගුණික විපර්යාස හමුවේ අභියෝගයට ලක් වූ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන නව ජවයකින් අඛණ්ඩව හා තිරසර ලෙස ඉදිරියට ගෙනඒමට මෙන්ම මෙරට කෘෂිකාර්මික ප‍්‍රබෝධයක් ඇති කිරීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමය ක්‍රියාවට නැංවේ.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම ජාතික වැඩසටහන පුළුල් ලෙස ඉදිරියට ගෙන යාමට 2018 වසර දේශීය ආහාර නිෂ්පාදන වර්ෂය ලෙස නම් කරන බවයි.
එමෙන්ම පොල් ත්‍රිකෝණය ඇතුළු පොල්වතු අක්කර ලක්ෂ ගණනක් කට්ටිකර  නිවාස ව්‍යාපෘති බවට පත් කිරීම හේතුවෙන් පොල් නිෂ්පාදනය පහත වැටීම තුළ මතුව ඇති ගැටළු ද පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉදිරියේදී මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා නිවාස ඉදිකිරීමේ ජාතික ප‍්‍රතිපත්තියක් හඳුන්වාදීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළේය.
රටේ දිළිඳුකම තුරන් කරමින් රට යළි ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා ගෙනයන ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා දේශපාලන, ජාති, ආගම් සහ සංස්කෘතික බේදයකින් තොරව රටේ සියලු පුරවැසියන් එක්විය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා ආණ්ඩුවට දොස් කියමින් පෙළපාළි යන සියලුදෙනාගෙන් ද එම කටයුතු පසෙකලා රටට ආදරය කරන සැබෑ පුරවැසියන් ලෙස මෙම ජාතික වැඩසටහන සමග එක්වන ලෙස තමා ඉල්ලා සිටින බව  පැවසීය.
ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමය අද දින උත්සවයකට හෝ සතියකට සීමා නොවන වැඩපිළිවෙළක් වන අතර, එය තුන් අවුරුදු සැලැස්මක් යටතේ ඉදිරියට යන පුළුල් ජාතික වැඩසටනක ආරම්භයක් බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා සියලු ම රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන ඇතුළු සියලු අංශ වගකීමකට එහා ගිය යුතුකමක් සේ සලකා එයට දායකවිය යුතු බව ද සඳහන් කළේය.
රටේ ආර්ථික සමෘද්ධිය ඇතිකිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ තුළ ගොවි ජනතාව ණය බරින් නිදහස් කර ගනිමින් ඔවුන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් මෙන්ම සමාජ පිළිගැනීමක් සහිත හොඳ ජීවන තත්ත්වයක් ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන අතර මෙරට කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයට අවශ්‍ය පහසුකම් සහ සම්පත් ලබාදෙමින් නිෂ්පාදන ක්‍රියාවලිය වර්ධනය කිරීම සඳහා රජයක් ලෙස ගතයුතු, ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
දේශීය ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ ගොවි ජනතාවට රාජ්‍ය බැංකු සහ රාජ්‍ය නොවන බැංකුවලින් හිමිවන සහන පිළිබඳ දැනුම් දෙන ලෙස රජය මේ වන විට උපදෙස් ලබා දී තිබෙන අතර කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයට අදාළ භාණ්ඩ සඳහා යම් සහනදායි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස පෞද්ගලික ආයතනවලින් ද ඉල්ලීමක් කර තිබෙන බව ජනාධිපතිවරයා කියා සිටියේය.
එමෙන්ම 2018 ජාතික අය වැය සඳහා කෘෂිකර්මාන්තය මෙන්ම ගොවි ආර්ථිකය ශක්තිමත් කෙරෙන යෝජනා රැසක් ඇතුළත් කිරීමට තීරණය කර තිබෙන බව ද ජනාධිපතිවරයා පැවසීය.
මහවැලි ඉඩම් ඔප්පු ලබාදීම, මහවැලි දරුවන්ට ශිෂ්‍යත්ව ප‍්‍රදානය, කෘෂි රක්ෂණාවරණ පිළිගැන්වීම, නියඟයෙන් හානියට පත් ගොවි ජනතාවට බිත්තර වී ලබාදීම, ගොවි සංවිධාන ඇගයීම මෙන්ම 2017 ගෙවතු වගා ජයග‍්‍රාහකයින්ට තිළිණ ප‍්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.
මහවැලි අධිකාරියේ 2017-2018 වගා සැලැස්ම මහවැලි අධ්‍යක්ෂ ජනරාල් ගෝඨාභය ජයරත්න  විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අතර පාංශු සංරක්ෂණය පිළිබඳ ග‍්‍රන්ථය ජනාධිපතිවරයා අතින් පාසල් දරුවන් වෙත පිළිගැන්විණි.
මැති ඇමතිවරු රැසක් ද, රාජ්‍ය නිලධාරින්, ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave A Reply

Your email address will not be published.