topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බෞද්ධ ආගමට කිසිදු හානියක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ.

4

 

ව්‍යවස්ථා සංශෝධනයේදී බෞද්ධ ආගමට කිසිඳු හානියක් වීමට ඉඩ නොතබන බව,  වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. ඔහු මේ බව පැවසූයේ ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍යරජාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ උත්සවයට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා   අවධාරණය කළේ ජාති, කුල, ආගම් භේද නොසලකා සහයෝගයෙන් සහ සංහිදියාවෙන් කටයුතු කිරීමේ කාලය දැන් එළැඹ ඇති බවයි. ඒ සඳහා අපේ වත්මන් දරුවන්ට පුහුණුවක් ලබා දිය යුතු බවය .

“අද රටේ තියෙනවා ලොකු සාකච්ඡාවක් මේ ව්‍යවස්ථා සංශෝධනය ගැන. මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් බෞද්ධ ආගමට තියෙන ඉඩ අඩු වෙන බව අද සමහර කොටස් පෙන්නන්න හදනවා. පසුගිය දවසක ජනාධිපතිතුමා කිව්වා මොන ව්‍යවස්ථා සංශෝධනයක් ආවත් මේ රටේ බෞද්ධ ආගමට තියෙන තැන අබමල් රේණුවක තරමින්වත් අඩු කරන්න වත්මන් ආණ්ඩුව සූදානම් නැති බව. අපි බෞද්ධයෝ හැටියට බෞද්ධ ආගම ආරක්ෂා කරන්න ඕන. ඒ වගේම අද අපේ රට ලෝකයේ පිළිගත් රටක් බවට පත් වෙලා තියෙනවා. අපි පාසල් යන කාලයේ මම ක්‍රීඩා කරන කණ්ඩායමක හිටියා උපනායකයෙක්. ඔහු මුස්ලිම් සහෝදරයෙක්.  අපි එකට ඉගෙන ගත්තා, එකට ක්‍රීඩා කළා, එකට ආශ්‍රය කළා. පසුගිය කාලයේදී අපි දැක්කා ජාතීන් අතර භේද ඇති කර ගත්තා, ආගම් අතර භේද ඇති කර ගත්තා. නමුත් අද  වෙනකොට මේ සියල්ල නැවතිලා තියෙනවා. මමත් ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් විදියට මේ සම්බන්ධයෙන් ලොකු අවධානයකින් වැඩකරනවා. ඒ වගේම බලාගෙන ඉන්නවා. මේ අවස්ථාවේ වගකීමකින් කියනවා රජයක් හැටියට පමණක් නෙවෙයි බෞද්ධ පරිසරයක ජීවත් වූ කෙනෙක් හැටියටත් අපි කවදාවත් මේ රටේ බෞද්ධ ආගමට හානිවෙන ආකාරයෙන් කටයුතු කරන්නේ නැහැ. මම බෞද්ධයෙක් හැටියට ඉවසීම ඉගෙන ගෙන තියෙනවා. ක්‍රීඩකයෙක් හැටියට මට එය විශාල ශක්තියක් වුණා. මට මතකයි අපි පිටරට යනකොට පළමුවෙන්ම පන්සලට ගිහිල්ලා පිරිත් නූලක් බැඳගෙනයි අපි යන්නේ. මම තමයි ක්‍රිකට් ආයතනයට ඉස්සෙල්ලම ස්වාමීන්වහන්සේලා ගෙන්වලා අපේ ක්‍රීඩා කණ්ඩායමට ආශිර්වාද කරන්න ස්වාමීන් වහන්සේට කියලා පිරිත් නූලක් ගැටගහගත්තේ. මේ පිරිත් නූල ගැට ගහනකොට බෞද්ධයෝ විතරක් නෙවෙයි කතෝලික, හින්දු සහ මුස්ලිම් යන සියලුම ක්‍රීඩකයින් අත දික්කරලා අපේ හාමුදුරුවන්ගෙන් පිරිත් නූල ගැට ගහගෙන ක්‍රීඩා කරපු කාලයක් අපේ තිබ්බා. ඒ වගේ එකට වැඩ කරපු සංහිදියාවක් අපිට තිබුණා…” යැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා එහිදී පැවසීය. මෙම  අවස්ථාවට පයාගල ගොරකදෙණිය ශ්‍රී ලංකාරාමාධිපති පූජ්‍යපාද මෙදේරපිටියේ රාහුල හිමි, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න, කලුතර දිස්ත්‍රක් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත සිල්වා සහ කුවෙට් රාජ්‍යයේ යසස කාගෝ අධිපති යූ.ඩී.සී. ජයලාල් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

Leave A Reply

Your email address will not be published.