ජර්මනියේ බර්ලින් නුවර ලබන 15 වන ඉරිදා ඇරඹෙන ලෝක සෞඛ්‍ය සමුලුවේ දී බෝනොවන රෝග මැඩපැවැත්වීම යන තේමාව යටතේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න සැසිවාරය ඇමතීමට නියමිතව ඇත.
මෙම සමුලුව ලබන 17 දින දක්වා පැවැත්වෙයි. ජර්මන් චාන්සලර් ඇන්ජලාමර්කර්ගේ ප්‍රධානත්වයෙන් සමුලුව ආරමිභවීමට නියමිත බව සඳහන් වේ. රටවල් 90 ක සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ සෞඛ්‍ය නිලධාරින් 1600 ක් පමණ මෙම සමුලුවට සහභාගිවීමට නියමිතය. මෙවර සමුලුවේ දී මහජන සහ ගෝලීය සෞඛ්‍ය ප්‍රවර්ධනයේ ඇති වගකීම සහ ඒකාබද්ධ අවස්ථා පිළිබද අවධානය යොමු කරනු ඇත. සෞඛ්‍ය ප්‍රතිපත්ති, ගෝලීය සෞඛ්‍ය ආරක්ෂාව, එන්නත් පර්යේෂණය සහ වර්ධනය පිළිබදව ද මෙහිදී අවධානය යොමු කිරිමට නියමිතය. ලෝක සෞඛ්‍ය සමුලුවේ දී සැසිවාර 40 ක් පැවැත්වීමට සැළසුම් කර ඇත. ඒ සදහා දේශකයින් 250 ක් සහභාගීවීමට ද නියමිතය.
ලෝක සෞඛ්‍ය සමුලුවට සහභාගිවීමෙන් පසු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න උරුගුවේ මොන්ටිවිඩියෝ අගනුවර පැවැත්වෙන බෝනොවන රෝග පිළිබද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය සමුලුවට සහභාගිවීමට නියමියි. එම සමුලුව ලබන 18 දින සිට 20 දින දක්වා පැවැත්වෙයි. විවිධ ක්ෂේත්රවල ප්‍රතිපත්ති සකස් කිරීම, වැඩිදියුණු කරන ආකාරය අරමුණූ කර ගනිමින් මෙවර සමුලුව පැවැත්වෙයි. තිරසර සංවර්ධන ඉළක්ක ජයගැනීමේ දී එක්සත් ජාතීන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය යටතේ ලෝක නායකයින් ලබා දී ඇති ප්‍රතිඥා පදනම් කර ගනිමින් එය සිදු කෙරෙයි. ඒ අනුව වසර 2030 වන විට බෝනොවන රෝග හේතුවෙන් සිදුවන නොමේරූ මරණ 1/3 කින් අඩු කිරීම සහ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය යන මාතෘකා කෙරෙහි වැඩි අවධානය මෙහිදී යොමු කිරිමට නියමිතය. රටවල් රැසක සෞඛ්‍ය අමාත්‍යවරුන්, සෞඛ්‍ය නිලධාරීන් 300 කට අධික සංඛ්‍යාවක් මෙම සමුලුවට සහභාගිවීමට නියමිතය.