topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහින්ද ඇතුළු ලොක්කන්ගේ පොහොට්ටු සාමාජික කාඩ් පත පුලුවන්නම් පෙන්නන -ශ්‍රීලනිප ඇමති අභියෝග කරයි.

Ariyathilaka

බැසිල් රාජපක්ෂගේ ඡන්ද දිනාගැනීමේ සිහිනය තවදුරටත් දැකීමට ඔහුට කිසිදු බාධාවක් නොමැති බව දකුණු පළාත් සභා කෘෂිකර්ම අමාත්‍ය යු.ජී.ඩී. ආරියතිලක  පවසයි. ඔහු  එසේ  පැවසුවේ 24 දින ගාල්ලේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. එහෙදි  වැඩිදුරටත් අදහස් දැක් වු  පළාත්  අමාත්‍ය වරයා

“ඔය දිනනවා දිනනවා කියලා කිව්වේ නැත්නම් ඔය පෙහොට්ටු පක්ෂයට කට්ටිය හොය ගන්න අමාරුයි. ඒක නිසා ඔය කතාව අද රට පුරා කියාගෙන යනවා. ගමේ අහිංසක මිනිස්සු පෙහොට්ටුවට බදවා ගත්තට ඔය ලොකු ලොකු නායකයින් තවම ඔය පෙහොට්ටුවට බැදිලා නෑ. මම අභියෝග කරනවා ඔය අහිංසක ජනතාව පොහොට්ටුවට ගෙනියන අය පෙහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගෙන නම් ඒ සාමාජික කාඩ්පත පෙන්වන්න කියලා. ඔය කට්ටියටත් අදටත් තාම විශ්වාස ශ්‍රීලංකා නිදහස් පක්ෂය ගැනයි. නමුත් රටට ලෝකෙට පේන්න පෙහොට්ටුවක් බදාගෙන ඉන්නවා. මහින්ද රාජපක්ෂ මහත්තයා වත් අදටත් ඔය පෙහොට්ටුවේ සාමාජිකත්වය ලබාගෙන නෑ.

ශ්‍රී ලංනිපයේ යම් බෙදීමක් තියනවා කියන එක සඟවන්න බැරි සත්‍යක්. ශ්‍රී ලංනිපය කියන්නේ රට ඉදිරියට ගෙනියන පක්ෂයක්. මේ අවස්ථාවේ දී ශ්‍රීලනිප පාක්ශිකයන්ට අවශ්‍යයි ශ්‍රීලනිප ආණ්ඩුවක් එහෙම නැත්නම් ශ්‍රීලනිපය මුලික වුන ආණ්ඩුවක්. මේ මෙහොතේ මුළු රටම ජාති ආගම් භේදයකින් තොරව වඩාත් පිළිගන්න නායකයා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. පක්ෂයට බලය ලබා ගැනීම කරන ගමනේ දී නායකත්වය කරෙහි තියන ජනප්‍රියතාවය මුලික කාරණයක්

වෙනවා. හෙට දවසේ ශ්‍රී ලංනිප ආණ්ඩුක් පිහිටුවනවා නම් ඒ සදහා ප්‍රා යෝගික ඉඩක් ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පමණයි. ඒ වගේම ජාත්‍යයන්තරය දිනා ගනිමින් රට ඉදිරියට ගෙනියන්න පුළුවන් වන්නෙත් මෛත්‍රීපාල ජනාධිපතිවරයාට පමණයි.

ඒ වගේම දුෂණයට එරෙහිව හුදු මත ප්‍රකාශයක් විතරයක් නැතිව දුෂණයට විරුද්ධව කෙලින් තීන්දු ගන්න නායකයා ලෙස අද රට ඉදිරියේ දී පමණක් නොව ජාත්‍යයන්තර ය ඉදිරියේ දී පවා අපේ ජනාධිපතවරයා ඔප්පුවෙලා තියනවා. මොන පක්ෂයේ හිටියත් හොරකමට දුෂණයට ඉඩක් නොතඹන්න ඔහු විශාල වෙහෙසක් ගෙන යමින් තියනවා. ඒ සදහා මේ වන විට හොද පිරිසිදු පක්ෂයක් නිර්මාණය වෙමින් තියනවා.

බැසිල් රාජපක්ෂ හෝ වෙනත් අය කියන දේවල් අපේ පක්ෂයට තීරණාත්මක සාධකයක් වෙන්නේ නෑ. වඩා වැඩි කාලයක් මේ රට පාලනය කරපු අපේ පක්ෂය ගැන පාක්ශිකයා ගැන, මේ රටේ කරුණු කාරණා  තේරුම් ගැනීමට හැකි ජනතාව දන්නවා. ඒ ජනතාව ගැන  අපිට විශ්වාසයක් තියනවා. 2015 ජනවාරි 08 කොයිතරම් මුදල් වැය කරලත් දිනන්න බැරිවුනානේ. මේ තත්වය අපි තේරුම් ගත යුතුයි.

ශ්‍රීලනිපය කියන්නේ දැවැන්ත පක්ෂයක්. ජනතාවගේ හදවත් තුල ඉන්න පක්ෂයක්. නායකයා ඝාතණය කරලා, නායිකාවගේ ප්‍රජා අයිතිය අහෝසි කරලත් මේ පක්ෂය නැති කරන්න බැරිවුනා. අතීතයේ දී ත් මෙවැනි ප්‍රශ්න වලට ශ්‍රී ලනිපය මුහුණ දුන්නා. ඔය මොනවා වුනත් පක්ෂය විනාස වුනේ නෑ. ජනපති වරයාට පිරිසිදු රටක් හදන්නනම් පිරිසිදු රටක් අවශ්‍යයි. ඒ සදහා රටට ජනතාවට ආදරය කරන පිරිසක් අපිට අවශ්‍යයි.

ඒ වෙනුවෙන් අද ජනතාව අපි සමඟින් එකතු වෙමින් සිටිනවා. අපි දැන් අක්මීමණ ශාඛා සමිති පිහිටුවාගෙන යනවා හැමදාම 150 ක් විතර සාමාජික මුදල් ගෙවලා සාමාජිකත්වය ලබා ගන්නවා. රටේ ජනතාවට අවශ්‍යයි වෙනස ඉදිරියට ගෙනියන්න.

මේ  අවස්ථාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අනුමත කරලා ඉදිරිපත් කිරීම සුදුසු නෑ කියලා ස්වාමීන් වහන්සේලා ඇතුළු පිරිසක් කියනවා. තවත් පාර්ශවයක් කියනවා නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා. මෙහි දී අපේ ආකල්පය වන්නේ  ඉතාම කෙටි කාලයක් තුල 19 වතාවක් මෙම ව්‍යවස්ථාව වෙනස් කම් කිරීම තුලින් ම පේනවා මේ අපේ රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා. පසුගිය ජනාධිපතිවරණයේ දී තරඟ කර සියළු පක්ෂ කිව්වා නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා. රටේ මහජනතාව මෙන්ම සිවිල් සංවිධාන මෙන්ම මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පිරිස කිව්වෙත් නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා.  නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන එක පසුගිය මැතිවරණයේ දී රටේ ජනතාව පිළිගත්තා. එය ජය ලැබු පක්ෂ මෙන්ම පරාජිත පක්ෂ වල මැතිවරණ ප්‍රකාශණ වල සදහන් වෙලා තිබුණා. දැන් මේ අවස්ථාවේ ඉදිරිපත් කරලා තියෙන්නේ ව්‍යවස්ථාවක දල කෙටුම්පතක් වත් නෙවෙයි. අපේ රට ජනවර්ග

කිහිපයක් ජීවත් වන රටක්. වසර ගානක් පුරා මිනිස්සුන්ගේ දුක් ගැහැට ඉදිරිපත් වෙමින් තියනවා. නීතී සම්මත කරන්න බලය ලැබෙන මුලික නීතිය ඇතුලත් වන්නේ ව්‍යවස්ථාවේ. ඉන්දියාව නිදහස ලැබීමෙන් පසු තමන්ට ගැලපෙන නීතියක් ව්‍යවස්ථාවක් හදා ගත්තා. අපිත් පසුගිය වසර 30 ක විතර යුද්දයකට මුහුණ දීලා ඉන්න රටක්. ද්‍රවිඩ ජනතාවගේ පැත්තෙන් ඉල්ලීම් ඉදිරිපත් වෙලා අවසානයේ දී මාරාගෙන මැරෙණ මිනිස් බෝම්බ පවා තිබුණු රටක්. අවසාන වශයෙන් සියලු දෙනාම එකතු නොවුනත් බහුතරයක් කැමති නව ව්‍යවස්ථාවක් අපි ගෙන ආ යුතුයි. මේ රටේ සියළු ජන කොටස් වල අවශ්‍ය තාවයක් තියනවා රටට ගැලපෙන සියළු පාර්ශවයන් ගරු කරන , එකඟ විය හැකි ව්‍යවස්ථාවක අවශ්‍යතාවය තියනවා. එහෙම නැතිව නැවත බෝම්බ පුපුරණ මිනී මරා ගන්නා යුගයකට යන්න කවුරුවත් කැමති නෑ.

Leave A Reply

Your email address will not be published.