දොම්පේ, කිඹුල්විලවත්ත ප්‍රදේශයේදී දොම්පේ පොලිස් නිලධාරීන් විසින් දෙමහල් නිවසක මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වටලා සැකකරුවෙකු සමඟ නීති විරෝධී මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා බැරල් 18 හා නීති විරෝධී මත්පැන් බෝතල් 337 ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්ථා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, අද (26) ඔහු පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් සඳහන් වේ.