ගල්කිස්ස, රත්මලාන, කල්දමුල්ල අරලිය නිවාස සංකීර්ණයේ නිවසක් තුළ කාන්තාවක් සිය ශරීරයට භූමිතෙල් දමා ගිනි තබාගෙන සියදිවි හානිකරගෙන ඇත.
මරණකාරියගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය අද (26) සිදු කිරීමට නියමිත බව සඳහන් වේ. එමෙන්ම මරණකාරිය සියදිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධව ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.