අද(29) පස්වරු 1 ට පමණ වීරකැටිය මැදමුලන ප්රදේශයේ පිහිටි හෙලිකෙිප්ටර් යානා අංගනය(හෙලිපෑඩ්) මත වී වේලීමේ කටයුතු වල නිරත වී සිටි පුද්ගලයින් තිදෙනෙකු අකුණු සැර වැදී මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ ගල්පොත්ත ප්රදේශයේ පදිංචි කරුවන් වූ ඩබ්.ඒ.සිරිපාල(65), හින්නි මහත්තයා(65) හා සම්පත් (28-30) යන අය වන අතර ඔවුන්ගේ මෘත දේහ මූලික හදිසි මරණ පරීක්ෂණ සදහා සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇත. සිද්ධිය පිළිබද පරීක්ෂණ වීරකැටිය පොලිසිය විසින් සිදුකරනු ලබයි.