topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දුන් විසදුම රටට නොවෙයි, නෙවිල්ටය.

Pubudu Jayagoda_Peratugami

සයිටම් ආයතනයට ජනාධිපතිවරයා දුන් විසදුම, අධ්‍යාපනය මුදලට විකීණීමට එරෙහිවූවන්ට නොව, ණය වී සිටි නෙවිල් ප්‍රනාන්දුට දුන් විසදුමක් බව පෙරටුගාමී සමාජවාදි පක්ෂය කියයි. ජනාධිපතිවරයා මැදිහත් විමෙන් පසුව පසුගියදා ප්‍රකාශයට පත් කළ විසදුම සම්බන්ධ අදහස් පළ කිරිමට එම පක්ෂය  කැදවූ මාධ්‍ය සාකච්ඡාවකදී පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මෙසේ කියා සිටින ලදී. එහෙදී වැඩිදුරටත් අදහස් දැක්වු පුබුදු ජයගොඩ.

“මෙම සයිටම් හොර උපාධි කඩය පිළිබද වෛද්‍ය ශිෂ්‍යයන් ඇතුළු විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්, දෙමාපියන්, විශ්ව විද්‍යාල ආචාර්යවරු සහ වෛද්‍යවරු විදියට දැඩි විරෝධයක් පසුගිය කාලයේ පළ කළා. සමාජය තුලත් විරෝධතා පැන නැගුණා. රජයේ නිවේදනය අනුව එසේ විරෝධතය පළ කළ පදනම් පිළිඅරගනෙ තිබෙනවා හැබැයි පිළිගත්තා කියලා කියන්නෙ නැතුව. මේ ලියැවිල්ල බැලුවම ඒ අය පිලිඅරගෙන තිබෙනවා සයිටම් ආයතනය නෙවිල් ප්‍රනාන්දු යටතේ පවත්වාගෙන යන්න බෑ කියලා. ඔහු නීතියට පටහැනිව යමින් නීති විරෝධී ආයතනයක් පිහිටුවලා තිබෙන බව සයිටම් ආයතනය අහෝසි කිරීම තුළ පිළිගෙන තිබෙනවා. නැත්නම් සයිටම් ආයතනය අහෝසි කරන්න වෙන පදනමක් නෑ. නමුත් මේ නිවේදනයේ සදහස් කරලා නෑ, ඒ ආයතනය නීති විරෝධී එකක් කියලා. නමුත් නිල නිවේදනය තුල නිල නොවන විදියට ප්‍රමිත්යේ ප්‍රහ්නය ගැනත් සටහන් වෙනවා. ඒ නිවේදනයෙන් කියනවා නව ආයතනයක් පටන් ගන්නකොට අවම ප්‍රමිතිය පිළිබද බලනවා, වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැසට් කරනවා, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නිර්දේශ කරන කරුනුවලට ගරු කරනවා වගේ කාරණා සදහන් වෙන්නෙ මේ ආයතනය තුල වෛද්‍ය අධයාපනයේ සහ වෛද්‍ය වෘත්තිය සම්බන්ධව ප්‍රමිතියක් නැති බවටපිළිඅරගෙන නිසා තමයි. නෙවිල් ප්‍රනාන්දු රෝහල ශික්ෂණ රෝහලක් තත්වයට ගේනවා වගේ ලොකු කතා ආණ්ඩුව කිව්වා. නමුත් මේ නිවේදනය අනුව නෙවිල් ප්‍රනාන්දු රෝහල ගැන කිසිම කතාවක් නෑ. මේ නිවේදනයෙන් පැහැදැලිව කියනවා සයිටම් ආයතනයේ දැනට ඉන්න ශිෂ්‍යයන්ට රජයේ රෝහල්වල පුණුව දෙනවා කියලා. නෙවිල් ප්‍රනාන්දු රෝහල ගැන මෙහි සදහන් වෙන්නෙ නෑ. පවරාගැනීමෙ කතාවෙදිත් රෝහලේ නමක් සදහන් වෙන්නෙ නෑ. එක්කො ඒ රෝහල ශික්ෂන රෝහලක් කළ නොහැකියි. අනෙක් එක ලංකාවෙ කිසිදු පෞද්ගලික රෝහලක් ශික්ෂණ රෝහලක් බවට පත් කළ නොහැකියි යන්න අනියමින් පිළිගැනීමක් වෙනවා.

වාමාංශික පක්ෂ ගෙන ආ ප්‍රධානම තර්කය අධ්‍යාපනය කියන අයිතිය ලාබ ලබන දෙයක් බවට පත් නොකළ යුතුයි කියන කාරණය මේ නිවේදනයෙන් පිලිඅරගෙන තිබෙනවා. මෙතෙක් ලාබ ලැබූ මෙම ආයතනය ලාභ නොලබන ආයතනයක් බවට පත් කරනවා කියලා ඒක ප්‍රකාශ කර තිබෙනවා. අධ්‍යාපනය කියන දේ ලාභය මත ගෙනයාම වැරදියි කියන කාරනය අනියමින් පිළිගෙන තිබෙනවා. නමුත් අපි ආණ්ඩුවට කියන්නේ මේ කාරනා පිළිබද ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ප්‍රකාශ කරන්න කියලයි. මේ තාක්ෂනික ලියැවිල්ලක්නෙ නිකුත් කරලා තියෙන්නෙ. මුලින්ම මේ ආයතනය නීථි විරෝධීයි කියලා පිළිගන්න, ප්‍රමිතයකින් තොරයි කියලා පිළිගන්න. මේකෙ ශික්ෂන රෝහල කියපු එක ඇත්තටම ශික්ෂණ රෝහලක් නෙවෙයි කියලා පිළිගන්න. අධ්‍යාපනය වෙළෙදභාණ්ඩයක් වුණාම අඩු ආදායම් ලබන දරුවන්ට අසාධාරණයක්වන බව ප්‍රතිපත්තියක් වශයෙන් පිලිගන්න. අධ්‍යාපනය ලාබ ලබන දෙයක් වුණාම ඒක විනාශකාරියි කියලා පිලිගන්න. ඒ ප්‍රතිපත්තිය මත පදනම් වලො ප්‍රශ්නයට විසදුමක් දෙන්න. දැන් මේ ලියැවිල්ලෙන් ප්‍රතිපත්තිමය පිළිගැනීමක් නෑ. අපි කියන්නෙ ආණ්ඩුව මේ වගේ ප්‍රශ්නයකදි තමන්ගෙ ප්‍රතිපත්තිය නිශ්චිතව කිව යුතුයි. ඒ ප්‍රතිපත්තිය මත පදනම් වෙලා පියවර ගන්න ඕන. නීති විරෝධී දෙයක් වෙලා නම් නීතිමය පියවරත් ගන්න ඕන. නීතිය අනුව වරදක් කරලා තියෙනවා නම් ඒකට අදාල දඩුවම් දෙන්න ඕන ඒ පුද්ගලයන්ට.

දැන් මේ තාක්ෂණික ලියැවිල්ලෙන් මොකක්ද කරලා තියෙන්නෙ කියලා බලමු. ඒකෙ තියෙන්නෙ සයිටම් කියන නම නැති වෙනවා. එහි අයිිකරුවන් වෙනුවට නව ආයතනයක නව අයිතිකරුවන්ට අයත් වෙනවා. දැන් තියෙන සයිටම් ආයතනය දැන් තියෙන ස්ථානයේ ඒ ගොඩනැගිලිවලම තියෙනවා, ඒ කාර්ය මණ්ඩලයම ඉන්නවා, නම විතරක් වෙනස් වෙනවා. දැන් ශිෂ්‍යයන්ගෙ ඉල්ලීම් තිබුණෙ නෑ නම වෙනස් කරන්න. නමුත් ආණ්ඩුව නම වෙනස් කරලා. දෙවැනි එක සයිටම් එකේ අයිතිකරුවන් වෙනස් කරන්න යෝජනා කරනවා. පළවෙනි කරුනෙ තිබෙනවා නෙවිල් ප්‍රනාන්දු සහ පවුලේ අය හිමිකාරත්වය අහෝසි වෙනවා කියලා. හත්වෙනි කාරනයෙදිත් කියැවෙනවා ඒ අය නව ආයතනයේ හිමිකරුවන් නොවිය යුතුයි කියලා. අලුත් අයිතිකාරයො, අලුත් නමක් ඇතිව ආයතනය පවත්වාගෙන යන්න යෝජනා කරනවා. හැබැයි ඒ විරෝධය දැක්වූ ගැටලුවලට විසදුම නම් නෙවෙයි. මේකෙන් විසදලා තියෙන්නෙ ශිෂ්‍යයන්ගෙ ප්‍රශ්නයත් නෙවෙයි, වෛද්‍යවරුන්ගෙ ප්‍රශ්නයත් නෙවෙයි, මේ විසදලා තියෙන්නෙ වෘත්තිය සමිති හා වාමාංශික සංවිධාන දිගින් දිගටම මතුකළ ප්‍රශ්නත් නෙවෙයි. මේ විසදලා තියෙන්නෙ නෙවිල් ප්‍රනාන්දුගෙ ප්‍රශ්නය. නම වෙනස් කිරීමෙන් සහ අයිතිකරුවන් වෙනස් කිරීමෙන් විසදෙන්නෙ නෙවිල් ප්‍රනාන්දුට තිබුන ප්‍රශ්නය. අපි කවුරුත් දන්න විදියට එක්සත් රාජධානිය, සයිටම් ආයතනය අසාදු ලේඛනගත කළා. ඒ ආයතනයේ වෛද්‍ය උපාධිය ඔවුන් පිලිගන්නෙ නෑ. සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍ය ප්‍රමිතින් සම්බන්ධ පිළිගැනීමක් ලෝකය පුරා තිබෙන නිසා එයින් කියැවෙන්නෙ ලෝකයේ පිළිගැනීමක් නෑ කියන එක. ඒ විතරක් නෙවෙයි, ලංකාවෙදි සයිටම් එකේ සහතිකය වෛද්‍ය උපාධියක් ලෙස පිළිගත්තත් ඒ අයට වෘත්තියමය වශයෙන් කිසිම ඉදිරියක් හිමිවෙන්නෙ නෑ. විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස ඉගෙන ගන්න බෑ. පශ්චාත් උපාධි කරන්න විදේශ රටවල් පිලිගන්නෙ නෑ. ඒ නිසා තවදුරටත් සයිටම් නමින් වෛද්‍ය විද්‍යාලයක් පවත්වාගෙන යන්න තිබුන ඉඩ අහෝසි වෙලා තිබුනෙ. ඒක නෙවිල් ප්‍රනාන්දුට ආව ප්‍රශ්නයක්. ඒ නිසා දැන් මේ කරලා තියෙන්නෙ නෙවිල් ප්‍රනාන්දුට අවශ්‍ය දේ ආණ්ඩු මැදිහත් වෙලා ඉටු කර දීමයි. ඒ විතරක් නෙවෙයි බ්‍රිතානය වෛද්‍ය ආඥා පනත අනුව එක් පිරිසක් එක්ව ගොඩ නැගූ සමාගමක් අසාධු ලේඛනගත කළාට පස්සෙ ඒ පිරිසම එකතු වෙලා වෙනත් සමාගමක් හැදුවට ඒක පිළිගන්නෙ නෑ. මේ නිසා සයිටම් කියන නම වෙනස් කරලා අයිතිකාරයා ලෙස නෙවිල් ප්‍රනාන්දුම හිටියොත් ඒත් ඒ ආයතනයට බ්‍රිතාන්‍ය පිළිගැනීම ලැබන්නෙ නෑ. අනෙකුත් රටවල් පිලිගන්නෙත් නෑ. ඉතින් සයිටම් ආයතනය බේරාගන්න නෙවිල් ප්‍රනාන්දුට උවමනා වුණා සයිටම් නම වෙනස් කරන්න සහ හිමිකාරිත්වය වෙනස් කරන්න. ඔන්න නෙවිල් ප්‍රනාන්දුට ප්‍රශ්නයක් තිබුණා කොහෙමද මේකෙ නම වෙනස් කරන්නෙ කොහෙමද හිමිකාරිත්වය වෙනස් කරන්නෙ කියලා. නෙවිල් ප්‍රනාන්දුගෙ දේපළ නම් මිනිබිරීට ලියලා තිබුණෙ. ආණ්ඩුවෙ ලියැවිල්ලෙත් ප්‍රෙව්හමෙන් මේ කාරණය සටහන් කර තිබෙන්නෙ. දැනට සිටින කොටස්කරුවන් නව ආයතනයට නෑ කියලා කියන්නෙ. මිනිපිරී දැනට කොටස්කරුවන් අතර නෑ. ඒ විදියට දේපළ මිනිපිරියට පවරලා නෙවිල් ප්‍රනාන්දුගෙ ප්‍රශ්නය බේරෙනවා.

මේ ලියැවිල්ලෙ එන තුන්වැනි කාරණය තමයි වෙනත් ආයතනයක් ගොඩනගනවා රාජ්‍ය නොවන පාර්ශ්වයන්ගෙන් යුක්ත. ඒ වගේම ලාබ නොලබන ආයතනයක් කියලා කියනවා. අපි වගකීමෙන් කියනවා මේ ලාභ නොලබන ආයතනයක් පිහිටුවනවා නෙවෙයි, මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනය, ‘ස්ලිට්‘ ගැන කියන්නෙ. 1996 මේක පිහිටුවනු ලැබුවේ මහපොළ භාරකාර අරමුදලෙ සල්ලිවලින්. රාජ්‍ය අරමුදලකින් ගොඩනැගූ ස්ලිට් ආයතනය පසුගිය ජූනි මාසෙ ස්වාධීන ආයතනයක් බවට පත් කළේ වර්තමාන ජනාධිපති. තව මාස හයක්වත් ගෙවිලා නෑ. අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස තිබුනු ඒක පූර්ණ ලෙස රාජ්‍ය නොවන ආයතනයක් බවට පත් කළා. ඒ ගැසට් එක ගහන්න මාසයකට කලන් මහපොළ භාරකාර අරමුදලෙන් මුදල් දුන්නා ස්ලිට් එකට වෛද්‍ය පීඨයක් හදන්න. දැන් ස්ලිට් එකේ පෞද්ගලික වෛද්‍ය ඵීඨයක් හදන්නයි, සයිටම් එක හදන්නයි රජයේ අරමුදල් පාවිච්චිකර තිබෙනවා. දැන් ලාභ අරමුනු නැති රාජ්‍ය නොවන පාර්ශ්ව මේ සයිටම් එකේ නව ආයතනය හිමි වෙනවා කියලා ආණ්ඩුව කිව්වට ස්ලිට්  කියන්නෙ මහපොළ අරමුදලෙ රාජ්‍ය අරමුදලින් හැදු ආයතනයක්. අනික තමයි සයිටම් ලාභ නොලබන කියලා අලුතින් කියන්න දෙයක් නෑ. දැනටමත් ඒකෙ ළමයි 900ක් ඉන්නවා, ලක්ෂ 90, ලක්ෂ 100 ගානෙ ගෙවපු අය. නෙවිල් ප්‍රනාන්දු සල්ලි ටික අරගෙන තියෙන්නෙ. දැන් තමයි ආයතනය නඩත්තු කරන්න, ලයිට් බිල් වතුර බිල් ගෙවන්න, කාර්ය මණ්ඩල වැටුප් ගෙවන්න වියදම් තියෙන්නෙ. දැන් කොහොමටත් පටන් ගන්න ආයතනයකට ලාභ ලබන්න බෑ. මේක වෙනස් කරන්න නනම් එක විදියයි තියෙන්නෙ නෙවිල් ප්‍රනාන්දුගෙ දේපළ රාජ සන්තක කරලා මහජනයා රයටපු එකට ශිෂ්‍යයන් මුලා කරපු, ඔවුන්ගෙ මවුපියන්ගෙන් ලක්ෂ 100 ගානෙ අය කරපු එකට දඩුවම් කරන්න ඕන. සක්විති, ගෝල්ඩන් කී වගේ සිදුවීම් වලදි ගෙවපු විදියට හොරකම කරපු කෙනාගෙන් අයකරගන්නයි තියෙන්නෙ. ඒක කරන්නෙ නැතිව මේ ලාභ නොලබන ආයතන කතාව ගෙනත් තියෙනවා. දැන් අපට ප්‍රශ්නයක් තියෙනවා, සයිටම් එකයි, අලුත් හිමිකාරත්වයයි, ණයදුන් ආයතනයි එකතු වෙලා සාකච්ඡා කරලා තීරණ ගන්න බව ආණ්ඩුව කියනවා. දැන් ලාභ නොලබන ආයතනයක් නම් ණය ගෙවන්නෙ කොහෙමද? නෙවිල් ප්‍රනාන්දුම එයා ගත්ත ණය ගෙවන්නෙ නැත්නම් එයාගෙ දේපළ රාජසන්තක කරලා හරි ණය පියවා නොගෙන වගකීම අලුත් ආයතනයට දෙනකොට ලාභ නොලබනවා නම් කොහොමද ණය බේරන්නෙ? ලංකා බැංකුවෙ ණය බේරන්නෙ කොහොමද? අපි කියනවා මේ සම්පූර්ණ බොරුවක් කරන්නෙ. මේ ලාභ ලබන ආයතනයක්. අපි දන්නවා හර්ෂ ද සිල්වා කමිටුව හැම කැනින්ම අහලා තිබුනෙ ලක්ෂ 50කට උපාධි දෙනවට විරුද්ධද කියලා. සයිටම් එකට විරුද්ධ වූ හේතුව ලක්ෂ එකසිය විස්සක්ද ලක්ෂ පනහක්ද කියන කාරණය නෙවෙයි. උපාධිය මිල කරනවට විරුද්ධ වුනේ. හර්ෂ ද සිල්වා කමිටුව මේ ලක්ෂ 50 ගැන කියන්නෙ ඇයි? මේක ලාබ ලබන ආයතනයක් කියන එකයි. සාමාන්‍ය යෙන් රජයේ වෛද්‍ය පීඨයක ශිෂ්‍යයකු වෛද්‍ය උපාධිය දක්වා උගන්වන්න රජය වියදම් කරන්නෙ ලක්ෂ 25ක්. එහෙම නම් යන වියදම වගේ දෙගුනයක් අරගෙන ලංකා බැංකුවෙ ණයත් බේරන්න මේ හදන්නෙ. ඒ නිසා ලාබ නොලබන කතාව බොරුවක්.

ලාභ නොලබන එකක් හැද්වත් මේ කරන්න යන්නෙ සංක්‍රමණීය තත්වයක් ලෙස. ඉන් පස්සෙ ලාබ ලබන ආයතනයක් ගෙන යන්නයි හදන්නෙ. අනෙක් කාරණය මෙවැනි ආයතනයක් පවත්වාගෙන යන්නෙ කොහෙමද?

ලාභ ලබන්නෙ නැත්නම් කවුද සතපහක්වත් ලාබ නොලබා විශ්ව විද්‍යාලයක් වෙනුවෙන් තමන්ගෙ මුදල් යට කරන්න කැමති? ලංකාවෙ හොරණ ශ්‍රීපාලි මණ්ඩපය, ඇල්බට් චන්ද්‍රවංකයේ සෞන්දර්ය පීඨය ආරම්භ කළේ අන්තිම කැමති පත1යෙන් දෙපළ පරිත්‍යාග කරපු අය නිසා. ඒ මේ වගේ ජාවාරම්කාර සමාගම් නෙවෙයි. කලාව පිළිබද ඇල්මක් තිබුන නිසා කලා අධ්‍යාපනය වෙනුවෙන් කළ පරිත්‍යාග ලෙස ඒවා දුන්නෙ. එහෙම අය ඉන්නවද මෙතන? අපි කියන්නෙ සංකල්ප ඉදිරිපත් කරන්න එපා ලාබ නොලබන ආයතනයෙ පාර්ශ්වකරුවන් කවුද කියන්න. අපි කියනවා ස්ලිට් එක තමයි මේ පාර්ශ්වය. රජයේ මුදල් වලින් ගොඩනැගුව ස්ලිට් එකේ ලාභ ලබන ආයතනයක් ලෙස මේ අලුත් උපාධි විකුණන ආයතනය එකතු කරන්න යන්නෙ. මේකෙන් ආණ්ඩුව නෙවිල් ප්‍රනාන්දුගෙ ප්‍රශ්නෙත් විසදලා, ස්ලිට් එකේ වෛද්‍ය උපාධි විකිණීමේ ප්‍රහ්නයත් විසදලා ආණ්ඩුවේ අධ්‍යාපන පෞද්ගලිකකරන ව්‍යාපෘතියත් විසදා ගන්නයි යන්නෙ.

ආණ්ඩුව කියනවා ශිෂ්‍යාධාර හා ශිෂ්‍ය ණය මුදලක් දෙනවා කියලා අඩු ආදායම් සහිත ළමයින්ට. දැන් අපි දන්නවා, ඉසඩ් ලකුන අනුව රජයේ වෛද්‍ය පීඨවලට ඇතුළත් කරගත්තට පස්සෙ හැලෙන පිරිසක් ඉන්නවා. අපි අහන්නෙ මේ අලුත් ආයතනයට ගන්න යන්නෙ ඒ හැලෙන පිරිසද? වෛද්‍ය පීඨවලට සීයක් තෝරාගත්තොත් 101 වැන්නාගේ සිට මේ ආයතනයට තොරාගන්නවද? මේ කියන විදියට ආධාර දෙනවා නම් ඒ ඉසඩ් ලකුනෙ ඉතිරි අයටද එහෙම ආධාර දෙන්නෙ? අපි කියමු 50ක් ලන්නවා කියලා. ඒ 50ටම වෛද්‍ය උපාධියක් ගන්න සල්ලි ගෙවන්න බැරි නම් ඒ 50ටම ආධාර දෙනවද? අපි කියන්නෙ ඒ 50ටම ශිෂ්‍යාධාර දෙනවට වඩා හොදයි ඒ මුදල් වෛද්‍ය පීඨවලට දීලා පහසුකම් පුලුල් කරලා ඒ ළමයි 50 ඒවටම බදවාගන්න එක. අනෙක් කාරණය ශිෂ්‍යත්ව දෙන්නෙ පෞද්ගලික ආයතනයක ඉගෙන ගන්න නම්, රජය මොකටද පෞද්ගලික ආයතනයකට යන්න ළමයින්ට සල්ලි දෙන්නෙ ඇයි? ඒ මුදල් දෙන්න පුලුවන් නිදහස් අධ්‍යාපන අයිතින් පුලුල් කරලා ඒ ළමයින්ටම අධ්‍යාපනය ලබන්න අවස්ථාව දෙන්න.

අධ්‍යාපනය විකුණන්න එපා, අධ්‍යාපනය කියන්නෙ විකිණිය යුතු දෙයක් නෙවෙයි කිව්වම ආණ්ඩුව කියනවා එහෙම නම් අපි ණයක් දෙන්නම් කියලා. ණය ක්‍රමය ක්‍රියාත්මකවන රටවල බරපතළ ප්‍රශ්න තියෙනවා. ලෝකය පුරාම ශිෂ්‍ය ණය ක්‍රියාතමක වන රටවල උද්ඝෝෂණ තියෙනවා ඒ ක්‍රමය නවත්වන්න කියලා. හොදම උදාහරණය එක්සත් ජනපදය. බ්‍රිතාන්‍යෙය්ත් ශිෂ්‍ය ණයවලට විරෝධය ඇවිල්ලා.  ලෝකයේම අධ්‍යාපනය සම්බන්ධ අරගල තියෙන්නෙ ‘අධ්‍යාපනයට මුදල් අය කිරීම නවතනු‘ කියන පැත්තට. ශිෂ්‍ය ණය වෙනුවට නිදහස් අධ්‍යාපනය ලෝකය පුරා සටන් පාඨයක් වෙලා. නිදහස් අධ්‍යාපනය නොතිබුනු රටවල් නිදහස් අධ්‍යාපනය පැත්තට ගමන් කරමින් තිබෙන්නෙ.  නවසිලන්තය තුළ පාසල් අධ්‍යාපනය පමණක් නිදහස් තත්වයෙ තිබුණේ. දැන් උසස් අධයාපනය නිදහස් කරන්න කටයුතු කරනවා. ශිෂ්‍යයන් ගාස්තු අයකිරීමේ ක්‍රමයට එරෙහිව වීදි බැස සටන් කරනවා. අපේ රටේ මුදලට අධ්‍යාපනය දෙන එක වෙනුවට නිදහස් අධ්‍යාපනය පිළිබද ප්‍රතිපත්තියක් තිබුණා. දැන් වර්තමාන ආණ්ඩුව අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් බවට පත් කරන්න පාලකයො සැලසුම් ක්‍රියාත්මක කරනවා. ලෝකය යන පැත්තට නෙවෙයි අනෙක් පැත්තට යන පාලකයන් මේ රටේ ඉන්නෙ. දැන් ජනාදිපති මෛත්‍රිපාල සිරිසේන අවුරුදු දෙකක් කෙකර ගාලා සයිටම් ආයතනයට දෙනවා කිව්ව විසදුම මොකක්ද? සති දෙකක් තටමලා දැම්මෙ සයිටම් ආයතනය වෙනුවට වෙනත් නමක්, වෙනත් පාලනයක් විතරයි. පරන වැඩේම වෙන විදියකට කරන්න වෙනත් අලුත් ආයතනයක් විදියට කරන්න යන්නෙ උපාධි විකුණන එක.” පැවැසිය.

 

 

Leave A Reply

Your email address will not be published.