topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ප්‍රජාතන්ත‍්‍ර විරෝධීව මැතිවරණය කල් දැමීමට උත්සාහ කළොත් ජනතාව සමග පාරට බහිනවා.ජවිපෙ

jvp news-tilvin silwa

ප්‍රජාතන්ත‍්‍ර විරෝධීව මැතිවරණය කල් දැමීමට උත්සාහ කළොත් ජනතාව සමග පාරට බහිනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසා සිටී. ඔහු මේ අදහස් පළකර සිටියේ, ජනතා විමුක්ති පෙරමුණේ බත්තරමුල්ල, පැලවත්ත පිහිටි  ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා,

පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ උත්සාහයක ආණ්ඩුව දිගින් දිගටම නිරත වෙමින් සිටිනවා. දැනටමත් වසර දෙකකට වඩා ප‍්‍රමාද වෙලයි තියෙන්නේ. මැතිවරණය කල් දැමීමට අදාළව තිබූ බාධා සියල්ල අවසන් කර තිබියදී ආණ්ඩුවේ යම් පාර්ශ්වයක් මේ ලෙස කටයුතු කිරීම සදාචාර විරෝධී, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී දෙයක් හැටියට අපි හෙළා දකිනවා. කොට්ඨාෂ නිර්ණය අවසන් කර සභික සංඛ්‍යාව තීරණය කර අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබියදී මැතිවරණය ප‍්‍රකාශයට පත්කිරීමට ඉතා ආසන්නයේ අධිකරණමය උපක‍්‍රමයක් මගින් මැතිවරණය කල් දැමීමටයි ඔවුන් උත්සාහ කර තිබෙන්නේ. මේ උත්සාහය මහජනතාව සමඟ එක්වී අවශ්‍ය වුවහොත් පාරට බැස උද්ඝෝෂණ කිරීමෙන් පරාජය කරන බව අපි අවධාරණය කරනවා.

අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබෙන පෙත්සම් හයෙන් පහක්ම මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ පිලට සම්බන්ධ අය විසින් ඉදිරිපත් කර තිබෙන බව සොයාගෙන තිබෙනවා. මේකට හේතුව ඇත්ත ප‍්‍රශ්නයක් නම් ඔවුන්ට අධිකරණයට යන්න පසුගිය අවුරුද්දේ ඔක්තෝබර්වල සිට අවුරුද්දකට වඩා කාලයක් ඉතිරිවී තිබුණා. ඇත්ත ප‍්‍රශ්නයක් එක්ක අධිකරණයට යාමේ තත්වයක් තිබුණානම් මේ කාලය හොඳටම ප‍්‍රමාණවත්. නමුත් එහෙම නොකර ගේම් ගහලා තමන්ගේ පක්‍ෂයේ අභ්‍යන්තර ගැටලූ වෙනුවෙන් ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය ප‍්‍රකාශ කරන මැතිවරණයක් කල් දැමීමට කි‍්‍රයා කිරීමෙන් ඒ පාර්ශ්වයන් ජනතාව ඉදිරියේ බරපතළ ලෙස ඇදවැටීම වළක්වන්න බැහැ. දැනටමත් මේ ප‍්‍රශ්නය මුල්කරගෙන විවිධ දේශපාලන පක්‍ෂ සහ කණ්ඩායම්, එකතු විය නොහැකියැයි සිතිය නොහැකි පිරිස් පවා මේ ප‍්‍රශ්නය වෙනුවෙන් එකතු වී සිටින බව පැහැදිලි වෙනවා. ජනතා විමුක්ති පෙරමුණ, මහින්ද රාජපක්‍ෂ මහතාගේ කණ්ඩායම, එක්සත් ජාතික පක්‍ෂය, මැතිරවණ කොමිසම, මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන ඇතුළු පාර්ශව ගණනාවක් මේ කි‍්‍රයාමාර්ගයට එරෙහිව පෙළ ගැසී සිටිනවා.

පක්‍ෂයක අභ්‍යන්තර ප‍්‍රශ්නයක් විසඳා ගත යුත්තේ, ඒ පක්‍ෂය ඇතුළේ මිසක් ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගැනීමෙන් නෙමෙයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය තුළ දැනට තිබෙන පිල් බෙදීම මැතිවරණයකට නාම යෝජනා දෙන විට ස්ථිර වශයෙන්ම දෙකට බෙදීමක් බවට පත් වෙනවා. දෙකට කැඩුණාම දෙගොල්ලම පරාජය වෙනවා. මෛතී‍්‍රපාල සිරිසේන මහත්මයාගේ කණ්ඩායම දැනටමත් ඒ බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරමින් සිටිනවා. මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාට මහින්ද විරෝධී ඡන්ද ලක්‍ෂ 62ක් ලැබුණත් මේ මැතිවරණයේදී ඔහුගේ සැබෑ ඡන්ද ප‍්‍රමාණය හෙළිවීම වළක්වන්න බැහැ. පසුගිය මහ මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ සමඟ එකට ඡන්දය ඉල්ලීමෙන් එය හෙළිදරව්වීම වැළැක්වී ගියා. නමුත් මේ ඡන්දයේදී ජන පදනමක් නැති ජනාධිපති කෙනෙක් බව හෙළිවීම මෛතී‍්‍රපාල සිරිස්නේ මහත්තයාට ප‍්‍රශ්නයක්. මේ වගේ අභ්‍යන්තර අර්බුද වසා ගන්න ඡන්ද කල් දැමීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ. දැනට හෙළිවී තිබෙන කරුණු අනුව දෙපාර්ශ්වය අතර සාකච්ඡා මගින් සමගිය ඇතිකරගන්න නිමල් සිරිපාල ද සිල්වා, ඩිලාන් පෙරේරා, ලසන්ත අලගියවන්න යන ඇමතිවරුන් පත්කර තිබෙනවා. මේ උත්සාහ කරන්නේ, සමගි සාකච්ඡා අවසන් වනතුරු ඡන්දය කල් දාගන්නයි. එස්.බී. දිසානායක ඇමතිවරයා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පෙබරවාරි මාසය නම්කර තිබෙන්නේ මේ අනුව බව අපිට පැහැදිලියි.

අඹගමුව ප‍්‍රාදේශීය සභාවේ යම් කිසි ගැටලූවක් තිබුණත් දැන් ඒ සියල්ල විසඳාගෙන අවසන්. මෛතී‍්‍රපාල ජනාධිපතිවරයාට ඡන්දය කල්දාන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ. මේ නිසා ඡන්දය කල්දාන්න දෙන්නත් බැහැ. මහජනතාවගේ බිම් මට්ටමේ නියෝජිතයන් පත්කරගන්න තිබෙන්නේ පළාත් පාලන මැතිවරණයයි. දැනටමත් කල්දමා තිබෙන මේ මැතිවරණය උප්පරවැට්ටි යොදා ගනිමින් කල් දාන්න කවුරුන් හෝ සූදානම් වෙනවා නම් ජනතා විමුක්ති පෙරමුණ ඊට කිසිසේත්ම ඉඩ ලබා නොදෙන බව අවධාරණය කරනවා. මෑත ඉතිහාසය ගත්තාම ව්‍යවස්ථාවට පිටින්, බලයේ ඉන්න පාලකයන්ගේ වුවමනාව අනුව මැතිවරණය කල් දැමීම හෝ නියමිත කාලයට පෙර ලබාගැනීම කර තිබෙනවා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කළේ 83 පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය කල් දාන්න 82 දෙසැම්බර් මාසයේ ජනමත විචාරණයක් පැවැත්වීමයි. මහින්ද රාජපක්ෂ මහත්තයා පළාත් සභා මැතිවරණය නියමිත කාලයට පෙර තමන්ට  ඕනෑ  ඕනෑ ආකාරයට විසුරුවා හරිමින් ඡන්ද පැවැත්වූවා. ඒ වගේම මහ මැතිවරණය, ජනාධිපතිවරණය පැවැත්වූයේ දෛවඥයන්ගේ උපදෙස් අනුවයි. අකමැතිනම් කල් දානවා. කැමතිනම් ඡන්දය ඉස්සරහට ගන්නවා. මේ වගේ තිබුණු තත්වය මහා මැතිවරණය සම්බන්ධයෙන් වෙනස් කරගැනීමට 19වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් හැකි වී තිබෙනවා. පාර්ලිමේන්තුවට තේරී පත්වී වසර හතර හමාරක් යන තුරු එය විසුරුවා හරින්න බැහැ.

පසුගිය 2015 මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයට සකස් කර තබුණේ බැසිල් රාජපක්ෂ මහත්තයාගේ ඡන්ද ක‍්‍රමයට අනුව පැවැත්වීමටයි. මේ ඡන්ද ක‍්‍රමයෙන් ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්, මහජන නියෝජිතයන්ගෙන් නිරූපනය වෙන්නේ නැහැ. ද්වී පක්ෂ ක‍්‍රමයකට සීමාවෙනවා. ඒ වගේම මැතිවරණ ක‍්‍රමයේ තාක්ෂණික දෝෂ අසූ ගණනක් තිබෙන බව මැතිවරණ කොමසාරිස්වරයා ප‍්‍රකාශ කර තිබුණා. ජනතාවට අවාසිදායක ඒ ක‍්‍රමය වෙනස් කර මනාප පොරය නැති, කොට්ඨාශයට වගකියන මන්ත‍්‍රීවරයෙක් සිටින, සමානුපාතික නියෝජන ක‍්‍රමය රැුකෙන සහ කාන්තා නියෝජනය 25%ක් වන අලූත් මැතිවරණ ක‍්‍රමයක් සියලූ පක්ෂ එක් වී සම්මත කරගත්තා. ඒ මැතිවරණය තියන්න ඉඩ නොදී කල් දාන්න මොනවා හරි ගේම් ගහනවානම් ඒ දේට ඉඩදෙන්නේ නැති බවට අපි අනතුරු අ`ගවනවා. ජනාධිපතිවරයා තමන්ගේ මැතිවරණ පොරොන්දු ඉෂ්ට කර තිබෙනවානම් තමන්ගේ ඇමතිවරුන් ශක්තිමත්ව ඡුනතාවට සේවය කර තිබෙනවානම් එම කරුණු පැහැදිලි කර මැතිවරණය දිනන්න කටයුතු කරන්න පුළුවන්. එහෙම නොකර අධිකරණය හරහා මෙවැනි ගේම් ගහනවානම් ජනතාව අතර දැනටමත් පරාද වී ඇති බව පිළිගන්න ඔවුන්ටම සිදුවෙනවා. මේ නිසා අධිකරණයෙන් ඡුන්ද අයිතිය දිනාගන්න අසීරු තත්වයක් මතුවුවහොත් ජනතාව සමග පාරට බැස ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය ජනතාවට දිනා දෙන බව අපි නැවතත් අවධාරණය කරනවා.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දුන් ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා,

අපි මේ මැතිවරණයට කල් ඇතුව සූදානම් වුණා. දිරිය පුරවැසි සමිති පිහිටුවා දිස්ත‍්‍රික් සමුළු පවත්වා දැන් ආසන මට්ටමින් සමුළු පවත්වමින් සිටිනවා. ඒ වගේ අපේක්ෂකයින් නම් කිරීමේ කටයුතු අවසන්. දැන් අපේක්ෂකයන් දැනුවත් කිරීමේ කටයුතු ක‍්‍රියාත්මක කරමින් තිබෙනවා. හොඳ අපේක්ෂක කණ්ඩායමක් අපි ඉදිරිපත් කරනවා. අනිත් ප‍්‍රක්ෂවලට ඉන්නේ හොරෙන් ගස් කැපූ, හොරෙන් පස් කැපූ, හොරෙන් ගල්කොරි දැමූ, කාන්තාවන්ට හිංසා පීඩා කළ දූෂණය කළ අධිකරණය මගින් දඬුවම්  පවා ලැබූ අයයි. අනික් අතට මහ ආණ්ඩුව මහා පරිමාණයෙන් වංචා හොරකම් සිදුකරන අතර පුංචි ආණ්ඩු කුඩා පරිමාණයෙන් වංචා හොරකම්වලට උදව් කරද්දී ජනතා විමුක්ති පෙරමුණේ මහජන නියෝජිතයන් වැටුප් පවා ලබා නොගෙන කටයුතු කිරීමේ ආදර්ශය අපි දී තිබෙනවා.

ඡන්දයකදී අධ්‍යාපන සුදුසුකම් බලන්න නීතියේ ප‍්‍රතිපාදන නැහැ. නමුත් ඒ පක්ෂවලට වගකීමත් තිබෙනවා අධ්‍යාපන සුදුසුකම් තිබෙන අය මැතිවරණවලට ඉදිරිපත් කරන්න. ඔවුන් ඒ ගැන කිසිම සැලකිල්ලක් නැතිව සල්ලි විසිකරලා ඡුන්දය ගන්න පුළුවන් අයට අපේක්ෂකත්වය දී තිබෙනවා. ඔවුන් මහජන නියෝජිතයන් වූ පසු ජනතාවගේ සම්පත් සිල්ල සූරා කමින් තරවූ ආකාරය පහුගිය කාලය පුරාම අත්දැක තිබෙනවා.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අපි මුල සිටම රටට හෙළි කළා. මේ පිටුපස සිටින මහ මොළ කාරයා අගමැතිවරයා බව කීවේ අපි. කෝප් වාර්තාවෙනුත් එය තහවුරු වුණා. හිටපු මුදල් ඇමතිවරයා රාජ්‍ය බැංකුවලට ඉතාමත් අවාසි සහගත තත්වයෙන් බැඳුම්කර සඳහා අවම ලන්සු ඉදිරිපත් කරන්න උපදෙස් දී තිබුණා. හිටපු මුදල් ඇමතිවරයා පමණක් නෙවෙයි අලි බබා සහ හොරු 40 වගේ සියලූම දෙනාගේ තොරතුරු දැන් හෙළිවෙමින් තිබෙනවා. නීතිය ඉදිරියේ තීරණය මොකක් වෙයිද කියලා අපි දන්නේ නැහැ. නමුත් මේ වංචාව සම්බන්ධයෙන් ඔය කිසිවෙකුට ගැලවෙන්න බැහැ

මෙතන තියෙන්නේ දුරකථනවලට රහසේ සවන් දීම පිළිබඳ ගැටලූවක් නෙවෙයි. පරීක්ෂණයක් පැවැත්වෙන අතර හෙළිවී තිබෙන තොරතුරු තහවුරු කරගන්න දුරකථන භාවිතා කිරීමක් සම්බන්ධවයි. අර්ජුන් ඇලෝසියස්ට කීදෙනෙක්ද කතා කර තිබෙනවාද යන්න ගැනයි මෙයින් හෙළිවී තිබෙන්නේ. රහස් පොලීසිය කොමිසමට වාර්තා කර තිබෙන්නේ අර්ජුන් ඇලෝසියස්ට කතා කළ පුද්ගලයන් සහ වාර ගණන පිළිබඳවයි. කතා කළේ මොනවාද කියන්න ඒ වාර්තාවල සඳහන් වෙන්නේ නැහැ. හැබැයි අපේ වසන්ත සහෝදරයා, මහ බැංකුව තුළ බැඳුම්කර වෙන්දේසියක් සිදුවන අතර නීතිවිරෝධීව බාහිර පාර්ශවයන් සමග කරන ලද දුරකථන සංවාද පිළිබඳ හඬ පටයක් පරීක්ෂණවලට ඉදිරිපත් කර තිබෙනවා. ඒ හඬ පටය බැඳුම්කර වෙන්දේසිය සිදුවන අතර මහ බැංකුවේ දුරකථන ස්වයංක‍්‍රීයව පටිගත කර ගන්නා නීත්‍යානුකූල ඒවායි. බැඳුම්කර වෙන්දේසියකදී තිබිය යුතු සියලූ රහස්‍ය තත්වයන් ආරක්ෂා කරගන්නයි ඒ පටිගත කිරීම් කරන්නේ. බාහිර පාර්ශ්වයක් පුද්ගලයන්ගේ දුරකථන සංවාදවලට හොරෙන් ඇහුම්කන් දීම් සහ බැඳුම්කර සම්බන්ධ දුරකථන වාර්තා කියන්නේ පැහැදිලිවම වෙනස්කම් සහිත තත්වයන් බව තේරුම්ගැනීම අවශ්‍යයි.

මෙම අවස්ථාවට ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික, නීතිඥ සුනිල් වටගල සහභාගි විය.

Leave A Reply

Your email address will not be published.