topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මිනිසා, මිනිසා අතර සතුරුභාවය ජාතිවාදී රෝගයේ ප්‍රථිපලයයි.

communalism.

නිරන්තරයෙන්ම මිනිසා, මිනිසා අතර සතුරුභාවය ඔඩු දුවමින් තිබේ. ජාතිවාදයේ රෝගය හඳුනාගන්නවා වෙනුවට නොසලකා හැරීමත්, ප්‍රතිකර්මය වෙනුවට ප්ලාස්ටර් ඇලවීමත් පමණක් කරන දේශපාලන සදාචාරයක් සහිත රාජ්‍යයක සුළු ජාතිකත්වයක් යනු නිරන්තරයෙන් අවිනිශ්චිතභාවයක් සහ බියක් සමඟ ජීවත්වන තත්වයක සිටින ප්‍රජාවකි. වරින්වර රාජ්‍යක් තුළ කෙරෙන දේශපාලන, අධ්‍යාපන, ආර්ථිකමය ප්‍රතිසංස්කරණ යනු මේ අවිනිශ්චිතභාවයත්, දුක්ඛිතභාවයත්, බිය තුරන් කිරීම සඳහා වන ක්‍රියාමාර්ග වියයුතු වන්නා සේම එය රටේ අනාගතය තීරණය කරන දිසානතියක්ද විය යුතුය.

එහෙත් ලංකාව සම්බන්ධයෙන් ගත්කළ එහි දකින්නට ලැබෙන්නේ අවරෝහණයකි. දශක ගණනාවක් පුරා දිග්ගැහුණු සහ විනාශය පමණක්ම රැගෙන ආ යුද්ධයක් අවසානයේදීවත්, නියමිත ආර්ථික, දේශපාලනමය ප්‍රතිසංස්කරණයක් කරගන්නට බැරිව සිටින දේශපාලන නායකත්වයකින් ඉන් එහාට කුමක් බලාපොරොත්තු වෙන්නද? මාවනැල්ලේදීත්, අලුත්ගමදීත්, රෝහින්ග්‍යා සරණාගත ප්‍රශ්ණයේදීත් මුස්ලිම් ජනතා විරෝධයක් පුපුරා ගිය අතර, එය විසින් ලාංකීය මුස්ලිම් ප්‍රජාව තුළ අනාගත බිය ඇති කරන්නට සමත් විය. 1947 සිට දමිළ ජනතාවට අනාගතය ගැන බියක් ඇති කරන්නට සමත් දේශපාලන ක්‍රියාමාර්ග ගණනාවක් ලාංකීය භූමිය තුළ ඇතිවූ අතර, කල්යාමේදී එය පුපුරා යන ලද්දේ මහත් විනාශයක් සමඟිනි. එකී විනාශයේ බරපතලම කොටස අත්විඳින ලද්දේ, දේශපාලකයන්, ධනපතීන්, ව්‍යවසායකයින්, ආගමික නායකයන්, නොව ඇත්ත වශයෙන්ම තමාගේ පන්ති විෂමතාව දේශපාලනිකව හඳුනා නොගත් සාමාන්‍ය ජනතාවයි. තමා මියයන්නේ, තම දේශපාලන නායකයන්ගේ ආගමික නායකයන්ගේ උන්මන්තක, බල ලෝභීකම නිසා යැයි වටහා නොගත් ජනතාවයි.

com

මුස්ලිම් ජාතිකත්වය සම්බන්ධ කාරණයේදීත් එය එසේමය. සිංහල ජාතිකත්ව සහ බෞද්ධාගමික අනත්වාදී කොටස් හා මුස්ලිම් මූලධර්මවාදී අන්තවාදී කොටස් යන දෙගොල්ලන්ගේ මත, ඒවා මෙහෙයවන දේශපාලන බලයේත් පරමාර්ථය ඔස්සේ ජාතිකත්ව සමඟිය නොවන බව ගාල්ලේ ගිංතොට නොබෝදා ඇතිවූ සිද්ධිය අධ්‍යයනය කළවිට පෙනී යයි. 20 දින ගාල්ලේ, රැස්වීමකදී පොලිස්පතිගේ දේශපාලන විවේචනය ඉතා බරපතලය. ඔහු ප්‍රකාශ කරන්නේ ගිංතොට ප්‍රදේශයේදී ආගමික නායකයන්, දේශපාලකයින් සහ පොලීසිය යන සියලු දෙනාම අසමත් යන්නය. එය ඉතා වැදගත් දේශපාලන විවේචනයක් වන්නා සේම, මේ අසමත්භාවය ඉහත කී පිරිසේ අසමත්භාවයද එසේ නැතිනම් ඉහලින් ආ අණ හෝ තමන් දරණ දේශපාලන ජාතිවාදී මතවාදය හේතුවෙන් සිදුකරන ලද සහ හිතාමතා සිදුකරන ලද අසමත්භාවයක් දැයි ප්‍රශ්න කළ යුතුව ඇත. පොලිස්පතිගේ ප්‍රකාශය අනුව වරද උක්ත පිරිස්වලට පැටවීමද දේශපාලන ක්‍රියාමාර්ගයකි. මක්නිසාද යත්, ගිංතොට සිදුවීම මුල සිට සරලව සහ සියලු සිද්ධි අහක නොදමා අධ්‍යයනය කළවිට ඒ අතුලත ඇති දේශපාලන බල උවමනාව හොඳින්ම කැපී පෙනෙයි.

පළමුව ඇතිවන්නේ, අනතුරකි. එයට වන්දි දී සමතයකට පත්වන අතර, බහින්බස්වීමක් දුරදිගගොස් පුද්ගල පහරදීමක් සිදුවෙයි. එය සමතයකට පත් නොවී දෙපාර්ශවයේ ආරක්‍ෂාවට, දේශපාලන ආගමික මැදිහත් වීමක් සිදු කරයි. මැදිහත් වී ඇති පාර්ශවය ගතකල සෘජු දේශපාලනික පුද්ගලයන්ය. අනිත් අතින් ඔවුන් ආගමික නායකයන්ය. මූලිකත්වය දැරූ එක අයෙක්වත් සාමාන්‍ය අය නොවෙති.

පළමු පුද්ගල පහර දීමට සම්බන්ධ දෙදෙනා හා නිවාසවල පහර දුන් අය පොලිස් අත්අඩංගුවේය. එය එතනින් නිමා කළ හැකිව තිබුණි. එහෙත් පොලිසියේ ආරක්‍ෂාව හා මැදිහත්වීම ලිහිල් වන්නේ පොලිසියවත් නොදැනය (පොලිස්පතිට අනුව) එහෙත් ඇත්ත වශයෙන්ම මේ ආරක්‍ෂාව ලිහිල් කළ අවස්ථාව වනවිට ගිංතොට ථූපාරාමයේ අම්බලන්ගොඩ සුමේධානන්ද හා තංගල්ලේ අනුරුද්ධ යන ආගමික නායකයන් කරමින් සිටියේ මොනවාද? ජනතාව උසිගැන්වීමක් කළ බවට සාක්ෂ්‍ය තිබිය දීත් ඒ බව පොලීසියට දැනුම් දී තිබියදීත්, එසේ පොලීසිය ආරක්‍ෂාව ලිහිල් කළේ ඇයිද යන්න දේශපාලන කාරණයකි. දේශපාලන උවමනාවකි.

gin

සිද්ධිය වූ ස්ථානයේ සිංහල සහ මුස්ලිම් පවුල් ගණනාවක් එකට ජීවත් වී සිටින අතර, සිංහල නිවාසවලට පහරදීමට එම මුස්ලිම් ප්‍රජාව වත්, මුස්ලිම් නිවාසවලට පහර දීමට එම සිංහල ප්‍රජාව වත් මැදිහත් වී නැත. පහරදීම සිදුකරන්නේ පිටස්තර බලවේග විසිනි. පිටස්තර බලවේග මෙහෙයවන්නේ, දේශපාලනික, ආගමික අතකොළු විසිනි. ඔවුන්ගේ උවමනාව ජාතික දේශපාලනයේ එකකි. එයට හොඳම සාක්ෂ්‍ය පොලිස්පතිගේ ප්‍රකාශයයි. ඔහු ප්‍රකාශ කරන්නේ සියලු දෙනා සමඟ පොලීසියේ අසමත්කමයි. ඔහු වරද පහළ ස්තරවලට දමා බේරාගන්නට හදන්නේ කවුද? ඔහු නියෝජනය කරන ජාතික දේශපාලනයේ උවමනාව පැහැදිලිය.

එක් අතකින් ගැටුමට පසුවදා බැඳුම්කර කොමිසමේ සාක්ෂ්‍ය දීමට රටේ ප්‍රභලයෙක් කැඳවා ඇත. අනිත් අතින් ඡන්දය කල්දමා ගන්නටත්, ඡන්දයේදී නාමයෝජනා ලයිස්තුවේ තමාගේ නම දමා ගන්නටත් වලිකන එකම පක්ෂයේ කියාස් හා අමිල නුවන්ය. ඔවුන් UNP සාමාජිකයන්ය. අනිත් අතින් මාදුගොඩ නම් හිටපු සභාපතිය. 1997 පොදුජන එක්සත් පෙරමුණෙන් ඡන්දය ඉල්ලූ උක්වත්ත චන්දිම හිමිය. අමිල නුවන් හා කියාස් (කයිම් හුසේන්) වජිර අබේවර්ධනගේ දේශපාලන ක්‍රියාකාරීන්ය. ගැටුමේ සෘජු වග උත්තරකරුවන් වන මාදුගොඩ යනු පොහොට්ටුවෙන් ඡන්ද ඉල්ලන්නට සිටින හිටපු සභාපතිය. මේ සියල්ලන්ගේ අරමුණ දේශපාලන එකකි.

ගැටුමට (පහරදීමට) හවුල් ජාතිවාදී බලවේගවල දේශපාලන ස්ථරයන් දෙකකි. ජාතික අරමුණුවලදී එය එකකි. එහෙත් මෙතනදී දෙකකි. කියාස් හා අමිල නුවන් එකම පක්‍ෂයෙන් සභාපති පුටුවට තරඟ කරන්නට බලාහිදී. මාදුගොඩ පොහොට්ටුවෙන් දිනන්නට බලාහිදී. දෙකක් වශයෙන් පෙනුණත් ඇත්තේ එකකි. බල අරගලයකි. දෙකක් වන්නේ තවත් විටකදීය. UNP හවුල් ආණ්ඩුවක් යටතේත් මුස්ලිම් ප්‍රජාව අනාරක්‍ෂිත බව පෙන්වන්නට මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ පිරිසට උවමනා බව පසුගිය කාලයේ ඔවුන්ගේ ප්‍රකාශවලින් කියවුණි. මෙතනදීත් UNP හවුල් ආණ්ඩුව අසාර්ථක බව පෙන්වන්නට අලුත් හේතුවක් මවා ඇත.

ඉහත සිදුවීම් සමස්තය හා අරමුණු සමස්තය ගත්විට එකතු කළ අගය වන්නේ, ජාතික දේශපාලනයේදී ජාතිවාදය ඉදිරියට තබා බලය ලබාගැනීමේ උවමනාවක් සිදුකරන ලද තවත් එක ක්‍රියාවක් පමණක් ගිංතොට දී සිදු වූවාය යන්නය. අනෙක් අතින් තවමත් ඌණ සංවර්ධිත, බහු ජාතිවාදී රාජ්‍යයක් වූ ලංකාවේ ජාතිවාදී මිලේච්ඡකම විසින් සාමාන්‍ය ජනතාව පීඩනයට පත්වෙනවාය යන්නය. ජනතාවගේ පැත්තෙන් සිදුකළ යුතු වන්නේ, තමන්ව බිලිබා ගන්නට තමන්වම ඇමයට අමුණන බලලෝභී දේශපාලකයන්, තමන්ගේ අසල්වැසියාට කරන දෙය තමන්ටද කරන්නේ යැයි තේරුම්ගෙන දේශපාලනයේදී වඩා හොඳ තීන්දුවක් ගැනීමය.

දොන් ජයකොඩි

 

 

Leave A Reply

Your email address will not be published.