topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කුරුදුවත්ත මැද්දෙත් දුප්පත් මිනිස්සු ඉන්නවා.

champika Rana

අපේ අමාත්‍යාංශයේ ප‍්‍රධාන අරමුණක් වන්නේ වරප‍්‍රසාද අඩු ජනතාවගේ ජීවන තත්වය ඉහළ දැමීම බව,  මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක පවසයි. අමාත්‍යවරයා, ඔහු මෙම අදහස් පළ කළේ, ටොරින්ටන් මාවතේ නිවාස 115 කින් සමන්විත නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටුයතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

‘කොළඹ 7 කියල ප‍්‍රසිද්ධ මේ ප‍්‍රදේශයේ, යම් ප‍්‍රමාණයකට වරප‍්‍රසාද වලින් අඩු අපේ ජනතාවට නිවාස යෝජනා ක‍්‍රමයක් මේ ස්ථානයේ ඇති කිරීමට හැකිවීම සතුටට කරුණක්. හුඟාක් දෙනෙක් විශ්වාස කළා නාගරික සංවර්ධන අධිකාරිය කරන්න යන්නේ දුප්පත් මිනිහාගේ ඉඩම් උදුරාගෙන විදේශික ධනපතියන්ට එම ඉඩම් ලබාදෙන එක කියලා. අපේ අරමුණ එය නෙමෙයි. අපේ පළවෙනි අරමුණ වරප‍්‍රසාද අඩු අපේ ජනතාවගේ ජීවන තත්වය ඉහල දැමීමයි. ඒ නිසා තමයි අපි මේ ව්‍යාපෘතිය දැන් හඳුන්වා දී තිබෙන්නේ නිවසක් සමගම ජීවිතයක් කියලා. ඒ මොකද අපට වහලක් තිබුණු පමණින් අපේ ජීවිත සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ වගේම අද මේ රට, සමාජය සීඝ‍්‍රයෙන් වෙනස්වීගෙන යනවා. ඒ වෙනස්වන සමාජයට උචිත විදිහට අපිත් වෙනස් විය යුතුයි. ඉස්සර අපේ සමාජ වෙනස් උනේ පරම්පරාවෙන් පරම්පරාවට, ඒ කියන්නේ තාත්තලාගේ ලෝකය නෙමෙයි පුත්තුන්ගේ ලෝකය. පරම්පරාවක් වෙනස් වෙන්න අවුරුදු 20 ක් 30 ක් යනවා. අද අපේ ලෝකය පරම්පරා වෙනසට වඩා සීඝ‍්‍රයෙන් වෙනස් වෙනවා. අපේ ජීවිත කාලය තුළම වෙනස් වෙනවා. තාක්ෂණයෙන්, සමාජයෙන්, දැන උගත් කමින් වෙනස් වෙනවා.

මේ කොළඹ 7 ප‍්‍රදේශ නිර්මාණය කරන්න මැදිහත් උනේ ශ‍්‍රීමත් ඔලිවර් ගුණතිලක මැතිතුමා. එතුමා 1949 විශේෂ වාස්තූ විද්‍යාඥයෙක් කොළඹට ගෙන්වලා යුද්ධයෙන් පසු කොළඹ නගරය ගොඩනැගීමට කටයුතු කලා. ඒ කාලේ තමයි වගුරු බිම් හැටියට තිබූ මෙම කොළඹ 7 කුරුඳුවත්තේ ජනාවාස ප‍්‍රදේශ බවට පත් වුණේ. ඒ කුරුඳුවත්ත මැද්දෙත් අවවරප‍්‍රසාදිත දුප්පත් ජනතාව ඉන්නවා. ඒ ජනතාවට එම ස්ථානවලම නිවාස ලබාදීමේ වැඩපිළිවෙලක් තමයිි අප මෙහි කි‍්‍රයාත්මක කරන්නේ. මේක සංවර්ධනය කළා නම් නාගරික සංවර්ධන අධිකාරියට මෙම භූමියේ පර්. 1 ලක්‍ෂ 150 කට විතර විකුණා ගන්න තිබුණා. අපි එහෙම කටයුතු කරන්නේ නැහැ. මේ පරිසරයත් සමග ජීවත් වෙන්න හැඩ ගැසී ඇති අපේ අවවරප‍්‍රසාදිත ජනතාව, කොළඹ 7 උසස් යැයි, වංශවත් යැයි පිළිගත්ත ජනතාව අතරට ඔසවා තැබීමයි අපේ බලාපොරොත්තුව. පරම්පරා වෙනසක් නැතිව එය අපේ ජීවිතකාලය තුළම තව වසර 5 කින් එම වෙනස ඔබේ ජීවිතවලට උදා වෙනවා. එය ඉටු කිරීමයි නාගරික සංවර්ධන අධිකාරියේ අරමුණ.

ඒ වගේම අපේ සියළුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා දරුවන්ගේ ලෝකය ගොඩනැගිය යුතුයි. මගේ දරුවන්ට වඩා අපේ දරුවන්ටයි අපි මේ හැමදේම කරන්නේ. එනිසා අද තිබෙන නවීන තාක්ෂණයේ උපරිම ප‍්‍රයෝජන අපි අපේ දරුවන්ට ලබාදිය යුතුයි. කොළඹ නගරයේ හොඳ පාසල් තිබෙනවා, අධ්‍යාපන, ක‍්‍රීඩා, කලාවන් මේ හැම ආකාරයකම පරිසාධන මට්ටම් ඉඩප‍්‍රස්ථා තිබෙනවා. එම ඉඩ ප‍්‍රස්ථාවලින් උපරිම ප‍්‍රයෝජන ගන්න කියා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. මොකද ලෝකය සීඝ‍්‍රයෙන් වෙනස්වී යනවා. මීට අවරුදු 10 කට කළින් අපි කවුරුවත් කල්පනා කළේ නැහැ ස්මාර්ට් ෆොන් එකක් අතට ඇවිල්ලා මේ වගේ සෙල්ලං ඒ මගින් කරගෙන යන්න පුළුවන් කියා. බැංකු ගණුදෙනු, ප‍්‍රවාහන පහසුකම්, පොත්පත් ලබාගැනීම, බඩු භාණ්ඩ ගැනීම ඇතුළු කටයුතු රාශියක් දුරකතනය මගින්ම ලබාගැනීමේ, ගෙන්වා ගැනීමේ පහසුකම දැන් තිබෙනවා. එනිසා ඔබට ඔබේ දරුවන්ට අපේ කාලයේ වගේ නෙමෙයි විශාල ව්‍යාපාරික අවස්ථා ගණනක් උදාවෙලා තිබෙනවා.

මෙයට වසර 30 – 40 කට කලින් අපි විශ්ව විද්‍යාල යන කාලේ මොරටුව විශ්ව විද්‍යාලයට පරිගණක ගෙනත් දුන්නා. ආතර් සී. ක්ලාක් මැතිතුමා, ජයවර්ධන ජනාධිපතිතුමා සහ ජපන් තානාපතිතුමා ඇවිත් තමයි පරිගණක විද්‍යාගාරය ආරම්භ කළේ. 1977 මේ රටේ පරිගණක 13 යි තිබුණේ අද තිබෙනවා ලක්‍ෂ 300 කට වැඩිය. මේ දුරකතන සියල්ලම පරිගණක තමයි. මහා වෙනසක් ඇතිවෙලා තිබෙනවා. එම වෙනසට අපි ඉඩ දිය යුතුයි. පරම්පරා වෙනසට එහායින් ගිය තාක්ෂණික සමාජ වෙනසක් ඇතිවී තිබෙනවා. ඒ නිසා ත‍්‍රීවිල් කාරයෝ, පේව්මන්ට් කාරයෝ, ගෙවල්වල වැඩකාරයෝ බිහි කරන තැනක් නොව අලූත් තාක්ෂණ ලෝකය ජයගත හැකි, කොළඹ 7 ටත් උඩින් සිටිය හැකි තැනක් බවට මේ ස්ථානය පරිවර්ථනය කළ යුතුයි. සෑම දෙමාපියෙක්ම අධිෂ්ඨාන කර ගත යුතුයි අපට අතපසු වූ, අපට වැරදුණු තැන් අපේ දරුවන්ට, දරුවන්ගේ දරුවන්ට එම අතපසුවීම්, වැරදි සිදුනොවන තැනට අපි මේ සමාජය ඔසවා තැබිය යුතු බවට. ඒ සඳහා තමයි අපි මේ දායක වී තිබෙන්නේ. එම ශක්තිය දෑතට ගෙන  අලූත් පරම්පරාවක් මෙයින් බිහි වී පරණ අතීතයට ආයුබෝවන් කියමින් නව යුගයකට, නව රටකට ඔබ එළඹේවා කියා ප‍්‍රාර්ථනා කරනවා’ යයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.